වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ කට්ටිය ගැන මතක සටහන්

අපේ කට්ටිය ගැන මතක සටහන්

ඒ දවස මගේ වෘත්තිය සගයකු ලෙස සරසවියේ සේවය කළ සුනිල් හොරේෂස් නැමැති ප්‍රවීණ හා ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදියා මට කිසිසේත් අමතක නොකළ හැකි චරිතයකි. ඔහු සිංහල සිනමාවට හඳුන්වා දුන් නවක තරු අද සිනමාවේ ජයකෙළි නංවූ ප්‍රවීණයන් බවට පත් වී ඇත. හොරේෂස්ගේ සියොළඟම, කඩවුණු පොරොන්දුවේ සිට සිංහල සිනමාවේ සියලුම දත්තයන්ගෙන් පරිපූර්ණ වූ දත්ත ගබඩාවකි. අප අතරින් වියෝ වූ හොරේෂස් සිනමා මාධ්‍යවේදියකු ලෙස එවකට සිටි අති දැවැන්තයකි.

මෙවර සරසවිය සම්මාන උළෙලේ විශේෂ කලාපය සඳහා පුවත්පතට සටහනක් තබන්නට සරසවිය කර්‍ත¡ෘ අරුණ ගුණරත්න මා හට කළ ආරාධනය මා ඉත සිතින් පිළිගත්තේ පුවත්පත හා මා සමඟ තිබූ ළෙන්ගතු බැඳීමත් සමඟිනි.

මා මාධ්‍ය ජීවිතයට අත් පොත් තැබුවේ සරසවියෙනි. පුරා වසර 20 ක් සරසවිය පුවත්පතේ සේවය කළ මා නියෝජ්‍ය කතුවරිය, සම කර්‍ත¡ෘවරිය මෙන්ම සරසවිය ප්‍රධාන කර්‍ත¡ෘ ධූරයට පත් වූයේ ශ්‍රී ලංකාවේ සිනමා පුවත්පතක ප්‍රධාන කර්‍ත¡ෘ ධුරය දරන ලද ප්‍රථම හා එකම කාන්තාව වීමේ භාග්‍යය ද හිමිකර ගනිමිනි.

වෘත්තීය ජීවිතයේ වැඩි කාල පරාසයක් මා ගත කළේ සරසවිය පුවත්පතේය. මාගේ වෘත්තිය ජීවිතයේ ස්වර්ණමය යුගය කුමක්දැයි යමෙකු විමසුව හොත් මා දෙන එකම පිළිතුර සරසවිය පුවත්පතේ ගත කළ යුගය කියාය.

මාගේ සිත අතීතය කරා දිව යයි. මා පුංචි සන්ධියේ අපේ නිවසට මිලදී ගත්තේ පුවත්පත් තුනකි. ඒ ඔබ්සර්වර්, ඩේලිනිවුස් සහ මිහිර පුවත්පත්ය. තාත්තා වෙනුවෙන් ඉංගී‍්‍රසි පුවත්පත් මිලදී ගත්තද මිහිර වෙන්වූයේ මා වෙනුවෙනි. මිහිර හැර වෙන කිසිදු පුවත්පතක් කියවීමට අම්මා ඉඩ දුන්නේ නැත.

එහෙත් අල්ලපු ගෙදර ඇන්ටි නොකඩවා සරසවිය මිලදී ගත් කාන්තාවකි. “ සරසවිය සුදුසු වැඩිහිටියන්ටයි.” ගුරුවරියක වූ මාගේ මව නිරන්තරයෙන් පවසන්නක් වුවද අම්මා ගෙදර නොමැති විට අල්ලපු ගෙදරට ගොස් සරසවිය කියවීම පුරුද්දක් කර ගෙන සිටියෙමි. එදා සරසවිය නිකුත් වූයේ සිකුරාදාය. මාද දින ගනිමින් සිටින්නේ සිකුරාදා වන තෙක්ය. දෛවයේ නියමය ලෙසට දෝ මට කිසිදා නොසිතූ ලෙස පතින් මගේ වෘත්තිය ජීවිතය අරඹන්නට අවස්ථාව හිමු වුණේ සරසවියෙනි. මට සරසවිය සැබෑ සරසවියක්ම විය.

