|
සෙනසුරු මාරුව කලාවට කොහොමදරංගන ශිල්පි සරත්චන්ද්‍ර බෝතලාගේ ගේ අනාවැකි
* නවක කලාකරුවන්ට හොඳයි * කලාවේ අභිවෘද්ධියට රාජ්‍ය ආධාර * කලා තරු ජනතාව අතරේ බැබළෙන යුගයක් * ලග්න පහකට ඉතා ශුභයි පසුගිය දවසක මේ රංගන ශිල්පියා අපට හමුවුණා. සෙනසුරු මාරුවත් එක්ක හමුවීම නිසාම අපි කලා කටයුතු කතාබහ කරන අතරේ සෙනසුරු මාරුව’ කලාවට කොහොමද කියලත් අපි ඔහුගෙන් ඇහුවා. මේ ඔහු සෙනසුරු මාරුව කලාවට බලපාන හැටි කී අන්දමයි. සෙනසුරු ග්‍රහයා 2012 අගෝස්තු මස 04 වැනි ශනි දින සිකුරුට හිමි තුලා රාශියට ප්‍රවිෂ්ට විය. තුලා රාශිය සෙනසුරුට උච්ච රාශියයි. මෙසේ බලවත් වූ සෙනසුරු ග්‍රහයා 2014 නොවැම්බර් මස 02 වනදා තෙක්ම බලවත් වී වැජඹෙයි. ලංකා කේන්ද්‍රයේ අධිපතියා සෙනසුරු වන අතර ලග්නයෙන් නවවැන්න වන භාග්‍යස්ථානයේ උච්චවීම ප්‍රබල පිහිටීමකි. මෙම තත්ත්වය ඇති වන්නේ අවුරුදු තිහකට වරක් පමණි. මේ අතර මෙම මස 16 වන ගුරු දින ග්‍රහ මඩුල්ලේ බලවතා වන රවි ග්‍රහයා තම ස්වක්ෂත්‍ර රාශිය වන සිංහ රාශියට පිවිසෙයි. ඥාණ කාරක ග්‍රහයා වන ග්‍රහ මඩුල්ලේ සුරතලා ලෙස හඳුන්වන බුධ ග්‍රහයාගේ රාශිය තුළ සුකුමාල කලාවට අධිපති සිකුරු 2012 සැප්තැම්බර් 01 වනදා තෙක් සැරිසරයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකා කේන්ද්‍රයේ බලවත්වීමක් ඇතිවන අතර කලාවට අධිපති සිකුරු ත්‍රිකෝණ බලසහිතව සිටිමින් තම වාසස්ථානය දැකීම ලංකාව තුළ කලා ක්ෂේත්‍රයේ නව ප්‍රබෝධයක් ඇති කරයි. සිකුරු ලෞකික සැප සම්පත් දෙන ග්‍රහයෙකි. බුධගේ රාශිගත වී බලවත් වීම මත අප රට තුළ නව කලා නිර්මාණ බිහිවන කාලයකි. තවද සියලු කලා ශිල්පීන්ගේ බලාපොරොත්තු ඉටුවන කාලයකි. අප රට තුළින් බිහිවන හොඳ කලා නිර්මාණවලට ජාත්‍යන්තර ප්‍රසාදය හිමිවන බව කිව හැකිය. සහජ කලා කුසලතාවයන් හිමි තරුණ තරුණියන්ට තම හැකියාවන් තුළින් ජනප්‍රිය වීමට සුදුසු කාලය එළැඹී ඇත. කලා ශිල්පීන්ගේ ප්‍රශ්න කෙරෙහි රජයේ මැති ඇමතිවරුන්ගේ අවධානය යොමු වේ. එමගින් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුවන අතර ගේදොර ඉඩකඩම් යාන වාහන ලැබීමට භාග්‍ය උදා කරයි.ප්‍රවීණ කලා ශිල්පීන් සමඟ ජනතාවගේ මිත්‍රත්වය ගොඩ නැඟෙයි. ඔවුන් ජනතාගේ ප්‍රසාදයට ලක් වෙති.
