|
||||
අන්ස්ටොපබල් ටොප් ගන් වැනි චිත්‍රපට තැනූ ටෝනි ස්කොට් දිවි නසා ගනී
එයින් වැඩිමහල්ලා තමයි රිඩ්ලි ස්කොට් (ඒලියන්, ග්ලැඩියේටර්). අද මේ කුඩා ලිපිය තුළින් කතාබහට ලක් කෙරෙන්නේ ඔහුගේ බාල සොහොයුරා. ඔහු තම අයියාටත් වඩා ජනප්‍රිය සංස්කෘතිය තුළ බැබළෙන නමක් ඇති කරගන්නට සමත් වුණේ අතිශය ජනප්‍රිය සාර්ථක හොලිවුඩ් චිත්‍රපට ගොන්නක්ම නිර්මාණය කිරීමට දායක වීමෙන්. ඔහු තමා ටෝනි ස්කොට්. ටෝනි ස්කොට් විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුනු චිත්‍රපට එකතුව ගැන කෙටි මතක් කිරීමක් කළොත්, ඒවා නම්,
* ද හන්ගර් (1983) * ටොප් ගන් (1986) * බෙවර්ලි හිල්ස් කෝප් ධ්ධ් (1987) * රිවේන්ජ් (1990) * ඩේස් ඔෆ් තන්ඩර් (1990)
* ද ලාස්ට් බෝයි ස්කවුට් (1991) * තෲ රොමැන්ස් (1993) * ක්රිමිසන් ටයිඩ් (1995) * ද ෆෑන් (1996) * එනමි ඔෆ් ද ස්ටේට් (1998) * ස්පයි ගේම් (2001) * මෑන් ඔන් ෆයර් (2004) * ඩොමිනෝ (2005) * ඩේජා වූ (2006) * ද ටේකිං ඔෆ් පෙල්හැම් 123 (2009) * අන්ස්ටොපබල් (2010)
මේ චිත්‍රපට එකතුව ලොව පුරා ඇ. ඩොලර් බිලියන 2 කට වැඩි ආදායමක් උපයා ගැනීමට සමත් වූයේ ටෝනි ස්කෝට් හොලිවුඩ් හි සාර්ථක, ජනප්‍රිය අධ්යක්ෂවරයකු බවට ස්ථාපිත කරමින්. නමුත් අවාසනාවන්ත ලෙස අද දිනයේ අපට ඔහු මතකයට නැගෙන්නේ මේ සිනමා නිර්මාණ පමණක් නිසාම නොවෙයි. පසුගිය ඉරිදා ඇමරිකාවේ කැලිෆෝර්නියා ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවරට යාබද සැන් පෙඩ්රෝ නම් වරාය අසල වින්සන්ට් තෝමස් නම් පාලම උඩින් පැසිෆික් සාගරයට පැන්න ටෝනි ස්කොට් තම
දිවි නසා ගත්තා. ඔහුගේ ටෝයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථය පාලම අසල නවත්වා තිබූ අතර, එහි ඔහුගේ පවුලේ අයට ඇමතීමේ තොරතුරු සහ ඔවුන්ට ලියා තිබූ අවසන් ලියුම් සොයා ගැනීමට ලොස් ඇන්ජලීස් පොලීසියට හැකි වුණා. ටෝනි ස්කොට් ගේ හදිසි මරණයත් සමඟ එයට හේතු වූ කරුණු එකිනෙක නොයෙක් මාධ්‍ය අතරින් මතු වුණා. එයින් වඩාත්ම සලිත කරවන කරුණ වුූයේ ඔහු සුව කළ නොහැකි මොළයේ පිළිකාවකින් පීඩා විඳි බවයි. නමුත් ටෝනිගේ පවුලේ අයට අනුව නම් ඔහුට මොනම පිලිකාවක්වත් වැලඳී තිබුණේ නැහැ. ඔහුගේ වැන්දඹු බිරිද ඩෝනා රහස් පරීක්ෂකයින්ට පැවසූයේ එය අමූලික බොරුවක් බවයි. එංගලන්තයේ නෝර්ත් ෂීල්ඩ්ස් හි උපත ලැබූ ටෝනි ඔහුගේ වැඩිමහලු සොයුරා රිඩ්ලි ස්කොට් ගේ අඩි පාරේ යමින් කලාව පිළිබඳ උපාධියක් ලබාගත් නමුදු ඔහුට අවශ්‍ය වූයේ චිත්‍ර ශිල්පියකු වීමටයි. ඒ වන විට රිඩ්ලි ඉතාමත් සාර්ථක වෙළඳ දැන්වීම් නිර්මාණය කරන්නකු ලෙස තමන්ගේම ආයතනයක් පවත්වාගෙන යමින් සිටියා. ඔහුගේ ආරාධනාව මත එයට එකතු වීමෙන් තමයි ටෝනි ස්කොට් සිනමාව දෙසට යෙමු වුණේ. රිඩ්ලි ස්කොට් තම සොයුරාගේ ඒ අතීතය ගැන මෙසේ කීවා. ටෝනිට ඕන වුණේ වාර්තා චිත්‍රපට කරන්න. නමුත් මං කිව්වා බීබීසී එකට යන්න එපා, මුලින් මං ළඟට එන්න කියලා. ඔහු එහි රැකියාවට යන්න සූදානම් වුණේ වසරකින් රථයක් මිලදී ගන්න. මං දැනගෙන හිටියා ඔහු කාර්වලට ආස බව. මං කිව්වා ඇවිත් මාත් එක්ක වැඩ කරන්න, අවුරුද්දක් ඇතුළත ඔබට ෆෙරාරි රථයක් මිලදී ගන්නට පුළුවන් වෙයි කියලා. ඇත්තටම අවුරුද්දකින් ඔහු ෆෙරාරි රථයක් මිලදී ගත්තා.
එදා ඒ හොලිවුඩ් පුරයට ආ ගමන අවුරුදු 32 කට පසු තමාට වාසනාව ගෙන ආ එම පුරයෙන්ම නිමාවේ යයි ටෝනි සිහිනෙකින්වත් සිතන්නට නැහැ. තම මරණයත් තමාගේ අබිරහස් ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපට කතාවල දර්ශනයක් පරිද්දෙන්ම වැලඳගත් ටෝනි නැති අඩුව ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන රසිකයින්ට තවත් සෑහෙන කාලයක් තුළට දැනේවි. සිව් වතාවක් විවාහ වී සිටි ටෝනි දෙදරු පියෙකි. සිය බාල සොහොයුරාගේ මරණයෙන් කම්පාවට පත් වැඩිමහල් සොහොයුරු රිඩ්ලි වහාම විශේෂ ගුවන් යානයකින් බ්‍රිතාන්‍යයේ සිට අමෙරිකාවට පැමිණියේය.
|
||||