මා සරසවියේ පුවත්පත් කලාවේදියක බවට පත් වූයේ ග්‍රැන්විල් සිල්වා කර්තෘ ධූරය දැරූ සමයේය. එදා පටන් ඒ.ඩී රන්ජිත් කුමාර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුසිල් ගුණරත්න, අනුර බණ්ඩාර රාජගුරු යන කර්‍ත¡ෘවරුන් සමඟ අතිශය කුලුපගව කටයුතු කළෙමි.

තමා නියැළෙන යම්කිසි වෘත්තියක් තුළ පී‍්‍රතිය, සතුට බුක්ති විඳීමට හැකි නම් එය කොතරම් වාසනාවක්ද? එය මට හිමි වූයේද සරසවිය කර්‍ත¡ෘ මණ්ඩලයේ සේවය කරන අවධියේදීය. මා එසේ පවසන්නේ මම සරසවියට සම්බන්ධ වූ දා පටන් මා එහි ගත කළ ප්‍රිතිමත් කාල පරිච්ඡේදය පිළිබඳ පවසන්නටය. සරසවිය රස ගුලාවකි, සිනහ සාගරයකි. එහෙත් වෘත්තිමය කටයුතු වලට ප්‍රමුඛස්ථානය දෙමින් අපි ගත කළ ඒ සුන්දර අතීතය සොම්නසින් යුතුව ආවර්ජනය කිරීමට හැකි වන ලෙස මතකයේ සනිටුහන් වී ඇත.

ඒ දවස මගේ වෘත්තිය සගයකු ලෙස සරසවියේ සේවය කළ සුනිල් හොරේෂස් නැමැති ප්‍රවීණ හා ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදියා මට කිසිසේත් අමතක නොකළ හැකි චරිතයකි. ඔහු සිංහල සිනමාවට හඳුන්වා දුන් නවක තරු අද සිනමාවේ ජයකෙළි නංවූ ප්‍රවීණයන් බවට පත් වී ඇත.

හොරේෂස්ගේ සියොළඟම, කඩවුණු පොරොන්දුවේ සිට සිංහල සිනමාවේ සියලුම දත්තයන්ගෙන් පරිපූර්ණ වූ දත්ත ගබඩාවකි. අප අතරින් වියෝ වූ හොරේෂස් සිනමා මාධ්‍යවේදියකු ලෙස එවකට සිටි අති දැවැන්තයකි.

ගීත රචක කැමිලස් පෙරේරා ද සුසිල් ජිනපි‍්‍රය ද අප සමඟ වැඩ කළ සගයන්ය. දෙදෙනාම සංස්කරණයේ ශූරයෝය. සුසිල් ජනපි‍්‍රය අප අතරින් ගොස් දිගුකලක්. ප්‍රවීණ මාධ්‍යවේදිනියකුව සිටි නෙළුම් විමලරත්නට හින්දි සිනමාව පිළිබඳ තිබූ පෘථුල දැනුම් සම්භාරය සරසවියට ආභරණයක් විය. එසේම ඉංගී‍්‍රසි භාෂාව ආශි‍්‍රත ලිපි පරිවර්තනයෙහිලා ඇය දක්ෂයෙකි.

ලතා බොතේජු ද , මුදිත කාරියකරවනද , ගීෂා මුණසිංහ එ දවස අප සමඟ සරසවිය පුවත්පතේ වැඩ කළ සහෘදයන්ය. මගේ සැමියා වූ ප්‍රවීණ ඡායාරූප ශිල්පි උපාලි ෆොන්සේකා ද කලක් සරසවිය පුවත්පතේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා විය.

