|
අපේ සංගීත කණ්ඩායම වෙනස්
රිවර්ස් සමඟ නව ගමනක් යන බුද්ධික
ඒ වගේම දෑකැති මුවහත, ගං දෑල නිසලයි, ජීවිත රෝදේ වැනි ටෙලි නාට්‍ය පුංචි තිරයේදී ඔහුට විශේෂ වුණා. ඒ වගේමයි ලෝක වාර්තා පිහිටුවන එකත් ඔහුගේ විනෝදාංශයක්. බුද්ධිකගේ ලෝක වාර්තා නිසාවෙනුත් අද ඔහු ප්‍රේක්ෂක අවධානය දිනා ගන්නට සමත් වෙලා. මේ හැමදේම අතරතුර බුද්ධික අලුත් වැඩක් පටන් අරගෙන. ඒ සංගීත අංශයෙන්. අපි ඒ ගැන ඔහුගෙන්ම අහමු. බුද්ධික මොකක්ද මේ අලුත්ම ආරංචිය? මම නවතම සංගිත කණ්ඩායමක් ආරම්භ කළා. එහි නම තමයි රිවර්ස්. මේ තුළින් ජනතාවට සංගීත ක්ෂේත්‍රයේ නවතම අත්දැකිමක් ලබා දෙන්නට අප සූදානම්. මේ අනුව අපි බිස්කට් කුඩු සංගීතයට තිත තියනවා. සුවිශේෂ දක්ෂතා තියෙන සගයන් කණ්ඩායමක් සමඟින් මිනිසුන්ට විඳින්න පුළුවන් සංගීතයක් ලබා දීම තමයි මෙහි අරමුණ. මේ සඳහා රිවර්ස් කියල නම දාන්නත් විශේෂ හේතුවක් තියෙනවද? ඔව්. එය වර්තමානයෙන් අතීතයට ගමන් කිරීමක්. අප සංගීත කණ්ඩායම 70 දශකයට සමීපයි. 70 දශකය තමයි ගොඩක් අයට සංගීතය සමීප වුණ කාලය. අදටත් බොහෝ දෙනා 70 දශකයේ සංගීතයට බොහෝ ලැදියාවක් දක්වනවා. රිවර්ස් සංගීත කණ්ඩායම 70 දශකයට විතරක් සීමා වෙනවාද? නැහැ. එහෙම සීමා කිරීමක් නැහැ. අපි සහභාගි වන අවස්ථාව අනුව ඔවුන්ගේ ඉල්ලීම් සලකමින් සංගීත ස්වර හත ඇතුළත තියෙන ඕනෑම දෙයක් ලබා දෙන්නට සූදානම්. ඒ අනුව දේශීය, බටහිර වැනි ඕනෑම ශෛලියක සංගීතයක් සැපයීමට අප සූදානම්. විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ අප සංගීත කණ්ඩායමේ සාමාජිකයන් හත් දෙනකුට සංගීත භණ්ඩ 42 ක් වාදය කිරීමේ හැකියාව තියෙනවා. ඔවුන් ගැනත් අපි සඳහන් කරමු? මුලින්ම කියන්න කැමැතියි ශිරාන් ගැන. එකවර ට්‍රම්පට් දෙකක් වාදනය කිරීමේ හැකියාව ඔහුට තියෙනවා. ඩ්‍රම්ස් වාදනය කරන්නේ සුරේෂ්. රිදම් ගිටාර් වාදය කරන්නේ ධනුෂ්ක. මොවුන් දෙදෙනාම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන්. කී බෝඩ් වාදනය කරන නිලන්ත, ප්‍රේමසිරි කේමදාස මාස්ටර් යටතේ සංගීතය හැදෑරූ එතුමාගේ හොඳම ගෝලයෙක්. ලීඩ් ගිටාර් වාදනය කරන චමින්ද මෙරට ප්‍රධාන සංගීත කණ්ඩායමක අවුරුදු 16 ක් කටයුතු කරලා තියෙනවා. වයලින් වාදනය කළිඳුගෙන්. ඔහු ආනන්ද විද්‍යාලයේ සංගීත කණ්ඩායමේ කටයුතු කරල අද වන විට එහි උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනවා. බේස් ගිටාරය වාදනය කරන මුදිත ලංකාවේ බේස් ගිටාර් වාදනය කරන ලාබාලතම ශිල්පියා. බටනලා වාදනය අනුරගෙන් වගේම ඉන්දික රත්නායක තමයි ප්‍රධාන ගායන ශිල්පියා වශයෙන් කටයුතු කරන්නේ.
මේ වන විට සංගීත කණ්ඩායමට ලැබෙන ප්‍රතිචාර මොන වගේද? ගොඩක් ඉහළ ප්‍රතිචාර මේ වන විටත් ලැබී තියෙනවා. රූපවාහිනී නාලිකාවලින් අපට වැඩි ඉල්ලුමක් තියෙනවා. සංගීත කටයුතුත් එක්ක බුද්ධික රංගනයෙන් ඈත් වෙලාද? මම රංගනයෙන් ඈත් වෙලා නැහැ. ඈත් වෙන්නෙත් නැහැ. රංගනයට මම දේවත්වයෙන් සලකනවා. ඒ වගේමයි සංගීතයටත් මගේ ජීවිතයේ ඉහළ තැනක් ලබා දී තියෙනවා. මේ හැම දේම කාලය බෙදා වෙන් කර ගෙන කරගෙන යනවා. සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු සමඟින් ඉදිරියේදී ටෙලි නාට්‍යයකට වගේම චිත්‍රපටයකටත් රංගනයෙන් දායක වෙන්නට නියමිතව තියෙනවා. කලා ක්ෂේත්‍රයට අමතරව යළිත් ලෝක වාර්තාවක් පිහිටුවන්න බලාපොරොත්තුවක් නැද්ද? එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. මගේ පළමු ලෝක වාර්තාව පිහිටු වූයේ 2007 වසරේදී. දෙවැනි එක 2010 දී. ඊළඟ වාර්තාව පිහිටුවන්න තියෙන්නේ 2013 වසරේදී. එහිදී 18 වංගුව කාර් එකක් කකුල් දෙකෙන් පමණක් පිටුපසට ධාවනය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ ප්‍රේක්ෂකයන්ට කියන්නේ? රංගන කටයුතු වගේම සංගීත ක්ෂේත්‍රය තුළ තැබූ මේ පියවර සාර්ථකව ඉදිරියට ගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා. මේ තුළ හොඳ වගේම නරක අඩුපාඩුත් තියෙන්න පුළුවන්. 0777667970 දුරකථන අංකය ඔස්සේ මගේ ආදරණීය රසිකයන්ගේ ප්‍රතිචාර දැනගන්න මම කැමැතියි.
|