|
අවතාර් බිම ඇවෙන්ජර්ස් උඩ
පසුගිය සඳුදා වන විට ලැබූ මේ ආදායම මෙතෙක් චිත්‍රපටයක් සතියක් තුළදී ලැබූ වැඩිම ආදායම ලෙස වාර්තා පොතට එක්වේ. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියුවේ සතියක් තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 73 ක ආදායමක් ලැබූ අවතාර් චිත්‍රපටයයි. මේ ආකාරයට බලන කළ හොලිවුඩ් ඉතිහාසයේ වැඩිම ආදායම ලබන චිත්‍රපටය බවට දි ඇවෙන්ජර්ස් පත්වීමේ ඉඩකඩ වැඩි බව විචාරකයන් මත පළ කරයි. ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ ත්‍රිමාන පිටපත මැජස්ටික් සිනමාහලේත්, ද්විමාන පිටපත් සැවෝයි සිනමා හලේත් තිරගත වෙයි.
ට්‍රැවල්ටාට මඩක්
ඒ 2009 වසරේදී චීලියන් ටී. වී. වැඩසටහන අතරතුරදී ඩොලර් දොළොස් දහසක අල්ලසක් දී ලිංගික අතවර කිරීමේ සිද්ධියකට. මේ ලිංගික අතවරය වන අවස්ථාවේදී අයහපත් කාලගුණයක් පැවතුණ හෙයින් සාක්ෂි සොයා ගැනීමට වසර තුනක් ගත වූ බව සැන්ඩි පවසනවා. ට්‍රැවල්ටාගේ නීතිඥවරු පැවසුවේ වෙනත් කතාවක්. මෙම ලිංගික සිද්ධිය වන අවස්ථාවේදී ට්‍රැවල්ටා සිටියේ නිව්යෝර්ක්වල බවයි. ඒ අවුරුදු විස්සක් වයසැති කෙලී පීටර්සන් හා විවාහ ගිවිස ගැනීමේ උත්සවයේයි. එම වෙලාවේ කැලිෆෝනියාවේදී මෙම සිද්ධිය සිදු වන්නේ කෙසේ ද යන්න ඔවුන්ගේ තර්කයයි. තවද කිසිදු ප්‍රසිද්ධියක් නැති ෆාසියන් සැන්ඩි වැන්නෙකු මේ සිද්ධිය හරහා ප්‍රසිද්ධ වන්නටත් උත්සාහ ගන්නවාලු. හොලිවුඩයේ ජනප්‍රිය සැටර්ඩේ නයිට් ෆීවර්, ග්‍රීස් සහ පල්ස් ෆික්ෂන් ආදිය නිසා ට්‍රැවල්ටා වඩාත් ජනතා ආකර්ෂණය දිනා ගත්තා. |