මගේ වෘත්තීය ජීවිතයේ වේදනාත්මක සිදුවීම් දෙකක් සිදුවිය. ඒ සුසිල් ගුණරත්නගේ සහ සුනිල් හොරේෂස්ගේ හදිසි අභාවයන්ය. කුරුණෑගල සරසවිය සිනමා උළෙලට සහභාගි වී නිවෙසට පැමිණි සුසිල් හදිසි හෘදයාබාධයකින් මියගිය පුවතින් අපේ හදවත් කම්පාවට පත් විය. සරසවියට ලිපියක් සපයන්නට කඳානට ගොස් ආපසු එන ගමනේදී පාර හරහා පැනීමේදී වාහනයකට හැපී සුනිල් හොරේෂස් මිය ගිය අවාසනාවන්ත අත්දැකීමට ද අප මුහුණ මුහුණ දුන් දරාගත නොහැකි සිදුවීම්ය. ඔවුන් දෙදෙනාම මිය ගියේ සරසවිය පුවත්පතේ රාජකාරි කටයුතුවල නියැළුණු අවස්ථාවලදීය. සරසවියේ අපට විනෝදාස්වාදය ලබා දුන් අය අතර ප්‍රමුඛයා වූයේ සුසිල් ගුණරත්නය. සුසිල් අයියා නාට්‍යවේදියකු නිසා ඇතැම් විහිළු ඉදිරිපත් කරන්නේ ද නාට්‍ය අනුසාරයෙනි. බඩ අල්ලාගෙන, කොක් හඬ නංවා සිනාසෙන්නට තරම් ඔහුගේ විහිළු අතිශයින් රසවත්ය.

20 වසරක සරසවියේ අත්දැකීම් සිසාරා මා දුටුවේ සරසවිය යනු එක රැහේ එකට සිටිමින් එකා මෙන් වැඩ කළ හැකි කණ්ඩායමක් සිටි පත්තරයක් ලෙසය. කණ්ඩායම් හැඟීම යනු සරසවියේ ජවයයි. එයින් ලැබුණු ප්‍රතිඵලය කෙලෙසදයත් මා සරසවිය කර්‍ත¡ෘ ධූරය හෙබවූ කාලයේදී මාස දෙකක සුළු කාලයක් ඇතුළත සරසවිය සම්මාන උළෙලක් අති විශිෂ්ට අන්දමින් නිම කිරීමට අපට හැකි විය. එදා මා සමඟ අත්වැල් බැඳ ගත් වර්තමාන කර්තෘ අරුණ ගුණරත්න, නෙළුම් විමලරත්න, සුනිල් හොරේෂස්, සුනිල් මිහිඳුකුල, චන්දන දයා සිරිවර්ධන, දර්ශන ගුණරත්න, විවේකා සමරසිංහ, හේමාලි විජේරත්න, මනෝලි සුබසිංහ, කුමාර සිරිවර්ධන, ආශිර්වාදිනි හෙට්ටිආරච්චි, ඡායාරූප ශිල්පි ටෙනිසන් එදිරිසිංහ, මාලන් කරුණාරත්න කාර්යාල කාර්ය සහායක ආරියරත්න පෙරේරා එකා මෙන් උරෙන් උර ගැටෙමින් එහි සාර්ථකත්වයට පූර්ණ දායකත්වයක් සැපවූවෝ වූහ.

එදා සරසවිය සම්මාන උළෙල කොඳු නාරටිය සරසවියේ කර්‍ත¡ෘ ඇතුළු කර්‍ත¡ෘ මාණ්ඩලිකයන්ය. පාලන අධිකාරියෙන් ලැබෙන අණසකට ඉහළම ප්‍රතිචාර දැක්වීමට අපි හුරුපුරුදු වී සිටියෙමු. සරසවිය සහෘදයන් සැමවිටම සිටින්නේ කඩි ගුලක් ඇවිස්සූ විලසිනි.

සම්මාන උලෙළ, රීගල් චිත්‍රපට සතිය, සරසවිය සිනමා සඟරාව එදින නිකුත් කෙරෙන විශේෂ කලාපය, විනිසුරු මඩුල්ල සම්බන්ධීකරණය රීගල් සිනමා සතියට සමගාමීව විවිධ ප්‍රදේශවල චිත්‍රපටි පැවැත්වීම. ආරාධිතයන්ට ආසන පැනවීම ප්‍රචාරක කටයුතු මේ ආදී සියල්ලක්ම අති සාර්ථක ලෙස කර්‍ත¡ෘ මණ්ඩලයේ පූර්ණ කැපවීම මත සිදු වුණ කාර්යයන්ය.

