|
||||
රෝහණට නෙතට කඳුලක් නැඟුණු ජයමහ ගේ සත්ක්‍රියාව
අපේ ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහයන්ගේ නෙතට කඳුළක් එනු දුටුවේ ජයන්ත ධර්මදාස මහතාගේ සහභභාගීත්වයෙන් පැවැතුණ කර්තෘභාග ගෙවීමේ සහෘද සංසදයේ රැස්වීමේදීයී.
කවදත් සංවේදී කලාකරුවකු වූ රෝහණට ඊට ටික දිනකට පෙර කර්තෘභාග ලෙස මුදලක් ලැබී තියෙනවා. ඒ 2001 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ඔහු සංගීතවත් කළ ගීත වෙනුවෙන්. මේ විදියට කර්තෘභාග ගෙවා ඇත්තේ අපේ ප්‍රවීණ ගායන ශිල්පී සෝමතිලක ජයමහ විසින්.
මේ
අවස්ථාවට අපේ සංගීත ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් පැමිණ සිටියා. මේ ආකාරයට කර්තෘභාග මීට
පෙර ගෙවූ දයාන් විතාරණ, රොහාන් ශාන්ත බුලේගොඩවත් මතක් කරන්නට රෝහණ අමතක කළේ නැහැ.
මේ සංවේදී කතාව රෝහණ මතක් කරන විට සියල්ලන්ගේම නෙතට කඳුලක් ඉනුවේ තමන්ගේ යුතුකම
හරියට ඉටු කරන කලාකරුවන් ගැන සොම්නසක් සිතෙහි ඉපැදුන නිසයි. අනෙක් ගායකයන්ට හොඳ මාර්ගෝපදේශයක් ලබා දුන් සෝමතිලක ජයමහ ශූරීන්ට සරසවිය උපහාරය.
අවුරුද්දට කොට්ට පොරපසුගියදා දෙරණ කලා ගමේ අවුරුදු උත්සවය හරිම ජයට පැවැත්වුණා. මෙහි සිත් ගන්නාම ක්‍රීඩාව වූයේ කාන්තා කොට්ට පොර තරගයයි. හැම වසරේදීම වාගේ මේ වසරේදීත් නදීෂා හේමමාලිට කිසිම තරගයක් තිබුණේ නැහැ. නමුත් අන්තිම තරගයේදී නදීෂාට හොඳ තරඟයක් දීමට ජානකී විජේරත්නට හැකි වුණා. පළමු වටයේදී ජානකීට නදීශා පහර එල්ල කළේ ආවේගයෙන් වගේයි.
ප්‍රභාත්ගේ කෑමට චන්දිකගේ බඩ පිරිලා
චන්දික නානායක්කාරයි, ප්‍රභාත් වීරසිංහයි කියන්නේ ගසට පොත්ත මෙන් බද්ධ වුණු ගජ යහලුවන්. මේ දෙදෙනාගේම ගම් පළාත වුණේ රත්නපුරයයි. පසුගිය සිංහල අවුරුදු දා තම ගජ මිතුරාව බලන්න චන්දික
විශාල කේක් ගෙඩියකුත් රැගෙන ප්‍රභාත්ලගෙ නිවෙසට ගොඩ වුණා. අවුරුදු ලැබීමේ සතුටත් තම මිතුදම යළි මතක් කර ගන්නටත් මේ හමුව ඉවහල් වුණා. සිංහල අවුරුදු දවස නිසාම ප්‍රභාත්ගේ බිරිඳ වසන්තාට කරදර නොකළ ප්‍රභාත් චන්දිකටත් හොරෙන් මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් වැඩ පටන් ගත්තා. සාලයට වී වසන්තා හා පවුලේ අය සමඟ කතාබහ කරමින් සිටි චන්දික, ප්‍රභාත් කොහෙද කියමින් මුළුතැන්ගෙට පැමිණියේ ප්‍රභාත් පෙනෙන්නට නොසිටි නිසා. තම ගජ මිතුරාට තම අතින්ම නිමැවුනු ප්‍රණීත කෑම වේලක් පිරිනැමීමට සිතමින් කෑම පිළියෙල කරන ප්‍රභාත් දුටු චන්දිකට ඉහ වහ ගිය බඩගින්න ද අමතක වුණා. හදිසියේ කොළඹ වැඩක් බව පවසමින් චන්දික ප්‍රභාත්ලගේ නිවසින් දවල්ටත් නොකා පැමිණි වගයි ආරංචි. මේ ගැන විමසුවාම චන්දික කියන්නේ ප්‍රභාත් උයන හැටි දුටුවාම කෑම එපා වුණු බවයි.
ලූෂන්ට උණ
මෙහිදී මේ රෝගියාව නාවන දර්ශනයක් ඉතා තාත්විකව කැමරාවට හසු කර ගැනීමට අවශ්‍ය වුණා. මේ නිසාම කිහිප වතාවක්ම මේ දර්ශනය රූගත කිරීමට සිදු වුණා. මේ දර්ශනයෙන් පසුව ලූෂන්ගේ ඇඟට යම් අපහසුතාවයක් දැනුණත් දිගටම රූගත කිරීම සිද්ධ කළා. සවස් යාමය වන විට තමයි තෙමුණ එකේ බරපතලකම දැනුණේ. ඒ ලූෂන්ට සහලවලා උණ හැදුන නිසා.
|
||||