|
කලා ලොව අවමගුල්ප්රවීණ කැමරා ශිල්පී නෝබට් රත්නසිරි අභාවප්‍රාපත් විය. කලක් රෝගාතුරව සිටි ඔහු අවසන් වරට දායක වූයේ දරුවනේ චිත්‍රපටයටය. සංජය ලීලාරත්නගේ මව වූ ඩී. එස්. ලීලාවතී මහත්මිය අභාවප්‍රාප්ත විය. මිය යන විට හැත්තෑ තුන් වැනි වියෙහි පසු වූ ඇය තිදරු මවකි. විශ්‍රාමික හෙද නිලධාරිණියක වූ ඇගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදු විණ. සුනිල් ටී. ප්‍රනාන්දුගේ වැඩිමල් සොයුරු චිත්‍රපට නිෂ්පාදක ප්‍රකට ව්‍යාපාරික නිහාල් වැලන්ටයින් අභාවප්‍රාප්ත විය. වැඩ බැරි ටාසන්, කෝ හතුරෝ ඔහු නිපද වූ චිත්‍රපට අතර වේ. ඔහුගේ අවසන් කටයුතු ඉකුත් දා මොරටුවේදී සිදුවිණ.
ජෝති අනුස්මරණ පිංකම22 දා කැලණි රජමහා විහාරයේඑච්. ආර්. ජෝතිපාලගේ විසි පස් වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් එච්. ආර්. ජෝතිපාල රසික පදනම සංවිධානය කරන ගුණසමරු පිංකමක් මෙම මස 22 වැනිදා එනම් එන ඉරිදා කැලණිය රජ මහ විහාරස්ථානයේ පැවැත්වේ. එදින සවස 4 – 5 දක්වා ආලෝක පූජා පිංකමක්ද 5 – 6 දක්වා අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රවීණ ධර්ම කථික ආචාර්ය පූජ්‍යපාද පාතේගම ඥාණිස්සර ස්වාමීන් වහන්සේ පවත්වනු ලබන සුමධුර ධර්ම දේශනාව ද පැවැත්වේ.
|