|
|
රූපය එතෙර මෙහෙයුම මෙතෙර
ලංකාවේදී ළඟදීම තිරගතවන මෙම චිත්‍රපටය සඳහා ජපානයේ නිර්මිත ප්‍රචාරක පටයට වඩා දිගු එකක් තැනීමට උවමනා වුණේ එම චිත්‍රපටය මෙරටදී මුදා හැරෙන අල්ටි මීඩියා සොලියුෂන් ආයතනයේ මනුර ඒකනායකගේ සැලසුමකට අනුවය. ඒ අනුව දැනට ජපානයේ සිටින උමාලිව ජපාන තාක්ෂණික ශිල්පීන්ගේ කැමරාවට නතු කර ගත්තේ ලලිත්ගේ මෙහෙයවීමෙනි. ඔවුන් හා මතු වූ භාෂාවේ ප්‍රශ්නය විසඳා ගෙන ඇත්තේ සිනමා රූප භාෂාවක් හරහාය. විනාඩි තුනක අලුත් ප්‍රචාරක පටය රූගත කිරීමට පැය හතරකට ආසන්න කාලයක් ගත වූ බව වාර්තා වන අතර, එය ළඟදීම අන්තර් ජාලයට මුදා හැරීමට නියමිතයි.
චන්න – චතුරිකා වසර පහළොවකට පසු ‘සත්‍ය’ සමඟ එයි
ප්‍රියන්ත සමරකෝන් සත්‍ය හි අධ්‍යක්ෂවරයා වන්නේය. සඳ මැදියම, සිරිවාසල ප්‍රියන්ත මීට ප්‍රථම තැනූ ටෙලි සිතුවම් වේ. ලූෂන් බුලත්සිංහල, මොරීන් චාරුනී, චින්තක කුලතුංග, හිමාලි සිරිවර්ධන, සහන් රන්වල, තරුෂි පෙරේරා, රිචාඩ් මානමුදලි, අනූෂා රාජපක්ෂ, නිර්මා සුරංජි, හැරී විමලසේන, නිමල් යටිවැල්ල, නිර්ධා උයන්හේවා, රෝහිත ඩයස්, ශ්‍රීමතී ජයවීර, ලක්මිණි ජයරත්න, චන්ද්‍ර ශ්‍රී වලිමුණි, චන්ද්‍රිකා හෙට්ටිආරච්චි සත්‍ය රංගනයෙන් හැඩ ගන්වති. තිලක් රන්ජන් කැමරා අධ්‍යක්ෂවරයාය. නලින් රණසිංහ සහය අධ්‍යක්ෂණයෙන් එක් වෙයි. සමීර ද සිල්වාගේ නිෂ්පාදන කළමනාකරණයකි. රසික තෙන්නකෝන් අංග රචනා ශිල්පියා වේ. වසන්ත කරුණාරත්නගේ පිටපත් රචනයකි. හරීන් පුෂ්ප කුමාර නිෂ්පාදන සම්බන්ධීකාරකවරයායි. සමන් වන්නිනායක කලා අධ්‍යක්ෂණයෙන් සහභාගි වෙයි. සත්‍ය පැරමවුන්ට් ආයතනය වෙනුවෙන් මිල්රෝයි සල්ගාදු නිෂ්පාදනය කරයි. චන්න සහ චතුරිකා පළමුවරට එකට රැඟුවේ නාලන් මෙන්ඩිස්ගේ සත්පුර වැසියෝ ටෙලි සිතුවමේය.
|



ජපාන චිත්‍රපටයට අලුත් ටේ‍්‍රලර් පටය මෙරටදී
ජපාන චිත්‍රටයක පූර්ව ප්‍රචාරක
පටයක රූපගත කිරීම් ශ්‍රී ලාංකික
අධ්‍යක්ෂවරයකුගේ මෙහෙයවීමෙන්
පසුගියදා සිදු විය.
උමාලි තිලකරත්න රඟපෑ ජපානයේ අති දැවැන්ත සිනමා පටයක් වූ ෆයිනල් ජජ්මන්ට් චිත්‍රපටයේ
ශ්‍රී ලාංකික පූර්ව ප්‍රචාරක පටය රූගැන් වූයේ ශ්‍රී ලාංකික අධ්‍යක්ෂක ලලිත්
පන්නිපිටියයි. මෙම පූර්ව ප්‍රචාරක පටය නිර්මාණය කළේ අන්තර් ජාල ස්කයිප් තාක්ෂණය
ඔස්සේය.
වසර පහළොවකට
පසු චන්න පෙරේරා
සහ චතුරිකා පීරිස්
එකට රඟන සත්‍ය
ටෙලි සිතුවමේ
මුහුරත්
උළෙල නොබෝදා
පැවැත්විණ.
අපේ සිනමා ඉතිහාසයේ
වැඩිම ආදායම ‘කුස පබා’
2012 ජනවාරි තිරගත කිරීම ඇරැඹි කුස පබා චිත්‍රපටය
මැයි 31 වැනිදා දක්වා රුපියල් 20216402117 ක ආදායම්
වාර්තාවක් පිහිටුවා ඇත.