|
රිගින් ටෝන් වලින් මට ශත පහක්වත් ලැබිල නෑසුරෙන් ඩී සමඟ කතා බහක්ඒ ගීතය මගේ ජීවිතේ සත්‍ය සිදුවීමක් ඔහුගේ සුරතට ගිටාරය හුරු පුරුදුය. එයින් මැවුණු මියුරු තනු සුවහසක් ලාංකේය සංගීත ලෝලීන්ගේ හදවත් පැහැර ගත්තේ එහි වූ රසවත් බව නිසාමය.ඔහු විටෙක පද රචකයකුගේ සහ සංගීතඥයකුගේ භූමිකාවන් රඟයි. තවත් මොහොතක සංගීත ගුරුවරයකු ලෙසද වෙස් මාරුකර ගනියි. මේ බහු චරිත චාරිකාව මම සුරෙන් දිසානායක යනුවෙන් අමතමි. එසේත් නැත්නම් ඔහු ජනප්‍රිය සුරේන් ඩී. නමිනි. සමහරවිට ඔබ ඒ නම නොදන්නවා වෙන්නට පුළුවන. නමුත් ගයන්ත විජේරත්න ගයන ‘සුදු පාට මල් වැටුණු රතුපාට රැලි ගවුම ‘ යන ගීතය නොඅසා නැති බවට සැකයක් නැත. එහි පදරචනය මෙන්ම සංගීත සැකසුම සුරෙන් ඩී. ගේය. මෙය පමණක් නොව මෙරට ජනප්‍රිය තව බොහෝ ගීතයන් හි උපත ඔහුගේ සිත් මඬලය. ඒ සෞම්‍ය සංගීත යාත්‍රිකයා නිමේෂයකට සරසවිය ළඟ නතර විය. සුරේන් මේ සංවාදය කොහොමද පටන් ගන්නෙ ? මට හිතෙනවා පොඩ්ඩක් අතීතයට ගියොත් හොඳයි කියලා. මිනිස්සුන්ගෙ ජිවිතේ කඩඉම් තියෙනවා. මගේ ජීවිතයේ කඩඉම වුණේ “සුදුපාට මල් වැටුණු රතුපාට රැලි ගවුම “ කියන ගීතය. පොඩ්ඩක් ඉන්න මට දෙයක් මතක් වුණා. ඒ ගීය සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවක් යැයි මම අසා තිබෙනවා. ඔව්, එම සිදුවීම වෙනකාගෙවත් එකක් නෙමෙයි මගේම ජීවිත අත්දැකීමක්. නිලූ කියලා අපේම ඥාතිවෙන නංගි කෙනෙකුට මසිතෙහි ආදරයක් ඇතිවුණා. ඒ ආදරය අපේ දෙපාර්ශවයේ පවුල් ආරවුල් ඇති කළා. අපි දෙන්නා ගැළපුණේ නැහැ. කොහොමෙන් කොහොමෙන් හරි ඒ ආදරය ඇයවයි මාවයි වෙන් කෙරුවා. මට හරිම දුකයි. සෑහෙන්න කම්පනයෙන් මා දින කිහිපයක් ගතකළා මට හිතුණා මේ සිදුවීම ගීයකට නගන්න. මගේ නිවස පිහිටලා තියෙන්නෙ නුවර පොල්ගොල්ලේ. වත්තේ එක් කෙළවරක මායිම වන්නේ මහවැලි ගං ඉවුර. හැමදාම හවසට මං එතැනට ගිහින් ප්‍රේමයේ වියෝ දුක පළවා හැරගන්නට ගිටාරය ගගහා තනු මුමුණනවා. එක පාරටම මට අමුතුම ආකාරයේ තනුවක් සිතට ආවා. මං ක්ෂණයකින් කොළයකුයි පෑනකුයි අරගෙන ඒකට පද සකස් කළා. මටත් නොදැනීම ඒ නිර්මාණය වෙලා තිබුණේ මගේම ගීතය. මගේ මිත්‍රයකුගේ මාර්ගයෙන් තමයි ගයන්තට එය ලැබෙන්නේ.ඔහු ද ඉන් ලබා ගන්නේ අසීමිත ජනපි‍්‍රයතාවයක්. ඔහු එහි වීඩියෝවට ද යොදා ගත්තේ සත්‍ය කතාවමයි. ඉන් පසුව ? සුරේන් දිසානායක කියලා කෙනෙක් ඉන්නවා දැනගත්තේ ඒ ගීතයෙන්. ගයන්තගේම “රෑ අහසේ“ ගීයත් නිර්මාණය කළේ මම. ක්‍රම ක්‍රමයෙන් මා වටා කලා ලොවේ පිරිසක් ගොඩ නැඟුණා. ඔවුන් මා නිර්මාණය කරන ගීතයන් ගයන්න කැමැති වුණා. අජිත් බණ්ඩාරගේ ආරාධනාවක් කළාදෝ , තරුවක් වැටෙන්න ළංවෙලා , තුෂාර ධනංජයගෙ සීතල නගරේ, මිෂෙල් ක්‍රිස්ටීන්ගේ දේදුනු හැන්දෑව ඇතුළු ගීත ගණනාවක් මා අතින් නිර්මාණය වුණා. කවදාද කොහොම කොයි ආකාරයෙන් ද ඔබ ගිටාරයට පෙම් බඳින්නේ ? මහින්ද බණ්ඩාර වැනි ප්‍රවීණයන් ගිටාරය වයන අයුරු මං පුංචි කාලයේ සිට බලාගෙන සිටියා. ඇත්තටම ඔහුව මා නොඇදහුව ටික විතරයි. ඒ තරම්ම