වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




ජනගඟ මැද ආලෝකෝ උදපාදි

ජනගඟ මැද ආලෝකෝ උදපාදි

34 වැනි සරසවිය සම්මාන උලෙළේ පෙර ගමන්මඟේ තෙවන දිනය වූයේ ජූලි 26 වන දිනයි. එදින ප්‍රධාන ආරාධිත අමුත්තිය වූයේ ප්‍රවීණ රංගන ශිල්පිනී සනෝජා බිබිලේයි. ඇයට මල්කළඹක් දී පිළිගනු ලැබුවේ නවපරපුරේ රංගන ශිල්පිනි උදාරි පෙරේරායි. චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ 'ආලෝකෝ උදපාදි' එදින තිරගත විය. එම පුරාවෘත්තය තිර රචනයට ගෙනා සමන් වීරමන්, නිෂ්පාදක තුසිත විමලසේන සහ ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ චරිතයන්ට පණ පෙවූ නළු නිළියන් ඇතුළු කණ්ඩායම එම දර්ශනයට සහභාගි වූහ. ආලෝකෝ උදපාදී නරඹන්නට පැමිණි ප්‍රේක්ෂයෝ සරසවියට හා මෙවර අනුග්‍රාහකත්වය දක්වන කාගිල්ස් ආයතනයට සුභපතන්නට අමතක නොකළහ. ඒ සොඳුරු දසුන් පිළිබඳ තෙවැනි ඇස කියූ කතාවයි මේ.