පවරන ඕනෑම දෙයක් ඉටු කිරීමට බොහෝ දෙනෙකුට හැකියාවක් ඇත. එහෙත් එය අති සාර්ථකව ඉටු කිරීමට හැකියාවක් ඇත්තේ ස්වල්ප දෙනෙකුට පමණි. සරසවිය කර්‍ත¡ෘ මාණ්ඩලිකයන් ඊට හොඳම නිදසුනකි.

සරසවිය සම්මාන උළෙලට සමගාමීව ප්‍රථම වරට ප්‍රධාන නගරයක චිත්‍රපට උළෙලක් හා සිනමා සම්මන්ත්‍රණයක් පැවැත්වූයේ මහනුවරදීය. එය සංවිධානය කිරීමේ කාර්යය පැවරුණේ මා හටය. මාගේ සහයට හේමාලි විජේරත්න, මානෝලි සුබසිංහ සහ ඡායාරූප ශිල්පි මාලන් කරුණාරත්න එක් විය.

මහනුවර රීගල්, කටුගස්තොට සීගිරි යන සිනමාහල් සිනමා ලෝලීන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබුණි. කොළඹ සිට ජනපි‍්‍රය සිනමා ශිල්පීන් මහනුවරට කැඳවා අති සාර්ථක ලෙස චිත්‍රපට සතිය පැවැත්වූයේ අති උත්කෘෂ්ට අන්දමිනි. සරසවිය කර්‍ත¡ෘ මණ්ඩලය දිවා රෑ නොබලා වැඩ කරන පිරිසකි. තෘප්තිමත් භාවයෙන් වැඩ කළ සරසවියේ කණ්ඩායම විවිධ දක්ෂතා හා හැකියාවලින් යුත් පිරිසක් විය.

වර්තමාන සරසවියේ කර්තෘ, එදා නියෝජ්‍ය කර්‍ත¡ෘ ධූරය හෙබ වූ අරුණ ගුණරත්න හෙබ වූ චිත්‍රපට ලෝලියෙකි. දිනකට අඩුම තරමින් චිත්‍රපට දෙකක් නැරඹුවේ නැත්නම් ඔහුට නින්ද යන්නේ නැත. අරුණට පැවරී තිබුණේ ඔහුගේ පි‍්‍රයතම විෂය වු සිංහල හා විදෙස් සිනමාව ලියන්නටය. “ දීප්ති අද මම දෙකට විතර යනවා.”

“ යන්න ඉස්සර ලිපිය දීලා යන්න.”

දෙක වනවිට ලිපිය මේසය උඩය. අරුණ නැත. සොයන්නට දෙයක් නැත අරුණ කොහේ හෝ සිනමාහලකය.

දර්ශන ගුණරත්න ද සරසවියේ සගයෙකි. ක්‍රිකට් යනු ඔහුගේ ජීවිතයයි. ක්‍රිකට් මැච් තිබෙන දාට ඔහු සොයා ගැනීමට අපහසුය. ඔහු ඇත්තේ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේය නැත්නම් රූපවාහිනි තිරයක් අසලය. එහෙත් උනන්දුවෙන් වැඩ කරන ඔහු වැඩේ අකුරටම කරන දක්ෂයෙකි.

අතීතයෙන් තොර වර්තමානයක් නැත. අතීතය පිළිබඳ මා මෙලෙස සටහන් කළේ අද සරසවියේ සිටින සගයන් හඳුන්වා දෙන්නට පෙර වසර 55 ක් පුරා වැජඹුණ සරසවියේ යුග බැඳි සහෘද පිරිස කවුරුන්දැයි ඔබට සිහි ගැන්වීම මාගේ යුතුකමක් යැයි සිතූ බැවිනි.

