|
අර්ජුන්ගෙන් අහන්න
ආර්. ඒ. අමරසිංහ – කැලණිය එතුමන් ලියූ ‘මාහේනේ රීරියකා’ කතාව සිනමාවට නැගුවා.
අපේ සමහර නළු නිළියන් රසිකයින්ගේ ඇමතුම් නිසාම ජංගම දුරකථන අංක මාරු කරනවාලු. ඔච්චර ආඩම්බර බල බලා මේ අය පස්සෙන් යන්නේ ඇයි? මල්ලිකා රූපසිංහ – ගනේමුල්ල තියෙන මෝඩකම නිසානේ මල්ලිකා.
අසීමිත බොදු ගී ප්‍රමාණයක් ගැයූ බෙග් මාස්ටර්ගේ නමින් කොළඹ මාවතක් නම් කළොත් නරකද? චාමර ප්‍රේමනාත් විජේසිංහ කොච්චර හොඳද. පාරක් හොයලා බලලා නම් කරන්නකෝ.
‘අම්මේ මට සමාවෙන්න’ චිත්‍රපටයේ රඟපෑ අනුෂ්කා මැදිවක දැන් නිහඬ ඇයි? ඇය විදේශගත වෙලාද? කරුණාදාස - යාලගම ඇය දැන් සිනමාවෙන් ඉවත් වෙලා කරු. හැබැයි දන්න හැටියට නම් විදේශගත වෙලා නැහැ. චිත්‍රපට අධ්‍යක්ෂ, නිෂ්පාදක ජෝ දේව් ආනන්ද් තවමත් ජීවතුන් අතරද? නැත්නම් විදේශගත වෙලාද? සුදත් නිශාන්ත – මීගමුව එතුමන් හොඳින් කැනඩාවේ ජීවත් වෙනවා. එතුමාගේ උපන් දිනෙත් මේ මාසයේනේ සුදත්. සනත් ගුණතිලක හා සනත් විමලසිරි රංගනයෙන් හැඩ කළ ‘හෙල ළඟ තැන්න’ චිත්‍රපටය වැඩ අවසන්ව වසර ගණනක් ගත වුණත් තිරගතනොකරන්නේ මන්ද? කරූ මන්දාවල – නාත්තන්ඩිය කාරණය කුමක් ද කියා නම් දන්නේ නැහැ. හැබැයි තවම තිරගත වූයේ නම් නැහැ.
මම සතිපතා සරසවිය කියවමි. නමුත් මාගේ ප්‍රශ්නවලට ‘අර්ජුන්’ පිළිතුරු නොදෙන්නේ ඇයි? මනහර මහින්ද – වෑකඩ
ප්‍රශ්නය පැහැදිලි අත් අකුරින් ලියා අහන්නකෝ. උත්තර දෙන්නම්.
පසුගියදා අප අතරින් සමුගත් ඉන්දිය සුපිරි නළු රාජෙෂ් ඛන්නා කලාකරුවාණන් ලංකාවේ සංචාරය කර තිබෙනවාද? තිබේ නම් එහි ඡායාරූපයක් පළ කරන්න. අජිත් ලක්මාල් - මීගමුව ඔහු ලංකාවට ඇවිත් නැහැ අජිත්.
පරසතුමල් ටෙලි නාට්‍යයකට නැගීම අනුමත කරනවාද? ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූව පරසතු මල් නොවේ, කුමන හෝ නිර්මාණයක් නැවත නිර්මාණය කිරීමට, නිර්මාණකරුවකුට ඇති නිදහසට මම බාධා කරන්නේ නැහැ. හැබැයි මේ අලුත් නිර්මාණකරුවන් අතින් එහි පළමු කෘතියට අසාධාරණයක් නොකිරීමේ වගකීම ඔවුන්ට පෞද්ගලිකව පැවරෙනවා. එමෙන්ම ලාභ ජනප්‍රියත්වය උදෙසා එම කෘති භාවිත කරන්නේ නම් එය බරපතල වැරැද්දක්.
නියෝජ්‍ය කර්තෘ, උප කර්තෘ සහ සම කර්තෘ අතරින් ජ්‍යෙෂ්ඨතමයා කවුද? ඩඩ්ලි ගෝමස් - කටුබැද්ද සම කර්තෘ. ලාල් වීරසිංහ සහ දිල්හානි අශෝකමාලා රඟපෑ ‘වැඩ බැරි නම් වැඩක් නෑ’ චිත්‍රපටයේ ඩී. වී. ඩී. පටය ලබා ගත හැකිද? පාලිත කුමාරසිංහ – ගඩලාදෙණිය මා දන්නා තරමින් නැහැ.
‘දොස්තර’ චිත්‍රපටයේ එඩී ජයමාන්න සමඟ රඟන හින්දි සිනමාවේ විකට නළු භගවාන් ජීවතුන් අතර සිටියිද? විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස් නැහැ. ඔහු මීට වසර කිහිපයකට පෙර මිය ගියා.
සිංහල සිනමාවේ අඩුම දින ගණනක් තිරගත වූ චිත්‍රපටය ‘ඇස් ඉදිරිපිට ද?’, ‘අමරණීය ආදරේද’? කරුණාරත්න – නාත්තන්ඩිය අඩුම දින ගණනක් තිරගත වූයේ ‘වැහිලිහිණි’චිත්‍රපටයයි. ඔය එකක්වත් නොවේ.
ඩබ්. ලෙනාඩ් ප්‍රනාන්දු – දූනගහ ඔහු මෙරට සංගීත ක්ෂේත්‍රයේ අතිශයින් විශිෂ්ට සංගීත අධ්‍යක්ෂවරයකු වුවත්, චිත්‍රපට සංගීතයේදී ඔහුට ඒ සඳහා ලැබුණු ඉඩකඩ අල්ප බවයි මගේ හැඟීම. සිකුරුලියා හා අපේක්ෂා යන චිත්‍රපටවල එන ජනප්‍රිය චිත්‍රපට සංගීතය හැරුණාම චිත්‍රපට සංගීතයේදී ඔහුට වැදගත් කාර්යයක් කරන්නට අවස්ථාව නොලැබුණු තරම්. යම් හෙයකින් ඔහු චිත්‍රපට සංගීතයේ වැඩිදුර යෙදුනා නම් මෙතෙක් බිහි වූ ජනප්‍රිය තනු අභිබවා ගිය චිත්‍රපට පසුබිම් සංගීත අධ්‍යක්ෂවරයකු වන්නට ඔහුට හැකියාව තිබුණා. අවාසනාවට ඔහු ඊට පෙර ජීවිතයෙන් සමුගත්තා.
තිලකරත්න විල්වල – කෑගල්ල ඔව් තිලකේ. ඔහු දැන් සිනමාවෙන් සමු අරගෙන. වර්තමානයේ ඔහු ශෂි විජේන්ද්‍ර නමවත් භාවිත කරන්නේ නැහැ. දැන් ඔහු හඳුන්වනුයේ හනීපා මොහමඩ් නමින්.
සුනිල් චන්ද්‍රසේකර - කොටුගොඩ ඔව්. චිත්‍රපට කිහිපයකම යුග ගීත ගායනා කර තිබෙනවා. අනූෂා චිත්‍රපටයේ ‘සරා සිහින රේඛා’ ඉන් එකක්.
සුජීවා - මාතර ප්‍රින්ස්ගේ දුරකථන අංක – 0777-576128, 0912291830.
|