ගෞරවයක් මා ඔහු කෙරෙහි තතිබුණා. එවැනි ප්‍රවීණයන්ගේ වාදනයන් දැක බලා මට ඉපදුණා ආශාවක් ගිටාරයට. ඒත් බයයි. කෙටියෙන්ම කිව්වොත් ආසයි බයයි. කාලයත් සමඟම බය දුරු වුණා. කොහොම හරි ගිටාරයක් රැගෙන වාදනය කරන්න පටන් ගත්තා. එතකොට මං ඉස්කෝලෙ යනවා. දැන් ගිටාරය මගේ ජීවිත අංගයක් වෙලා. මේවන විට මං සංගීත ගුරුවරයකු විදිහට මා ලබා ගත් දැනුම බෙදා හරිනවා. සංගීතයේ නියැලෙන්නෙකු විදිහට තෘප්තිමත් දිවිපෙවතක්ද ඔබ ගෙවන්නේ ? මෙහෙමයි, සංගීතය සිත නිවන කලාවක්. එය ඇතුළෙ හිඳගෙන නිර්මාණකරණයේ යෙදීමත් එක්තරා ආකාරයකින් වාසනාවක්. ඒ හින්දා සංගීතමය ජීවිතය විඳිමින් ජීවිතය ගෙවනවා. මං එහෙම කිව්වට සිත රිදෙන තැන් ද තියෙනවා. ඒ ගැනත් මං කියන්නද. කියන්න, මේක විවෘතව අදහස් දක්වන්න පුළුවන් කතා බහක් ? දැන් ඔය තියෙනවනේ රිඟිංටෝන් කියලා කතන්දරයක්. ජනපි‍්‍රය සිංදු රිඟින්ටෝන්වලට දාලා එක්තරා සීමිත පිරිසක් ලාබ ලබනවා. මගෙත් ජනපි‍්‍රය ගීත රැසක් රිඟින් ටෝන්වලට දාලා තියෙනවා. ඒත් මට මේවෙනකම් ශත පහක්වත් ලැබිලා නැහැ. ඒක ලොකු අසාධාරණයක් මේ ගැන කතා කරන්න මා ඇතුළු කණ්ඩායමකට සිදුවෙන අකටයුතුකම් කාටවත් පෙනෙන්නෙ නැහැ.මං හිතන්නේ ගීතයක අයිතිය පද රචකයටත් සංගීතඥයටත් අයිතියි. ඒත් රිඟින් ටෝන්වලින් ඒ අයිතිය අහෝසි කරලා. මෙපමණ දේවල් සිදුවෙද්දිත් ඇයි නිහඬව බලාගෙන ඉන්නේ ? අපි සංගීතඥයො මිසක් යුද සෙබළුන් නෙවෙයි. ඒක නිසා සංග්‍රාමයක් කරලා මේවා ලබාගන්න තරම් අසංවේදී නැහැ අපි. අදාළ අය යුතුකම් මග හැරීමයි මෙතන තිබෙන ගැටලුව. ඇත්තම කිව්වොත් මා ජීවත් වන්නෙත් සංගීතය වෘත්තිය කරගෙන. මාවැනි තව හුඟක් දෙනෙක් කේෂ්ත්‍රයේ ඉන්නවා මේ අතුල් පහරට ලක්වුණ. මම කියන්නෙ අපි ළඟට පැමිණෙන අයට අසාධාරණයක් නොකර නිර්මාණයක් කර දෙනවානම් ඔවුන්ද අපිට අසාධාරණකම් නොකළ යුතුªයි යන්න. ඔබගේ ඉහත පිළිතුරෙන් කියවුණා රිඟින් ටෝන් ජාවාරම මඟින් තවත් පිරිසකට ඔබට වගේම නියමිත මුදල ලැබුණේ නැහැ කියලා. ඉතින් ඒ අයවත් එකමුතු කරගෙන යම් වැඩපිළිවෙලක් දියත් කරන්න බැරිද මේ සඳහා ? පුළුවන්, එකමුතු වුණොත් කරන්න නොහැකි දෙයක් නැහැ. මං ඒ වෙනුවෙන් සංගමයක් හදන්න උත්සාහ ගනිමිනුයි සිටින්නේ.ඊට සංගීතයට හදවතින්ම ආදරය කරන සහෘදයින්ව සොයනවා. නුවර කොළඹ අතර යාම් ඊම් කරන ජීවිතය නිමාවෙන්නේ නැතිද ? ඔබ ඔය අහැව්වෙ කොළඹ ස්ථීර පදිංචියට එන්නෙ නැද්ද කියන එක වෙන්න ඇති. කොළඹ ආවොත් මගෙ සියලු වැඩ කටයුතුවලට පහසුවක්. ඒත් මට හැමදාමත් හිතවත් මහවැලි ගං ඉවුරට සමුදෙන්න සැබැවින්ම අකමැතියි. දෙගොඩතලා ගලන ගං දිය දිහා බලාගෙන තමයි මං මගේ සංගීත නිර්මාණයන් හැදුවෙ. හැබැයි මෙන්න මෙහෙම අදහසකුත් තියෙනවා. මා අලුතෙන් සංගීතය පිළිබඳ ශිල්ප ශාලාවක් පවත්වාගෙන යන්නට හිතාගෙන ඉන්නවා කොළඹ. සෑහෙන්න දෙනෙක් ඉල්ලීම් එහෙමත් කෙරුව ඒ වෙනුවෙන් බලමු නේද ? ඔබ රිඟින් ටෝන්වලින් අසාධාරණයට ලක්වුණු අය එක්කාසු කළ යුතුයි කිව්වා ලිපිනය කියමුද? අංක 1/ඒ ඉසංසු, පොල්ගොල්ල |