වර්තමානයේ සරසවිය මුල් පුටුව හොබවන අරුණ ගුණරත්න යනු මා පෙර පැවසූ පරිදි සිනමාවට පෙම් බැඳි පුද්ගලයෙකි. කැබිතිගොල්ලෑව නැමැති මායිම් ගමක ඉපද හැදී වැඩුණ ද කොළඹ ආනන්දයෙන් සිප් සතර හැදෑරූ ඔහු අද විචාරක සිනමා කලාවේ චරිතයක් බවට පත් වී ඇත. ඔහු සතු සිනමා දැනුම පමණක් නොව කලාව පිළිබඳ තිබෙන දැනුම් සම්භාරය ද අති මහත්ය. ටෙලිවිෂන් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, ගීත රචකයකු සිනමාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු මෙන්ම දේශකයකු, ග්‍රන්ථ කතුවරයකු ද වූ ඔහු චිත්‍රපට නැරඹීමට දක්වන ඇල්ම කොතෙක්දයත් තූත්තුකුඩියේ චිත්‍රපටයක් තිබුණ ද ඔහු නොවරදවාම එය නරඹන්නට යන බව නම් නිසැකය.

ආචාර්ය නුවන් නයනජිත් කුමාර

සරසවියේ හිටපු කර්තෘ ඒ.ඩී රංජිත් කුමාරගේ පුත් නුවන් නයනජිත් මා හඳුනන්නේ රංජිත් අයියාගේ දමයන්තිගේ පවුල සමඟින් උපාලි සහ මා අතර තිබූ මිත්‍රත්වය මතය. වැඩි කතාබහක් නොමැති කලබලකාරීත්වයෙන් තොර පුද්ගලයකු වූ ඔහු සිටින්නේ තමන්ගේ පාඩුවේය. නමුත් ඉඳහිට විහිළුවක් කර සිනාසීමට නම් ඔහු හපනෙකි. ජන සන්නිවේදනය, සිනමාව පිළිබඳ ආචාර්ය උපාධිධරයෙකු වූ ඔහු සිංහල සිනමාවේ වංශ කතාව නැමැති ඵෙතිහාසික ග්‍රන්ථයක් සිනමාව, කලාව, සංගීතය ආශි‍්‍රත සාරගර්භ ග්‍රන්ථ රාශියක් රචනා කළ දක්ෂ ලේඛකයෙකි. සිනමා දේශකයකු මෙන්ම ගායකයකු ද වූ ඔහු ටෙලිනාට්‍ය කිහිපයක රඟපා ඇති නළුවකු ද වන්නේය.

චන්දන දයාසිරිවර්ධන

බුදුසරණ පුවත්පතේ හිටපු කර්තෘවරයකු වූ දයාසිරිවර්ධනයන්ගේ පුත් චන්දන දයාසිරිවර්ධන වචනයේ පරිසමාප්ත අරුතින් දක්ෂයෙකි. තමන්ට පැවරෙන ඕනෑම වගකීමක් ඉතා කැපවීමෙන්, උනන්දුවෙන්, ඉටු කිරීම ඔහුගේ ජීවිතයේ ප්‍රධානතම අංගයකි. කලට වේලාවට පමණක් නොව වේලාවට පෙරද තම වගකීම් නිම කිරීමට ඔහු නිතරම වෙහෙස දරන්නෙකි. පිළිවෙළ සහ ක්‍රමානුකූල බව ඔහුගේ ජීවිතයේ ප්‍රධානතම අංගයකි. කලට වේලාවට ලිපි ලබා දෙන තෙක් ඔහුගෙන් නම් විසුමක් නැත.

ප්‍රසාද් සමරතුංග

සරසවිය පුවත්පතේ ප්‍රවෘත්ති සම්පාදන කාර්යභාර පැවරී ඇත්තේ ප්‍රසාද්ටය. පැවරෙන තම රාජකාරිය ඉතා වගකීමෙන් සහ කැපවීමෙන් ඉටු කරන ප්‍රසාද් පත්තර කලාවට අමතරව සකල කලාවටම යොමු වූවෙකි. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. රූපවාහිනි සහ චිත්‍රපට නළුවෙකි. ගායකයෙකි. ප්‍රසාද්ගේ බිරිඳ ඔහු සොයා ගත්තේ ද සරසවිය පුවත්පතිනි. ඇය නිදහස් මාධ්‍යවේදිනියක ලෙස සරසවිය පුවත්පතේ කටයුතු කළ නිශංකා උඩුගම්පලය.

