|
||||
මහේන්ද්‍ර, කොස්තාපල් පුඤ්ඤසෝම වී උදයකාන්තගේ නවතම සිනමාපටයට . . .
තිරගත වන්නට චිත්‍රපට දෙකක් තිබියදී උදයකාන්ත වර්ණසූරිය තවත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කරයි. කොස්තාපල් පුඤ්ඤසෝම නම් වූ එය තම රාජකාරිය අවංකම ඉටු කිරීමට වෙර දැරීමට උත්සාහ කරන පොලිස් නිලධාරියකුට මුහුණ පාන්නට සිදුවන ත්‍රාසජනක හා හාස්‍යමය සහ විනෝදාත්මක අත්දැකීම් ඇසුරෙන් තිර පිටපත සකස් වූවකි. මහේන්ද්‍ර පෙරේරා කොස්තාපල් පුඤ්ඤසෝම ලෙස මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර ශ්‍රියන්ත මෙන්ඩිස්, ශ්‍රීනාත් මද්දුමගේ, දුලීකා මාරපන, ගාමිණී හෙට්ටිආරච්චි, රවීන්ද්‍ර යසස්, රොනී ලීච්, ජනක රණසිංහ, විරාජ් ජයසිරි, මැණික් විජේවර්ධන, චතුර පෙරේරා, ලහිරු මුදලිගේ, ලසන්ත උඩුකුමාර සෙසු චරිත සඳහා දැනට තෝරා ගෙන තිබේ. අයේෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂණය කරන මෙහි ශබ්ද සැලසුම්කරනය සහ සංස්කරණය ප්‍රවීණ් ජයරත්නගෙනි. වසන්ත විට්ටච්චි අංග රචනා ශිල්පියාය. ඩොනල්ඩ් ජයන්ත සහය අධ්‍යක්ෂණයෙන් එක්වෙයි. නිෂ්පාදන කළමනාකරණය අශෝක ආරියරත්නගෙනි. මනෝජ් ප්‍රියන්තගේ කලා අධ්‍යක්ෂණයකි. ශාන් පෙරේරා නැටුම් අධ්‍යක්ෂවරයාය. කතාව දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය උදයකාන්තගෙනි. බහුරූ චිත්‍රපට වෙනුනේ ඒ. විජේසූරිය, යොහාන් ප්‍රේමරත්න සහ බන්දුල වීරක්කොඩි නිෂ්පාදනයට සහය වෙති. කොස්තාපල් පුඤ්ඤසෝම උදයකාන්තගේ 18 වැනි සිනමා නිර්මාණය වේ. ඔහු නිර්මාණය කළ රන්කෙවිට ධ්ධ් සහ සෙනසුරු මාරුව මේ වසරේදී තිරගතවීමට නියමිතය. මැයි නව වැනිදා කොස්තාපල් පුඤ්ඤසෝම හි රූගත කිරීම් ඇරැඹේ.
වසන්ත සමයේ උදාර නෑ ගමනක්
වසන්තයේ අසිරියෙන් සිත් පුරවා ගත් අපි හැමෝම පසුගිය දවස් කිහිපය ගත කළේ බොහොම සතුටින්. පැරැණි හිතවත්කකම් අලුත් කර ගන්න, කාලෙකට පසු නිවී සැනසිල්ලේ සතුටු සාමිචියේ යෙදෙන්න, සතුට බෙදා හදා ගන්න උදෙසා සිදු කෙරෙන නෑගම් යාම චාරිත්‍රයට සිංහල දෙමළ අලුත් අවුරුද්දේ ලැබෙන්නේ වැඩි ඉඩ කඩක් කිව්වොත් නිවැරැදියි.
මේ එවන් නෑගම් යාමක් පිළිබඳ පුවතක්. හැබැයි මේක සාමාන්‍ය නෑගම් යාමක් නම් නොව අතිශය හැඟුම්බර එකක් බව මේ සටහන අවසානයේ ඔබට වැටහේවි.අත්තිඩියේ මිහිඳු සෙත් මැදුර ඒතරම් ප්‍රසිද්ධ නැති තැනක්. එහෙත් මෙතැන සිටින්නේ වීරයන් පිරිසක්. රට දැය, අප වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරලා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වුණු රණ විරුවන්ට මිහිඳු සෙත් මැදුර සෙවණ දෙන්නේ හරිම අපූරුවට. මේ අපූරු සෙවණට අපේ ජනප්‍රිය තරු කිහිපයක් පෑයුවේ අලුත් අවුරුද්දේ සතුටත් රැගෙන සාම්ප්‍රදායික නොවන නෑ ගමනක් සඳහා. අර්ජුන කමලනාත් සහ ක්‍රිෂාන්ත එරන්දකගේ ප්‍රධානත්වයෙන් චංචලා වර්ණසූරිය, රජිත හිරාන් චාමිකර, දොන් ගයි, සමන් ඒකනායක, අමීශා කාවින්දි, රයන් වැන්රෝයන්, මංජුල මොරගහ, රාජි මෙන්ඩිස් ඇතුළු කණ්ඩායම ඔවුන්ව බලන්න ගියේ අවුරුද්දේ සතුටත් දෝත දරාගෙන හැකි පරිදි අවුරුදු ක්‍රීඩාවල යෙදෙමින්, ගී ගයමින් පිරිස එදා විනෝද වුණා. පසුව තෑගි බෝගත් හුවමාරු කර ගත්තලු. මේ ඡායාරූපවලින් දැක්වෙන්නේ ඒ හැගුම්බර අවස්ථාවයි. අර්ජුනලට මිහිඳු සෙත් මැදුර සම්බන්ධිකරණය කරලා දුන්නේ මේජර් රවී මීගහවත්ත, කර්නල් වජිර කාරියවසම්, කර්නල් මිලාන් අතුකෝරල යන මහත්වරුයි. මේ හැඟුම්බර උදාර සද්කාර්යයට උර දුන් හැමෝටම පින්සිදු වෙනවා වගේම උදාර කටයුත්තකට පසු සතුටක් උරුම වෙනවා නියතයි.
|
||||