මුතු කිරිල්ලි තුළින් රංගනයට පිවිස ඡ්‍යොතිෂවේදියා මුතු කිරිල්ලි අනුපම ගැන සමාධිගෙ හිතේ තිබෙන ආදරය වෙනස් කරන්න වැන්දබෝනගේ කීම අහලා සමාධිගේ විවාහය ප්‍රේම සබඳතාවයකින් සිදුවීම අසාර්ථකයි කිව් ඒ බොරු ජ්‍යෙතිෂ්‍යවේදියා වුණත් සැබෑ ජීවිතයේදී සැබෑ ඡ්‍යොතිෂවේදියෙක්. දැනටමත් ඔබ ඔහුව හඳුනනවා. නමින් සරත්චන්ද්‍ර බොතලාගේ. මතුගම ධර්මරාජ විද්‍යාලයෙන් සිප් සතර හදාරන කල සිටම රංගනට පෙම් බැඳි ඔහු, උපතින්ම තිබූ කලා කුසලතාවයන් හෙළි දැක්වීමට සිහින මවමින් සිටියේය. මේ අතරතුර මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සහයෝගයෙන් මුතු කිරිල්ලී ටෙලි නාට්‍යයේ ඡ්‍යොතිෂවේදියකුගේ චරිතයට පණ පොවමින් ඔහුගේ කලා දිවිය ආරම්භ වුණා. ඉන් පසුව ඔබට ඔහුව ටෙලි සිතුවම් කිහිපයකදී හමුවුණා. සුදත්රෝහණ අධ්‍යක්ෂණය කළ ස්වයංජාත තුළ නිලමෙගේ ගෙදර සේවකයකු වුණා. තවත් වරෙක අජිත් ලොකුගේ අධ්‍යක්ෂණය කළ පරණ ටවුම තුළ පියුම් මහත්තයා ලෙස ඔබ අතරට ආවා. ඉදිරියට විකාශනය වීමට නියමිත ප්‍රියා රණසිංහගේ ඉර අවර ටෙලි සිතුවමෙහි මුදලාලිගේ චරිතය තුළින් ද නොබෝ දිනකදී ඔබට හමු වේවි. මේ දිනවල සුදත් රෝහණගේ ‘ගිරිකුල’ ටෙලි සිතුවමෙහි ගැමියකුගේ චරිතයට පණ පොවමින් ඔහු තවත් ඉදිරියට ගමන් කරනවා. 072-4270694 සරත්චන්ද්‍ර බෝතලාගේ - මතුගම.
‘රෝමියෝ ජුලියට් ලා’ 18 දා කඩවතදී
මේ රෝමියෝ ජුලියට්ලා වේදිකා නාට්‍ය යි. විලියම් ශේක්ස්පියර්ගේ රෝමියෝ ජුලියට් කෘතිය ඇසුරින් කෙරෙන පර්යේෂණාත්මක නාටකයේ රචනය නදීකා බණ්ඩාර විසිනි. ජෙනී තියටර් ඉදිරිපත් කරන රෝමියෝ ජූලියට් ජගත් ජයසේකර සහ නදීකා බණ්ඩාරගේ සම අධ්‍යක්ෂණයකි. ලබන අගෝස්තු 18 වැනිදා පස්වරු 6.30 ට කඩවත කේ. සී. පී. රඟහලේදී රෝමියෝ ජුලියට්ලා වේදිකා ගතවීමට නියමිතය.
2002 වසරේදී වේදිකා නාට්‍ය නිර්මාණයට පිවිසි නදීකා බණ්ඩාර සහ ජගත් ජයසේකර මේවන විට වේදිකා නාට්‍ය කලාවට නිර්මාණ හතරක් දායාද කළ තරුණ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකි. මේ දෙපළ එක්ව කළ පළමු නිර්මාණය වූයේ ඉෂාක් බෂවිෂ් සිගර්ගේ ද කිංග් ඔෆ් ද ෆීල්ඩ් නවකතාව ඇසුරින් නිර්මාණය කළ ගොවි රජ්ජුුරුවෝ වේදිකා නාට්‍ය යි. 2009 වසරේදී සෝබ්බා වේදිකා නාට්‍යයත් 2011 වසරේදී රෝමියෝ ජූලියට්ලාත් 2012 වසරේදී භාව විරේක වේදිකා නාට්‍යයත් ඔවුන්ගේ අනෙකුත් නිර්මාණයන් වේ.
‘කොක්ටේල් කොළඹ එයි’
සහාය චරිත නිරූපණය කරන්නේ ඩිම්පල් කපාඩියා, බෝමන් අයිරානි සහ රන්දීප් හෝඩාය. මේ වන විටත් ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගතවන කොක්ටේල් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට ද රස විඳින්නට වරම් ලැබී තිබේ. වෙරෝනිකා (දීපිකා පදුකෝන්) සහ මීරා (ඩයනා පෙන්ටි) ලන්ඩනයට පැමිණ ජීවිතය අරඹන්නේ පරස්පර වූ ජීවන රටාවන් හා අරමුණු ඇතිවය. දඟකාරියක වූ වෙරෝනිකා සහ ලජ්ජාශීලී මීරා අතරට එක්වන තරුණයා ගෞතම් කපූර් (සායිෆ්)ය. ඔහු මෘදුකාංග ඉංජිනේරුවකි. ගෞතම්, වෙරෝනිකා හා මීරාගේ ජීවිතවලට කරන මායාව සිනමා පටයෙන් රසට ගෙතී තිබේ. |