|
හද රැඳි දානමය පුණ්යකර්මයක්සෑම ඉරිදාම සවස 5.30 ට ජාතික නාලිකාවෙන් විකාශය වන හද රැඳි ගී වැඩසටහන් නිෂ්පාදන කණ්ඩායම එන සෙනසුරදාවේ මත්තේගොඩ තුසිත වැඩිහිටි නිවාසයට යනවා. ඒ දානමය පුණ්‍යකර්මයක් සඳහා. මේ කටයුත්ත වෙනුවෙන් ගායික ගායිකාවන් කිහිප පොළක් ද සහභාගි වීමට නියමිතයි. ඉන් අනතුරුව ඔවුන්ගේ දායකත්වයෙන් කෙටි පැදුරු සාජ්ජයක් ද සංවිධානය කොට තිබෙනවා. එන ඉරු දින විකාශය වනුයේ හද රැඳි ගී වැඩ සටහනෙහි දසවැන්නයි. මෙහි සම නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය බී. සිරිතුංග පෙරේරාගෙන්. ගායන ශිල්පින් සම්බන්ධීකරණය මහේෂ් ජයසිංහ විසින් සිදු කරනවා. නිෂ්පාදන විධායක කිත්සිරි හේවගමගේයි. අශෝකා විජේසිංහ රංගන ශිල්පීන්ගේ සම්බන්ධිකරණයෙන් එකතු වනවා.
ගායක ගායිකාවන්ටත් හැඳුනුම්පතක්ගායක ගායිකා සංගමයේ නව සභාපති මධුමාධව
එමෙන්ම වත්මනෙහි අයුතු ලෙස සිදුවන ගීත මංකොල්ලය නැවැත්වීමට නව වැඩ පිළිවලක් සකස් කරන බව ඔහු වැඩිදුරටත් පැවැසීය. ඔහු මෙසේ අදහස් ප්‍රකාශ කළේ නව සභාපති වශයෙන් පත්වීමෙන් අනතුරුවයි. ගායක ගායිකා සංගමයේ නව සාමාජිකයන් මෙලෙස පත්විණ. උප සභාපති – කීර්ති පැස්කුවල්, මයිකල් පෙරේරා ලේකම් – උපාලි පෙරේරා සංවිධායක – අමල් පෙරේරා භාණ්ඩාගාරික - සුසිල් ප්‍රනාන්දු නව පරපුර සම්බන්ධකරණ නිලධාරි – දමිත් අසංක සම සංවිධායක - රෝහණ බෝගොඩ , ලලිත් පොන්නම්පෙරුම මාධ්‍ය සම්බන්ධීකරණ - සමන් ද සිල්වා, ප්‍රියනාත් රත්නායක අහුබුදු ගුණ සැමරුම
අගමැති දි. මු. ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහ නිකායේ අනු නායක බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද ගරු හිමිපාණන් මුලසුන හොබවන මේ උළෙලෙහි පිළිගැනීමේ දෙසුම අරිසෙන් අහුබුදු පදනමේ සභාපති ආචාර්ය අධිනීතිඥ හරිශ්චන්ද්‍ර විජේතුංගයන්ගෙනි. මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය ජේ. ආර්. පී. සුරියප්පෙරුම යන අය විසින් සෙසු දෙසුම් පවත්වන අතර මේ අතරතුරදී අරිසෙන් අහුබුදු පොත් එළි දැක්මක් සහ අරිසෙන් අහුබුදු සමරු සිසුවර පිරිනැමීමක්ද සිදු කරනු ලබයි. මෙය අරිසෙන් අහුබුදු පදනමෙහි සංවිධාන කාර්යයකි.
|