|
‘අසම්මතය හා සම්මතය’ මංගල දර්ශනය 19 දා ජෝන් ද සිල්වා රඟහලේ
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ පනස් හත්වැනි අනුස්මරණය වෙනුවෙන් පැවැත්වෙන මෙම විශේෂ වැඩසටහනේදී පස්වරු 3.00 ට එම සුප්‍රකට නාට්‍යවේදියාගේ ඡායාරූපයට මල්මාලා පැළඳවීම සිදු කරනු ලබයි. ‘බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් මාක්ස්වාදියෙක් ලෙස’ නම් මාතෘකාව යටතේ මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි හා බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ‘ජාතිවාදයට සහ යුදවාදයට එරෙහිව’ යන මාතෘකාව ඔස්සේ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු යන මහත්වරු පවත්වන්නා වූ දේශනයන්ට විශේෂත්වයක් හිමිවේ. ‘අසම්මතය හා සම්මතය’ උපදේශ වේදිකා නාට්‍යය රඟ දැක්වෙන්නේ පස්වරු 4.30 ටය. එහි අනෝමා ජනාදරී, ඇන්ඩෘ ජයමාන්න, මධු සංජීව, චතුරංග ජයනාත්, විරාජ් පවුරාන්, රාහුල තිනෙත් යන රංගන ශිල්පිනියන් හා ශිල්පීන් රංගනයෙන් දායක වේ. සංගීතයෙන් අසංග පෙරේරා, පසුතල නිර්මාණයෙන් ලයනල් බෙන්තරගේ, ආලෝකකරණයෙන් නිමල්, අංග රචනයෙන් නිලන්ති අබේසිංහ යන ශිල්පීහු මෙම පරිවර්තන නාට්‍ය සඳහා සහාය වෙති. පරිවර්තනය ආචාර්ය මයිකල් ප්‍රනාන්දු හා ධර්මජිත් පුනර්ජීව විසිනි.
නාට්‍යය කිහිපයකට රංගන වරම්සම්මුඛ පරීක්ෂණ අනුරපුරේදී2004 වසරෙහි හොඳම ළමා නාට්‍ය ලෙස සම්මාන ලැබූ සුමිත් සමරසිංහගේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිර්මාණ කිහිපයක් සඳහා සම්මුඛ පරීක්ෂණ මේ මස 18 වැනිදා පෙ. ව. 9.00 සිට පස්වරු 3.00 දක්වා අනුරාධපුර රජරට සංස්කෘතික රංග සේනා සංස්කෘතික පදනමේදී පැවැත්වේ. 2004 දී සම්මාන ලැබූ ‘හොරු ඇවිල්ලා’ වේදිකා නාට්‍යයට හා ‘කුවේර වරම’ නම් දිගු නාට්‍ය සඳහාත් ‘රුක්මල් පිපිලා’ නම් ටෙලි චිත්‍රපටය සඳහාත් වයස් සීමාවක් නොමැතිව රංගන ශිල්පීන් හා ශිල්පිනියන් බඳවා ගැනේ. තෝරා ගන්නා සැමට නොමිලේ නාට්‍ය වැඩමුළුවක් ද පැවැත්වේ.
වසන්ත නමස්කාරගේ දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය 15 – 30 දක්වාවසන්ත නමස්කාරගේ ‘මානව රූපයේ අභ්‍යන්තරය’ නම් එකසිය අට වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය මෙම මස 15 වැනිදා සිට 30 වැනිදා දක්වා මහනුවර අම්පිටිය ජෙම්සන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති දෘෂ්‍ය කලාගාරයේදී පැවැත්වේ.
දොරට වැඩුම්
තලතා විදානගමගේ ලියූ ‘දියණිය’ නම් අලුත්ම නවකතාව පසුගියදා දොරට වැඩිණ. සමාජ අසාධාරණයන් අභිමුව දිරියෙන් නැඟී සිටින්නා වූ යුවතියකගේ ජයග්‍රහණයේ සලකුණ කතුවරිය ‘දියණිය’ කෘතියෙන් පාඨකයාට ගෙන හැර පායි.
|