|
වටලප්පම් සහ පලතුරු
මේ ළඟකදී අපේ හිතවතකුගේ මංගල සාදයක් තිබුණා. ඇය මේ උත්සවයට සහභාගී වුණත් කෑම කන බවක් නම් පෙනෙන්නට තිබුණේ නැහැ. මේ බව දුටුව මනාල මහතා උමයංගනා ළඟට ඇවිත් කෑම කන්න ආරාධනා කළා. මම පළතුරුයි වටලප්පන් විතරයි කන්නේ. ඈ කීවේ සිනාසෙමින්. ඇය සහභගී වෙන හැම මංගල සාදයකදීම වටලප්පන් හා පළතුරු පමණක් ආහාරයට ගන්න බව දැන් ප්‍රසිද්ධ රහසක්. හේතුව විදියට බොහෝ අය කියන්නේ උමයංගනාට තව ලස්සන වෙන්න ඕනේ වෙලා කියලා. හැබැයි මොන දේ තිබුණත් වටලප්පන් නැතිනම් උමයංගනාගේ මුහුණ ඇඹුල් වෙනවා කියලත් ආරංචියි.
රොඩ්නිට ලණුවක්සාමාන්යයෙන් රොඩ්නි වර්ණකුල ලණු දෙන්න දක්ෂ වුණාට ලණු කන්න එතරම් ප්‍රසිද්ධ නැහැ. නමුත් ඉන්දික රත්නායක හා නිරෝෂන් ඉලේපෙරුම පසුගිය දවසක රොඩ්නිට දිරවන්න අමාරු ලණුවක් දුන්නා. කතාව මෙහෙමයි. රොඩ්නි, ඉන්දික, නිරෝෂන්, නදී චන්ද්‍රසේකර ඇතුළු නඩයක් අනුරාධපුර පැත්තේ වැඩකට ගිහින් එන අතරෙයි මෙය සිදු වුණේ. ඉන්දික හා නිරෝෂන් තම අලුත් මොබයිල් ෆෝන් අංකයෙන් කලාකරුවන්ට ලණු දෙමින් වාඩි වී සිටියේ වාහනයේ පිටුපසයි. රියැදුරු අසුන ළඟ රොඩ්නි වාඩි වී සිටියා.
‘හෙලෝ මේ රොඩ්නි මහත්තයද?’ ‘ඔව්’ ‘මහත්තයා ගෙදර වැඩට ළමයෙක් ඉල්ලුවද?’ ‘නැහැ’ ‘නැති වෙන්න බැහැ. අපි මේ ක්ලිනින් සර්විස් ආයතනයකින්’ ‘නැහැ , නැහැ මම ඉල්ලුවේ නැහැ’ ‘වෙන්න බැහැ මහත්තයෝ . . . මේ රොඩ්නි වර්ණකුල මහත්තය නේ . . . ‘ඔව් . . . ඒ වුණාට මම ඉල්ලුවේ නැහැ’ කියා රොඩ්නි ෆෝන් එක කට් කළා. ටික වේලාවකින් නැවත රොඩ්නිට ඒ අංකයෙන්ම කෝල් එක ආවා. ඔහු එකවරම රෝන් නම්බර් කියා ෆෝන් එක කට් කළා. දිගින් දිගටම දුරකතනය නාද වෙන නිසා රොඩ්නි තම දුරකතනය නිවා දැම්මා. ටික වේලාවකින් තමයි රොඩ්නි දැන ගත්තේ පිටුපස සීට් එකේ සිටින ඉන්දිකගේ වැඩක් කියලා. එදා ඉඳන් රොඩ්නි හමුවන තැනදී හැමෝම අහන්නේ ‘සර්වන්ට් කෙනෙක් ඉල්ලුවද’ කියලාලු.
සමන් අලුත් වැඩක
මෙගා ටෙලි නාට්‍යයෙන් ඔබ්බට ගිය හරවත් ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමට පිපාසාවෙන් සිටි ඔහු 1930 ගණන්වල මෙරට සිදු වූ සිද්ධියක් ඇසුරු කරගෙන මෙම ටෙලි නාට්‍ය නිිර්මාණය කෙරෙනවා. අනෙක් කරුණ නම් මේ නාට්‍යයට පාදක වෙන්නේ සමරවීර විජේසිංහ ලියූ ‘වැස්ස වලාහක’ නවකතාවටලු. ඒකාකාරී ටෙලි නාට්‍ය නරඹා විඩාබර වී සිටින ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් මෙම ටෙලි නාට්‍ය තුළින් ගෙන එන්නට බලාපොරොත්තු වන බව සමන් පවසනවා.
|