තුෂාරි නේරංජනා වික්‍රමසිංහ

තුෂාරි ඉතා මෑත භාගයේදී සරසවියට කර්තෘ මණ්ඩලයට අනුයුක්ත වුවෙකි. මින් පෙර ඇය සිටියේ රසඳුන කර්‍ත¡ෘ මණ්ඩලයේය. නමුත් සරසවිය හා ඇයට හාදකමක් ඇත. එවකට සරසවිය කර්‍ත¡ෘ මණ්ඩලයේ නිදහස් මාධ්‍ය වේදිනියක ලෙස සේවය කළ ඇය ස්ථීර සේවිකාවක් බවට පත් වීමට වරම් ලැබුණේ සරසවියෙන් ලැබූ දායකත්වය නිසාමය. තුෂාරි තමන්ට පැවරෙන වගකිම් ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් යුතුව ඉටු කරන පුද්ගලයෙකි. ජනමාධ්‍ය විශේෂවේදී උපාධිධාරිනියක වූ ඇය එවකට සරසවිය සම්මාන උළෙලවලදී දිවා රෑ වෙහෙස නොබලා ඉතා කැපවීමෙන් කටයුතු කළ කෙනෙකි.

අරුණි මුතුමලී

අරුණි ද සරසවියට ආගන්තුක චරිතයක් වුවද කලාවට නම් ඇය ආගන්තුක නැත. “අග්නිදාහය” චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකාරිණිය ලෙස කටයුතු කළ අරුණි මුතුමලී TVT ආයතනයේ කලක් සේවය කළ අතර මඟින් ඉදිරිපත් කළ සරසවිය සම්මාන උළෙල කිහිපයකටම දායකත්වයක් ලබා දුන් කෙනෙක්.

ඇය සරසවියට අනුයුක්ත වූයේ ඉතා මෑතකදීය. ඊට පෙර ඇය සිළුමිණ පුවත්පතේ විශේෂාංග කතුවරියක් ලෙස දේශපාලනය, සාහිත්‍යය ආදී විවිධ වූ අංශ ඇසුරින් රසබර විශේෂාංග ලිපි සිළුමිණට සැපයූ අයෙකි.

පුබුදු ඩිලාන්

කාර්යාල කාර්ය සේවකයකු ලෙස සරසවියේ කටයුතු කරන පුබුදු ඩිලාන් සමඟ මට වැඩ කිරීමට ලැබුණේ සරසවිය ජූරි සම්බන්ධීකරණ කටයුතු හරහාය. ළාබාල වයසේ පසුවන පුබුදු කඩිසර, අතිශයින් පිළිවෙළට, වගකීම් සහිතව, රාජකාරිය අකුරටම ඉටු කරන්නෙකි. සේවා වැඩ මුරයෙන් පරිබාහිරව සරසවිය වෙත කාලය මිඩංගු කරන්නකි.

වර්තමානයේ තරුණ ගැටව් මෙන් mobile පිස්සුවක් ඔහුට නැත. එය කලාතුරකින් දැකිය හැකි දෙයකි.

