|
||
ජූඩ් - සුලෝ / අරවින්ද – ෂෙරින් / සනත් – ප්‍රියා ආදරයට මැදි වූ SUPER SIX
සුපර් සික්සි හි විශේෂතා:
* ලංකාවේ වැඩිම මුදලක් වියදම් කරමින් තැනූ චිත්‍රපටය වීම. නිෂ්පාදන වියදම රුපියල් ලක්ෂ නවසිය අනූවයි (නිෂ්පාදක ආර්. සදේශ් කුමාර්, ශ්‍රීමතී සදේශ් කුමාර්). * ලංකාව, ඉන්දියාව, මැලේසියාව යන රටවල් ත්‍රිත්වයේම රූගත කොට තිබීම. * හේමාල් රණසිංහ, අරුණි රාජපක්ෂ සහ මලීකා සිරිසේනගේ යන තිදෙනාව රිදී තිරයට හඳුන්වා දීම . මේ අයත් සුපර් සික්ස් රංගනයෙන් හැඩ ගැන්වේ. සනත් ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා, ආනන්ද වික්‍රමගේ, සුනෙත් චිත්‍රානන්ද, පුබුදු චතුරංග, ඇන්ටන් ජූඩ්, මිහිර සිරිතිලක, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, චිත්‍රා වරකාගොඩ, මැණිකේ අත්තනායක, දුලීකා මාරපන, ගාමිණී හෙට්ටිආරච්චි, චතුර පෙරේරා, ජනේෂ් සිල්වා, සරත් කුලාංග, කපිල කුමාර සමරකෝන්, ප්‍රියන්ත මංසිළු. කන් අඩි පුපුරුවන තරමට පිටිය පුරා විහිදී ගිය ඔල්වරසන් නද ක්‍රමයෙන් පල්ලම් බැස්සේය. සියල්ලෝම දැඩි කුතුහලයක් සිත්හි රඳවා ගනිමින් ඊළඟට සිදු වන්නේ කුමක් ද යන වග නෙතු පිය නොසලා බලා සිටියහ. ගම්පහ රොකර්ස් සහ මොරටුව ෂාක් කණ්ඩායම් අතර පැවති ක්‍රිකට් තරගයේ අවසන් මොහොතට දැන් එළඹ තිබේ. ෂාක්ලාට ජය ගන්නට ලබා ගත යුතුව ඇත්තේ තවත් එක් ලකුණකි. එහෙත් ඉතිරිව ඇත්තේ එක් පන්දුවක් පමණි. රොකර්ස් කණ්ඩායමට ආශිර්වාදයක් වූ තුන් ඉරියව් ක්‍රීඩක ජූඩ් අවසන් පන්දුව එවීමට සූදානමිනි. එහා ඉන්නේ ෂාක්හී ගයියා මහත් වූ බලාපොරොත්තුවෙන් පිත්ත දරා සිටියි. දෙතුන් වතාවක් පිත්තෙහෙි කෙළවරෙන් තනනිල්ල රිද වූ ගයියාගේ මානසික ඒකග්‍රතාවය බිඳී ඇත්දැයි විටෙක සිතේ. ජූඩ් දිව එයි.
රොකර්ස්ලා ජූඩ්ව වට කර ගනිමින් තම සගයාට සුබ පතන්නට පටන් ගත්හ. ෂාක්ලාට සහයෝගය දැක්වීමට පැමිණි විශේෂ තැනැත්තියකි. ඇය සුලෝය. දඟ මල්ලක් වූ සුලෝ මව්පිය සෙනෙහස අහිමි වූ සුරූපී නව යොවුන් තරුණියකි. මේ වන විට ඇය පරවුණු මලක් සේ වත මඬලින් යුතු ෂාක් කණ්ඩායමේ පිරිවර සනසමින් සිටියහ. ජූඩ්ගේ නෙතට සුලෝව හසු වුණේ මේ මොහොතේදීය. දෙදෙනා දුටු මේ තත්පර ගණනට ඔවුන්ගේ දෙසිත් බොහෝ දුර ගියෝය. ප්‍රීති ප්‍රමෝදයට පත්ව තමා වටා සැරිසරන මිනිසුන් අතරින් වරින්වර ජූඩ්ගේ දර්ශන පථයට සුලෝව හසු විය.
ජූඩ් එදින නිවෙසට ගියේ හද පිරි සොම්නසිනි. එහෙත් ඔහුට එහිදී ලැබුණේ එතරම් හොඳ ආරංචියක් නොවේ. ඒ වෘත්තීයෙන් පොලිස් නිලධාරියකු වූ ජූඩ්ගේ පියාට මොරටුවට මාරුවක් ලැබී ඇති බවය. පවුලේ අයද ඔහු සමඟ එහි පදිංචියට යා යුතුව ඇත. තමන්ගේ විරුද්ධවාදීන් සිටින්නේ මොරටුවෙහි නේද යන්න මතක් වූ පසු ජූඩ් ඒ ගමනට දැඩි අකැමැත්ත ප්‍රකාශ කළ ද මව්පියන්ගේ පෙරැත්ත මත ඔහුට ඒ සඳහා සහභාගී නොවීමට බැරි විය. මොරටුව ප්‍රදේශයට පදිංචියට ගිය ජූඩ්ට සුලෝව මුණ ගැසෙයි. ඔවුන් දෙදෙනාගේ ආදර අන්දරය ක්‍රමයෙන් දළුලා වැඩෙන්නට පටන් ගනියි. ජූඩ්ගේ වත්මන් පදිංචිය මොරටුවේ නිසා ඊළඟ සුපර් සික්ස් ක්‍රිකට් තරගාවලියේදී ෂාක් කණ්ඩායමට එක්වීමට ඔහුට ආරාධනාවක් ලැබේ. එහෙත් ජූඩ් ඊට දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කළ ද සුලෝගේ ආදර බැල්ම හමුවේ ජූඩ්ට ෂාක්ලාට එකතු වීමට සිදුවේ. එතැන් පටන් ඇති වන්නේ මහත් ගැටුමකි. උදාර පල්ලිය ගුරුගේ සුපර් සික්ස් චිත්‍රපටයෙහි කතා සාරාංශය සකස්ව ඇත්තේ එලෙසිනි.
සුපර් සික්ස් හි චරිත: ජූඩ් - සාරංග දිසාසේකර සුලෝ - පබෝදා සංදීපනී අරවින්ද - රොෂාන් රණවන ෂෙරීන් – අරුණි රාජපක්ෂ සනත්- හේමාල් රණසිංහ ප්‍රියා - මලීකා සිරිසේනගේ
|
||