|
මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත වී මේ වසරට වසර 50 යිතන්ඩර්බෝල් චිත්‍රපටයට අපේ නළුවෙක් ?එදා මෙදාතුර තිරගත වූ ‘ජේම්ස් බොන්ඩ්’ චිත්‍රපට පිළිබඳ රස කතා
එම දර්ශන කැමරා ගත කළේ 1954 දී නිපද වූ ‘ක්‍රීචර් ෆේරාම් ද බ්ලැක් ලැගූන්’ චිත්‍රපටයේ කැමරා ශිල්පී රිකෝ බ්‍රවුනින් සහ ලැමා බොරේන් නම් ශිල්පීන් විසින්. මෙම දර්ශන සඳහා ලංකාවේ ප්‍රථම වර්ණ සිංහල චිත්‍රපටය වන ‘රන්මුතු දූව’ චිත්‍රපටයේ රඟපෑ දක්ෂ කිමිදුම්කරුවකු වූ හෙක්ටර් ඒකනායක ද සහභාගි වූ බවට කට කතාවක් පවතිනවා. ‘රන්මුතු දූව’ දල සේයාපට සකස් කිරීම සඳහා එහි නිෂ්පාදකවරුන් වන ආතර් සී. ක්ලාක්, මයික් විල්සන් ආදී මහත්වරු එංගලන්තයේ වර්ණ රසායනාගාර වෙත ගොස් සිටියදී එම ස්ථානයේදීම රසායනාගාර කටයුතුවල යෙදුණු ‘තන්ඩර්බෝල්’ නිෂ්පාදක කණ්ඩායමේ ඇතැම් අය ‘රන්මුතු දූවේ’ රෙංගා ගේ චරිතය රඟපාමින් දිය යට දී ගාමිණී ෆොන්සේකා හා සටන් වදින හෙක්ටර් ඒකනායකගේ දස්කම් දැක ඔහුට ‘තන්ඩර්බෝල්’ හි දිය යට සටනට සහභාගි වන්නට අවස්ථාව ලබා දුන් බවට එකල සිනමා ක්ෂේත්‍රයේ රාවයක් පැතිර ගිය නමුදු එහි සත්‍ය අසත්‍යභාවය පිළිබඳව විමසා බැලීම වටී.
ප්‍රතිවාදී එමිලියෝ ලාගෝ සතු ‘ඩිස්කෝ වොලන්ටේ’ නම් වූ සුපිරි මුහුදු යාත්‍රාව පුපුරා යාම චිත්‍රපටයේ අවසාන දර්ශනය මෙන්ම ත්‍රාසජනක දර්ශනය ද ලෙස හැඳින්වීමට පුළුවන්. අද මෙන් ඩිජිටල් උපක්‍රම මගින් කොම්පියුටර් ග්‍රැෆික් භාවිතයක් එදා නොතිබුණ නිසා පිපිරීම වඩාත් තාත්විත කර ගැනීම සඳහා රොකට් යානා ඉන්ධන උපයෝගි කර ගත් අතර ඈත මුහුදේ සිදු වූ මෙම පිපිිරීමෙන් හටගත් කම්පනය නිසා ඊට සැතපුම් 30 ක් පමණ දුරින් වූ ‘නැසෝ’ නගරයේ මහල් ගොඩනැගිලිවල ජනෙල් වීදුරු ද ඉරිතලා පුපුරා හැලුණු බව කියැවේ. මෙම අවදානම් කටයුතු සියල්ල මනා ලෙස මෙහෙය වූ දෘශ්‍ය ප්‍රයෝග ශිල්පී ජෝන් ස්ටියර්ස් එම වසරේ පැවැත්වුණ ඇකඩමි සම්මාන උළෙලේ දී අදාළ අංශය සඳහා පිිදෙන ඔස්කාර් සම්මානය දිනා ගත්තා.
ඔවුන්ගේ එකම පුතා, පසු කලෙක ‘රොබින්හුඩ්’ ටෙලි නාට්‍ය මාලාවේ රඟපෑ ජේසන් කොනරි එවකට කුඩා දරුවෙක්. ඉයන් ෆ්ලෙමින්ගේ ජීවන චරිතය අළලා නිපදවුණු ‘ස්පයි මේකර්’ නමැති හොලිවුඩ් චිත්‍රපටයේ ෆ්ලෙමින්ගේ චරිතය රඟපෑවේ ද ඔහු විසින්. කෙසේ නමුත් ෂෝන් කොනරිගෙන් කෙටි සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට එදා සමත් වූයේ සුප්‍රකට ‘ප්ලේබෝයි’ සඟරාව පමණයි. විශේෂ දෘශ්‍ය ප්‍රයෝග ශිල්පී ජෝන් ස්ටියර්ස් හට ස්තුතිවන්ත වන්නට ‘ගෝල්ඩ් ෆින්ගර්’ චිත්‍රපටයෙන් කරළියට ආ ‘ඇස්ටන් මාර්ටින්’ රථයට අමතරව තවත් ගැජට් රැසක් මෙම චිත්‍රපටය තුළින් හඳුන්වා දෙන ලදී.
මෙම උපකරණ චිත්‍රපටයක් සඳහා ප්‍රථම වරට උපයෝගී කරගත් ඒවා වීම ද සුවිශේෂ කරුණකි. බොන්ඩ් චිත්‍රපටවල ලාංඡනය ලෙසින් සැළකෙන ගන් බැරලයක් තුළින් බොන්ඩ් වෙඩි තබන දර්ශනය නැවත රූගත කිරීමට නාමාවලි නිර්මාණ ශිල්පී මොරිස් බයින්ඩර් විසින් තීරණය කරන ලදුව එතෙක් එහි බොන්ඩ් ලෙස පෙනී සිටි බොබ් සිමන්ස් වෙනුවට ෂෝන් කොනරි යොදා නැවත එම දර්ශනය රූගත කෙරිණ. ප්‍රථම වරට නිරුවත් කාන්තාවන් පෙනී සිටින දිය යට දර්ශන පෙළක් අනුසාරයෙන් විචිත්‍ර නාමාවලියක් නිර්මාණය කිරීමට ඔහු සමත් වූ අතර නාමාවලියේ පසුබිම් ගීතය ගැයුවේ ප්‍රසිද්ධ ගායක ටොම් ජෝන්ස් විසිනි. ගීතයේ අග කොටස උච්ච ස්වරයෙන් ගායනා කොට අවසන් වන විටම ඔහු පටිගත කිරීමේ මැදිරිය තුළ සිහිසුන්ව ඇද වැටුණු බව සඳහන් වේ. ඩොන් බ්ලැක් විසින් රචිත ‘තන්ඩර්බෝල්’ නමැති මෙම ගීතය සංගිතවත් කළේ සංගීතවේදී ජෝන් බැරී විසිනි. ගායන ශිල්පී ජොනී කෑෂ් ද මෙම ගීතය ගායනා කළ නමුදු එය භාවිතයට නොගත් අතර ප්‍රසිද්ධියට පත් වූයේ ද නැත. චිත්‍රපටයේ සියලු රූගත කිරීමේ කටයුතු 1965 මැයි මාසයේදී අවසන් වූ අතර සැප්තැම්බරයේ මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හැරීමට නියමිතව තිබුණත් එය දෙසැම්බර් මාසය දක්වා කල් ගියේ මුල සිටම නොයෙකුත් අසීරුතා සහ අභියෝග මැද නිෂ්පාදන කටයුතු සිදු කෙරුණ නිසයි.
ලබන සතියේ |