|
අර්ජුන්ගෙන් අහන්න
එස්. එල්. වික්‍රමසිංහ මාවනැල්ල චිත්‍රපට රාශියක මේ දෙදෙනා එකට රඟපා තිබෙනවා. රුක්මණීගේ අවසන් චිත්‍රපටය සක්විති සුවය චිත්‍රපටයේ විජයගේ මව ලෙස රඟපෑවෙත් ඇයයි. මම බොහෝ දුරට අදහස් කරන්නේ අපේ පැරැණි චිත්‍රපටවල පිටපත් නැති වීම ගැන ජාතික චිත්‍රපට සංස්ථාව වගකිව යුතුයි කියා. ඔබගේ අදහස දැනගැනීමට කැමතියි. සරත් රණසිංහ මාළිඳ සරසවි නිවසේ, කපුගොඩ මා සිතන්නේ එහි ඇත්තක් නැත්තෙම නැහැ කියායි. මේ රටෙහි චිත්‍රපට බෙදා හැරීමේ ඒකාධිකාරිය එකල පැවතුණේ සංස්ථාවටයි. මේ නිසා චිත්‍රපටවල පිටපත් එහි තිබුණා. එසේ නොවන්නට අසූ තුනේදී විනාශ වූවා යැයි කියන ඇතැම් සිංහල චිත්‍රපට එම ජූලි මාසයට පසුවත් සමහර සිනමා ශාලාවල ප්‍රදර්ශනය වූයේ කොහොමද? මේ ගැන සම්පූර්ණයෙන් සොයා බැලීම වර්තමාන සංස්ථා සභාපතිතුමාගේ යුතුකමකි.
විජය ඉලංගකෝන් ගම්පොළ කිසි කලෙකත් නයියාර් ඔහුගේ කිසිම චිත්‍රපටයක් වෙනුවෙන් ලතා මංගෙස්කාර්ව සම්බන්ධ කර ගත්තේ නැහැ. ලතා මංගෙස්කාර්ට සංගීතය නොසැපයූ එකම සංගීත අධ්‍යක්ෂවරයා නයියාර් විය යුතුය. එයට හේතුව වූයේ නයියාර් මුලින්ම සංගීතවත් කළ ‘නයාදෝර්’ චිත්‍රපටයට ලතා තෝරා ගනිද්දී, ඇය නයියාර්ට පැවසුවේ ඔබ චිත්‍රපට සංගීතයට ප්‍රසිද්ධවන්න. එවිට මම ගී ගයන්නම් යනුවෙනි. එයට නයියාර් පිළිතුරු දුන්නේ එම චිත්‍රපටය සඳහා ආශා බෝස්ලේ යොදා ගනිමිනි. ඉන් පසු නයියාර් කිසිම කලෙක ලතාව ඔහු සංගීතය නිර්මාණය කළ චිත්‍රපට සඳහා සම්බන්ධ කර ගත්තේ නැහැ.
සුනන්ද කුමාර තම්බිවත්ත, දංකොටුව කරුණාරත්න අබේසේකරයන්.
ලක්ෂ්මන් රණසිංහ හේකිත්ත, වත්තල ගාමිණීට සම කළ හැකි නළුවෙක් ගැන තවම මට හිතා ගන්නට බැහැ.
පරසතු මල් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කළ සුමිත්ත අමරසිංහයන් දැන් කෝ? මැණිකේ විල්වල, තිලකරත්න විල්වල, තටාකය පාර, කෑගල්ල වසර දහ අටකට පමණ පෙර ඔහු මෙලොවින් සමු ගත්තා.
ප්‍රථමයෙන් නිපද වූ හින්දි වර්ණ චිත්‍රපටය වූයේ කුමන චිත්‍රපටයද? වර්ෂය සඳහන් කරන්න. කේ. ජී. සෝමදාස, තම්මිට, මාකේවිට 1952 වසරේදී තිරගත කරන ලද ‘ආන්’ චිත්‍රපටයයි.
චන්ද්‍රරත්න මාපිටිගම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට පහ මොනවාද? ආනන්ද ප්‍රනාන්දු රන්පොකුණුගම, නිට්ටඹුව මලට නොඑන බඹරු, නෙළුම් විලේ සමන් මලක්, සුරබිදෙන, සත්‍යදේවී හා දැන් තිරගත වන සිහිනය දිගේ එන්න යන චිත්‍රපට පහයි.
