|
ඔස්කාර් සම්මානලාභී ජෙනිෆර් හඩ්සන්ගේ මව ඇතුළු තිදෙනෙක් ඝාතනය කරතිවිත්තිකරු ඇගේ මස්සිනා ඔහුට සුනඛයෙකු යැයි කීම සුනඛයන්ට නින්දාවක් – පැමිණිල්ලේ නීතිඥ
විත්තිකරු - විලියම් බාල්ෆෝ විත්තියේ නීතිඥ – ඇමී තොම්සන් පැමිණිල්ලේ නීතිඥ - ජේම්ස් මාතේ පසුගිය සතිය ඉක්මවීමටත් ප්‍රථම හොළිවුඩ් මාධ්‍ය විශේෂ ප්‍රවෘත්තියක් අපේක්ෂාවෙන් සිටියහ. එනම් දැනට වසර 4 කට පමණ පෙර සිදු වූ ත්‍රී පුද්ගල ඝාතන නඩුවක තීන්දුව දීමට ආසන්නව සිටි නිසාය. ඒ වෙන කිසිවෙක් නිසා නොව ඔස්කාර් සම්මානලාභී නිළි එමෙන්ම ගායිකා ජෙනිෆර් හඩ්සන්ගේ පවුලේ සාමාජිකයන් සාහසික ලෙස ඝාතනය කිරීම පිළිබඳ තීන්දුවයි. එම උණුසුම ඇවෑමෙන් චිකාගෝ හි කුක් ප්‍රාන්ත අපරාධ මහාධිකරණය වසර 4 ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළා. මේ අනුව අධිකරණය වැරැදිකරු බවට පත් කළේ ජෙනිෆර් හඩ්සන්ගේ සොහොයුරියගේ සැමියා වන විලියම් බාල්ෆෝය. 2008 වසරේ ඔක්තෝබර් මස 24 වනදා වූවායි කියන මෙම සිද්ධියේදී එවකට 57 හැවිරිදි ජෙනිෆර්ගේ මව වන ඩාර්නෙල් ඩොනර්සන්, 29 හැවිරිදි ජේසන් හඩ්සන් මෙන්ම 7 ත් හැවිරිදි ජූලියන් කිං සාහසික අන්දමින් ඝාතනයට ලක් වුණා.
ඉන් දින කිහිපයක් ඇවෑමෙන් මෘත ශරීර සොයා ගත් පොලීසිය වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය ද සොයා ගත්තා. 2008 නොවැම්බර් 3 වනදාඔවුන්ගේ අවසන් කටයුතු අවසන් කළ ජෙනිෆර් ඔවුන්ගේ නම් යොදා ගනිමින් පුණ්‍යායතනයක් පවා ආරම්භ කළා. කෙසේ වෙතත් ජෙනිෆර් හඩ්සන් තම ප්‍රථම සාක්ෂිය දීම සඳහා අදාල අධිකරණය වෙත ගියේ 2009 වසරේ පෙබරවාරි පළමුවනි දාය. මෙසේ නඩු විභාගය පැවැත්වෙමින් තිබියදී බාල්ෆෝට එරෙහිව ඉදිරිපත් කළ හැකි කිසිදු ජීවමාන සාක්ෂියක් නොමැති බව අදාල පාර්ශව විසින් අධිකරණයට දැනුම් දුන්නා. ඉහත කරුණේ ප්‍රබලකම නිසාම විත්තියේ නීතිඥවරිය වූ ඇමී තොම්සන් කියා සිටියේ චෝදනාකරුවන් බාල්ෆෝට විරුද්ධව සාක්ෂි ගෙන ඒමට අපොහොසත් වී ඇති හෙයින් බාල්ෆෝ නිර්දෝෂි බවයි. එහිදී නැඟී සිටි පැමිණිල්ලේ නීතිඥ ජේම්ස් මාතේ කියා සිටියේ ඔහු කෙතරම් අහිංසකයෙක් යැයි අධිකරණය ඉදිරියේ ඔප්පු කරන්නට තැත් කළත් බාල්ෆෝ අදාළ මිය ගිය තැනැත්තන්ට විසිපස් වතාවකට වඩා කළ මරණීය තර්ජන නොතකා හැරිය නොහැකි බවයි.
මේ අතර විනිශ්චයකාරවරයා සියළුම මාධ්‍යවේදීන්ට තම ජංගම දුරකතන ක්‍රියා විරහිත කරන්න නියෝග කළේ ඔවුන් ඒ හරහා වෙබ් අඩවි පරිහරණය කොට සජීවීව තොරතුරු ලෝකයට දෙන්නට යාම නිසාය. කෙසේ වෙතත් නඩුව අවසාන වන විට පැමිණිල්ලේ පාර්ශවයෙන් සාක්ෂිකරුවන් 83 දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කර තිබුණේ සාක්ෂිකරුවන් දෙදෙනෙකු සහ රහස් පරීක්ෂකයන් දෙදෙනෙකු පමණි. සියලු කාරණා මැන බැලූ විනිශ්චයකාරවරයා ජූරියේ ද අනුමැතිය ඇතිව විලියම් බාල්ෆෝ වරදකරු කොට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කළේ වසර 4 ක් පුරා ඇදී ගිය ආන්දෝලනාත්මක ‘හඩ්සන් මිනීමැරීම් නඩුව’ අවසානයකට පත් කරමිනි.
කවුද මේ ජෙනිෆර් හඩ්සන්? ජෙනිෆර් කේට් හඩ්සන් උපත ලැබූයේ 1981 වසරේ සැප්තැම්බර් 12 වැනිදාය. සුප්‍රකට ඇමරිකානු ගායන තරඟයක් වන ‘ඇමරිකන් අයිඩිල්’ වෙතින් ශීඝ්‍ර ජනප්‍රියත්වයක් ලබා ගායන ලොවට පිවිසි ජෙනිෆර් වැඩි කලක් යන්නට මත්තෙන් රංගන ශිල්පිනියක බවට පත් වුණා. ඇය රංගනයේ ඉහළම තැනකට ඔසවා තබා ගනිමින් 2006 දී ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම සහය නිළියට හිමි සම්මානය ඇය දිනා ගත්තා. ඒ ‘ඩ්‍රීම් ගර්ල්ස්’ චිත්‍රපටයටයි. ඒ වගේම ඒ චරිතයේ විශිෂ්ඨ බව නිසාම ‘ගෝල්ඩන් ග්ලෝබ්’, ‘බැෆ්ට්’ ආදී සම්මාන රාශියක් ඇය දිනා ගත්තා. 2008 වසරේදී සිය ප්‍රථම ගීත ඇල්බමය එළි දැකි ජෙනිෆර් බිල් බෝඩ් ගීත දර්ශකයේ ඉහළ ස්ථානයක් රඳවා ගන්නටත් සමත් වුණා. එමෙන්ම ඇයගේ ගීත ඇල්බමය ලොව පුරා අළෙවි වුණේ මිලියන ගණනින්. එමෙන්ම ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ සමීප හිතවතියක් ලෙසට ද ඇය ප්‍රසිද්ධියක් උසුලනවා. |