වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




මධුර සුපිරිසුදු රම්‍යා වූ පෙම් 1997-2006

මධුර සුපිරිසුදු රම්‍යා වූ පෙම් 1997-2006

සප්ත කන්‍යා සිනමාපටයේ අමරණීය පෙම්වතුන් යුවළ වූ කමල් සංගීතා නැවතත් කිණිහිරියා මල් සිනමාපටයෙන් ආදරවන්තයින් වූහ. සිය පොරොන්දුව ඉටු කරන්නට පැමිණ රවීන්ද්‍ර රන්දෙණිය වසන්ති චතුරාණි සමඟ පෙමින් වෙලුණේ පොරොන්දුව සිනමාපටයේදීය.

නිල් නුවන් සඳැල්ලේ
මල් යහන් තුරුල්ලේ

මේ ප්‍රේමණීය ගීය අන්තර්ගත වූයේ රෝස වසන්තය සිනමාපටයටයි. රන්ජන් රාමනායක කාංචනා මෙන්ඩිස් සහ නිසංසලා ජයතුංග තුන් කොන් පෙම් හබයක පැටලුණේ එකී සිනමාපටයෙනි.

සාවිත්‍රිගේ රාත්‍රිය තුළින් රාසි අන්වර් සහ වීණා ජයකොඩි එකට රංගනයේ යෙදුණහ. රාසි වර්තමානය වන විට ක්ෂේත්‍රයෙන් බැහැරව සිටිය ද එකල ඔහු බොහෝ සිනමාපටවල පෙම්වතා විය. ප්‍රදීපා ධර්මදාස මෙම සිනමාපටයේ ගායනය වෙනුවෙන් සරසවිය සම්මාන ලැබුවාය. අමෝජා වීරසිංහ කමල් අද්දරආරච්චි පෙම් බඳින්නේ ජුලියට්ගේ භූමිකාව සිනමාපටය තුළිනි. දොරකඩ මාරාවේ රංගනයේ යෙදෙමින් සනත් ගුණතිලක සංගීතාගේ පෙම්වතා විය. පවුරු වළලු තුළින් වෙනස්ම ආදර කතාවක් ඔස්සේ අප හමුවට ආවේ විශිෂ්ට නළු ටෝනි රණසිංහ සහ නීටා ප්‍රනාන්දුය. මේ කාලයේදී ජයසේකර අපොන්සු තිරයේදී පෙම්වතියක් සොයා ගත්තේය. ඇය දිල්හානි අශෝකමාලා විය. රන්ජන් රාමනායක, සංගීතා වීරරත්න, වසන්ති චතුරාණි එකට හමු වන්නේ බහුභාර්යා සිනමාපටය තුළිනි. සප්ත කන්‍යා සිනමාපටයේ අමරණීය පෙම්වතුන් යුවළ වූ කමල් සංගීතා නැවතත් කිණිහිරියා මල් සිනමාපටයෙන් ආදරවන්තයින් වූහ. සිය පොරොන්දුව ඉටු කරන්නට පැමිණ රවීන්ද්‍ර රන්දෙණිය වසන්ති චතුරාණි සමඟ පෙමින් වෙලුණේ පොරොන්දුව සිනමාපටයේදීය.

නිල් නුවන් සඳැල්ලේ
මල් යහන් තුරුල්ලේ

මේ ප්‍රේමණීය ගීය අන්තර්ගත වූයේ රෝස වසන්තය සිනමාපටයටයි. රන්ජන් රාමනායක කාංචනා මෙන්ඩිස් සහ නිසංසලා ජයතුංග තුන් කොන් පෙම් හබයක පැටලුණේ එකී සිනමාපටයෙනි.