28 වැනි සරසවිය සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම්මාන ලැබූ නිත්‍යවානි කන්දසාමි ගැන යමක් කියන්න. එම්. ෆේරඩී ප්‍රනාන්දු කල්දෙමුල්ල සරසවිය සම්මාන උළෙලකදී අති විශිෂ්ට රංගනය උදෙසා එදා මෙදාතුර හොඳම නිළිය ලෙස සම්මාන ලැබූ ළාබාලම නිළිය වන්නේ නිත්‍යවානියි. ඇය සරෝජා, පුංචි සුරංගනාවී වැනි චිත්‍රපට රැසක රඟපෑවා. මේ දිනවල ඇය අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් කාලය ගත කරනවා.
ප්‍රවීණ බයිලා ගායක ඩෙස්මන් ද සිල්වා දැන් කෝ? ඔහු ගීත ගායනා කරන් නැත්තේ ඇයි? පී. වී. විජේරත්න අගලවත්ත, මතුගම ඔහු දැන් ඇමරිකාවේ ජීවත් වෙන්නේ. මේ ළඟකදී ලංකාවට පැමිණ ප්‍රසංගයක ගී ගැයුවා.
රොබින් තම්පෝගේ බිරිඳ වූයේ සිරිමලී චිත්‍රපටයේ සාස්තරකාරියගේ චරිතය රඟපෑ රීටා කාමලින්ද? විමල් රණසිංහ ග්‍රෑන්ඩ්පාස් ඔව්නේ.
මහ රෑ හමු වූ ස්ත්‍රිය චිත්‍රපටයේ පිටපත් තිබේද? සිරිල් බණ්ඩාර රත්නපුර, දොඩම්පේ නැහැ.
එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කරන ‘ළඳේ ළඳේ ළඳේ වන බමරු නොදුටු මලේ’ ගීතය අයත් චිත්‍රපටය කුමක්ද? එහි රඟපෑ ප්‍රධාන නළුවා හා නිළිය කවුද? ටිකිරා චිත්‍රපටයට එම ජවනිකාව රඟපෑවේ බැප්ටිස් ප්‍රනාන්දු සමඟින් ජෙනිටා සමරවීරයි.
සිරස ලක්ෂපති වැඩසටහන ඉදිරිපත් කරන චන්දන සූරිය බණ්ඩාර ගැන යමක් පවසන්න. හේමා වල්පොල, අංගොඩ චන්දන දක්ෂ මාධ්‍යවේදියෙක්. ඔහු එම වැඩසටහන ඉතා අපූරුවට ඉදිරිපත් කරනවා යැයි මගේ හැඟීම. ඔහු මාධ්‍යට පිවිසෙන්නේ ටී. එන්. එල් හා ස්වර්ණවාහිනි යන රූපවාහිනී නාලිකා තුළින්. දේශපාලන, කාලීන සිදුවීම් ඔහු ඉතා වගකීමෙන් යුතුව මැනවින් ඉදිරිපත් කරනවා. ඔහු විවාහ වී සිටින්නේ ජනප්‍රිය ලේඛිකාවක් මෙන්ම නිවේදිකාවක් ද වූ තාරකා වාසලමුදලි සමඟයි.
මා සැමදාම සරසවිය පුවත්පත කියවන රසිකයෙක්. නමුත් මම යොමු කළ කිසිම තැපැල්පතක් මේ වන තෙක් පත්තරේ පළ වුණේ නැහැ. කරුණාකර මෙයට හේතුව පහදන්න. එඩිසන් – රත්මලාන මේ පළ වෙන්නේ. දැන් ප්‍රශ්න එවන්න එඩිසන්.
ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්ව සිටි මූ. අරුක්ගොඩ මහතා දැන් කෝ? ඔහු අධ්‍යක්ෂණය කළ ‘කතරගම රූමතිය’ චිත්‍රපටයට මොකද වුණේ. එහි කතරගම රූමතිය ලෙස රංගනයේ යෙදෙන්නේ ශිරානි නුගේරා ද, නැත්නම් පර්ල් කුරේ ද? කරු මන්දාවල නාත්තන්ඩිය ඔහු වසර ගණනකට පමණ පෙර අතුරුදන් වූවා. කතරගම රූමතිය නමින් චිත්‍රපටයක් ඔහු අධ්‍යක්ෂණය කළේ නැහැ. ශිරානි නුගේරා කතරගම රූමතිය ලෙස රැඟූ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ තිලක් වේහැල්ලයි.
මේ දිනවල බූරුවෝ, බල්ලෝ, නරි, මීයෝ, කොක්කු ඇතුළු සතුන්ගේ නම්වලින් වේදිකා නාට්‍ය නිර්මාණය වෙනවා. සතුන්ගේ නම් මේවට යෙදීම ගැන ඔබේ අදහස. සුනන්ද කුමාර දංකොටුව සමහර විට ඒවා බලන්න එන අය ගැන එම නාට්‍යකරුවන් එහෙම හිතනවා ඇති.
(අර්ජුන්) |