|
|
හඳගම මේ පාර මාරයි!ඉනි අවන් Him, Here After
අඳගමගේ මේ මගේ සඳයි, අක්ෂරය, තනි තටුවෙන් පියාඹන්න, විදු යන චිත්‍රපටයන් හි බැහැර වූ ආකෘතියකින් නිම වූ ඉනි අවන් යුද්ධයෙන් පසු ඒ ඒ ප්‍රදේශයන් හි වෙසෙන ජනතාව තම තමන්ගේ ජීවිත සොයා යාම පිළිබද කියවෙන චිත්‍රපටයක්. එම ජනතාවන් නියෝජනය කිරීමට පුද්ගලයන් පස් දෙනෙකු හඳගම යොදා ගෙන තිබෙනවා.
ඒ සැබෑ වූ මනුෂ්‍යත්වයේ සුවඳ ආග්රාහණය කරමින් ඔවුන් යන ගමනෙහි අරගලය මෙමගින් විචිත්‍රණය වෙනවා. ඉනි අවන් රූප ගත කර ඇත්තේ යාපනය අවට ප්රදේශවලයි. දින දහයක් තුළ අප්‍රමාණව වෙහෙස වී කර්කශ අව්වෙන් පීඩා විඳීමින් තමයි පිරිස යාපනේදී වැඩ කරලා තිබෙන්නේ.
සුන්දර නිර්මාණයක් කරන්න ඕන හින්දම ඒ ගැන හිතන්නේ නැතිව අපි ෂූට් කළා.’ ඉනි අවන් සඳහා වූ මහන්සිය හඳගමගේම වචනවලින් කිව්වොත් එහෙමයි. ඉනි අවන් එක් ප්‍රේක්ෂක පිරිසකට සීමා වූ සිනමාපටයක් නෙවෙයි. බහුතරයකට විඳිය හැක්කක් වන බවයි හඳගමගේ අදහස.
චිත්‍රපටයේ රඟන පිරිසෙන් දන්න කියන අයට ඉන්නේ දර්ෂන් ධර්මරාජ් සහ මැල්කම් මචාඩෝ පමණයි. අනෙක් සියලුම දෙනාම පාහේ රිිදී තිරයට ආගන්තුකයෝ. නිරංජනී සම්මුඛරාජා, සුබාෂිණී ඇතුළු කිහිප දෙනෙකුගේ පළමු රංගන දායකත්වය ඇත්තේ ඉනි අවන් තුළයි. ඉනි අවන් දෙබස් අඩුවෙන් භාවිත කළ චිත්‍රපටයක්.
ඉනි අවන් සමඟ විත් අශෝක හඳගම යළිත් නොඅනුමානව රටම කළඹාවි.
ඉනි අවන් හි නිෂ්පාදන කණ්ඩායම:
|



අශෝක හඳගම
සම්මතයෙන් මිදුණු
ආකෘති පරිශීලනය
කරමින් චිත්‍රපට
තනන්නෙකු ලෙස
ප්රකටයි. ඔහු නිර්මාණය කළ චිත්‍රපටයන් පිළිබඳ
සමාජයෙහි දැඩි මතවාද
ගොඩ නැගුණේ
ඒ හින්දයි. හඳගම
හරියට පුංචි සුළි සුළඟක්
වගේ. එහෙම කියන්නේ
කාලයක් නිහඬ වී සිට,
සිනමා නිර්මාණයක්
රැගෙන කරළියට එන
ඔහු ඉන් මුළු රටම
කළඹවා යලි නිස්කලංක
වන නිසා.
හඳගම නැවතත් එවැනිම කතිකාවක් ගොඩ නඟන්නට සූදානම්. ඒ ඉනි අවන් හරහා. ඔහුගේ සය වැනි
චිත්‍රපටය වන ‘ඉන් අවන්’ දමිළ මාධ්‍යයෙන් තැනූවක්.
‘දින දහයක් ෂූටිං කළත් අපි පැය වලින් බැලුවොත් දවස් විසි පහකට ආසන්න පැය ගණනක් අපි
වැඩ කරලා වගේ අපිට දැනුණා. යාපනේදී උදේ හත වෙද්දී කට්ට අව්ව.
ඒ වගේම පෙර නිර්මාණ සේම මේ සඳහාත් දැඩි විචාර ලියවෙනු ඇතැයි ඔහු කියනවා.
විශේෂයෙන් රූප මාධ්‍යයට හැඟීම් ප්රකාශනයට වැඩි ඉඩක් බෙදා දී තිබෙනවා. දමිළ
මාධ්‍යයෙන් නිර්මාණය වූ නිසා ඉනි අවන් සිංහල උප ශීර්ෂ සහිතව ළඟදීම ඔබට නැරැඹිය
හැකියි.
කැමරාකරණය - චන්න දේශප්‍රිය