තිසර විලේ පියුම නෙළු සිනහවේ

රෝස වසන්තය අවසන් වූයේ තවත් ජනප්‍රිය ගීතයක් සිනමා වංශ කතාවට එක් කරමිනි. කළු සුදු මල් සිනමාපටයේ කමල් දිල්හානිගේ ආදර කතාව දිග හැරිණ. ඒ කමල්ම සුවිසෙස් චරිතයක් මැව්වේ අග්නි දාහය සිනමාපටයේය. ජැක්සන් ඇන්තනි යශෝධා ද ඒ තුළ පෙම් හබයක පැටලිණ. අප සිනමාවේ තවත් අසම්මත පෙම් පුවතක් දිග හැරුණේ තනි තටුවෙන් පියාඹන්න සිනමාපටයෙනි. එහි අනෝමා ජනාදරි පිරිමි චරිතයක් මැවූහ. ඇය පිරිමියකු යැයි සිතා පෙම් බැන්දේ ගයනි ගිසන්තිකාය. සුපිරි නළු රන්ජන් රාමනායක, අමෝජා වීරසිංහ යකඩ පිහාටු චිත්‍රපටයේ චරිත මැවූ අන්දම අදටත් අප මතකයෙන් බැහැරව නොයයි. මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක සහ නයනා කුමාරි ආදර චරිත මවන්නේ සුදු සළු චිත්‍රපටයේය. සනත් ගුණතිලක ඔය කාලයේදීම තරුණ පෙම්වතියක් සොයා ගනියි. ඇය කාංචනා මෙන්ඩිස් නම් විය. ඔවුනගේ ප්‍රේමය ඵල දැරුවේ සක්මන් මළුව චිත්‍රපටයේය.

දෙදහස් හතර වසරේ ආදරණීය වස්සානය චිත්‍රපටය තිරගත වන්නේ ආදරණීය ගීත ගොන්නක් ද සිනමා ලොවට දායාද කරමිනි. එහි සුපෙම්වතුන් වුණේ රොෂාන් රවීන්ද්‍ර සහ චතුරිකා පීරිස්ය. හිනයකි මට ආදරේ (ආදරණීය වස්සානේ) ඒ ආදරය තීව්‍ර කළ ආදර ගීතයය. සඳ එබෙන්නෙපා තරු සිදුරු වසා යන නැවුම් ගීයට රොෂාන් චතුරිකා රංගනයෙන් දායක වූයේ අතිශය ප්‍රේමණීය අන්දමටය.

හිරිපොද වැස්ස වගේයා
සෙනෙහස සුව පතුරායා

හිරිපොද වැස්ස සිනමාපටයෙහි මතකය එලෙස අවදි වෙයි. අලුත්ම නළුවන් රැසක් එතුළින් සිනමාවට පිවිසිණ. අද වන විට ඔවුන් ජනප්‍රිය තරුය. රොෂාන් රණවන, පුබුදු චතුරංග, අකිල සඳකැළුම් එකී තරුණයින්ය. ඔවුන්ගේ පෙම් කිරීමට ලක් වූයේ අනර්කලී ආකර්ෂා සහ චතුරිකා පීරිස්ය.

එක් මලක පෙති සිනමාපටයෙහි ජනප්‍රිය ගායකයකු සහ ගායිකාවක පෙම්වතුන් ලෙස රැඟූහ. නලින් පෙරේරා සහ ජින්ජර් වයිට් එම චරිත මැවූහ. රොෂාන් පිලපිටිය ද එම පෙම් කතාවේ කොටස්කරුවකු විය.

සඳකැළුම් අහස් ගැබ අතුරා
රහසේ හිනැහෙන්නම්

එලෙස කියමින් රන්ජන් රාමනායක සිතුවේ දිල්හානි අශෝකමාලා ගැනය. ඔවුන් ඒ අන්දමින් ආදරය කළේ නිලම්බරේ සිනමාපටයේදීය. රන්ජන් සිය පෙම් රැඟුම කොතෙක් තාත්ත්විකව කළේද යත් එම වසරේ හොඳම නළුවා ලෙස සරසවිය සම්මාන දිනුවේ ඔහුය.

අංජලිකා මෙරට සිනමා අඹරට දීප්්තිමත් තාරකාවකගේ ආගමනය සිදු වූ චිත්‍රපටයයි. ඇය පූජා උමා ශංකර් නම් විය. අද වනවිට ඇය අතිශය ජනාදරයට පත් වූ සිනමා තාරකාවකි. පූජා සමඟ පෙමින් වෙලුණේ චන්න පෙරේරාය.

පායනා ඉර පාන කාගේ
පීදෙනා මල් යාය කාලේ
හසරැලි ම'වෙත ගෙනා...

අංජලිකා තුළින් අප සිනමාවට දායාද කළ එය අපූරු ගීයකි.