ගාමිණි පෙරේරා

ගාමිණී අයියා වයසට යන්නේ නැත. ඔහු සරසවියේ වැඩිමලාය. සරසවියේ සිටි කාලයේ දුටු ගාමිණී අයියා අදත් ඒ වගේය. එ දවස හදිසි කොපි ඉක්මණින් ටයිප් සෙටින් කර ගන්නට යන්නේ ගාමිණි අයියා වෙතය. කිසිදිනක “ නැහැ බැහැ” ඔහුගේ වාග්කෝෂයේ නැත. වචනයේ පරිසමාප්තයෙන්ම ගාමිණී අයියා හොඳ හිතක් ඇති මිනිසෙකි. කොපි ටයිප් සෙටින් කර ගැනීමට කවුරුත් නොමැති වෙලාවක වර්තමානයේ මා සේවය කරන “ ආරෝග්‍යා” පුවත්පතේ ලිපි පවා ඔහු ටයිප් සෙටින් කර දෙන්නේ “ නැහැ බැහැ” නොකියාය. කාලයක් වේලාවක් නොමැතිව රෑ බෝවන තෙක් පවා තම කාර්ය අහවර කර නිවසට යන ගාමිණී අයියා වැනි අය වර්තමානයේ 4.30 කණිසමට ගෙදර දුව යන අයට හොඳ නිදසුනකි.

නිශ්ශංක විජේරත්න

නිශ්ශංකව මා හඳුනන්නේ ඔහු ලේක්හවුසියට එන්නට පෙර “ සන්ඩේ ලීඩර්” හි සේවය කළ කාලයේදීය. සරසවියට අනුයුක්ත වීමට පෙර මිහිතුරු සඟරාවේ ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කළ ඔහු වර්තමානයේ අනුයුක්තව සිටින්නේ සරසවිය ඇතුළු සතිපතා පුවත්පත් වලටය. එහෙත් ඔහුගේ ශ්‍රම දායකත්වය වැඩිපුරම ලැබෙන්නේ සරසවියටය. දැන් ඔහු සරසවියේ ඡායාරූප ශිල්පියාය. පවරන ඕනෑම කාර්යයක් හරියාකාරව ඉටු කරන නිශ්ශංක කලට වේලාවට ගත් පින්තූර ලබා දෙන කෙනෙකි.

යතේජා ඥානරත්න

යතේජා සමඟ මා එතරම් සමීප නොවුවද ඇය ද සරසවියේ නිදහස් මාධ්‍යවේදිනියක් වේ. විදෙස් සිනමා ලිපි අපූරුවට පරිවර්තනය කිරීමේ හැකියාවක් ඇය තුළ පවතී. වගකීමෙන් යුතුව පවරන කාර්යයන්හි නිරත වන ඇය ක්‍රමානුකූලව සිය කාර්ය භාරය මැනවින් ඉටු කරන කෙනෙකි.

සුගත් පි‍්‍රයන්ත

පි‍්‍රයන්ත සරසවිය කාර්යාල කාර්ය සහයකයාය. මේ අවුරුද්දේ් ඔහු රැකියාවට වාර්තා කිරීම සඳහා ලේක්හවුසියට පැමිණෙමින් සිටියදී නොසැලකිලිමත් රියදුරෙකු නිසා අනතුරට ලක් වී ඔහුගේ පාදයක් අහිමි වීම නිසා මේ දිනවල සේවයට නොපැමිණියත් සරසවියට ඔහුගේ සේවය ඉදිරියේදී ලැබෙනු ඇත.

චක්සු අබේවික්‍රම

චක්සු යනු වසර ගණනාවක් පුරා සරසවිය පත්තරේ රූ රටා නිර්මාණශිල්පියා ලෙස කටයුතු කරන්නාය. නිශ්ශබ්ද කතාබහ අඩු කිසිදිනක බැහැ නොකියන චක්සු මල්ලී ගේ අතින් එ දවස සරසවිය පුවත්පතක අලංකෘතව හැඩ වැඩ විය. ලැබෙන පින්තූර අලංකාරය ගෙන දෙන අන්දමින් නිමා කොට රූ රටා නිර්මාණ කරන ඔහු වචනය පරිසමාන්ත අර්ථයෙන්ම දක්ෂයෙකි. ඕනෑම දෙයක් දුක් ගන්නා රාළ සේ කරට ගන්නා ඔහු තුළ ඇති සහජ හැකියාව අගය කළ යුත්තකි. වර්තමානයේ කර්තෘ මණ්ඩල පිටු සැකසුම් අංශයට අනුයුක්තව වී සිටින චක්සු සරසවිය ඇතුළු තවත් පුවත්පත් කිහිපයක රූ රටා නිර්මාණයේ යෙදෙයි.