|
||||
විරාගය මඩොල් දූව හෙට එළි දකී
එළඹෙන සිකුරාදාවේ එනම් හෙට (24) සවස කොළඹ හත ජාතික පුස්තකාල සහ ප්රලේඛන සේවා මණ්ඩල ශ්රවණාගාරයේදී නිකුත් වනු ඇත. මහාචාර්ය ජේ. බී. දිසානායකයන් මුලසුන හොබවන මෙහි දෙසුම් සනත් ගුණතිලක, නුවන් නයනජිත්කුමාර, ආචාර්ය සඳගෝමි කෝපරහේවා, ටොරානා මූවිස් අධිපති කුමාර් කොතලාවල යන මහත්වරුන් විසින් පවත්වනු ලබනු ඇත.
විරාගය 1989 වසරේ තිරගත වු අතර එය ආචාර්ය තිස්ස අබේසේකරගේ චිත්රපටයකි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මඩොල් දූව 1976 වසරේ තිරගත වූවකි.
රොජර් ඓතිහාසික චරිත දෙකකට පණ පොවයි
පොදු ජන හදවතෙහි සදා ජීවමාන මොනරවිල කැප්පෙටිපොලගේ තේජාන්විත චරිතය ඉන් එකකි. එනමින් යුත් මෙම චිත්රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ රොජර්ය. ලබන වසරේ ජනවාරි පළමු දින හෝ පෙබරවාරි 04 වැනිදාට යෙදෙන ජාතික නිදහස් දිනයේ කොළඹ නිදහස් චත්රරශ්ර පරිශ්රයේදී මෙහි මුහුරත් උළෙල අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට සැළසුම් කර ඇත. රොජර් රඟපෑමට නියමිත සෙසු චරිතය වන්නේ 1848 වසරේ ඇති වූ සිංහලේ අවසන් කැරැල්ලට ජීවය දුන් කුඩාපොල හාමුදුරුවන්ගේ භූමිකාවයි. මේ චිත්රපට ද්විත්වය සඳහා මෙතෙක් සිංහල චිත්රපටයක රඟපෑ විශාලතම නළු නිළි පිරිසකගේ දායකත්වය ලැබෙනු ඇත. එම පිරිස පණස් දහසක් පමණ වෙනු ඇතැයි නිගමනය කර තිබේ. අපේ සිනමා වංශයට නුදුරු අනාගතයේදී එක්වන මෙම දැවැන්ත චිත්රපට දෙකෙහිම නිෂ්පාදකවරයා වන්නේ ද රොජර් සෙනෙවිරත්න වීම තවත් විශේෂත්වයකි.
|
||||