වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




මායා රජ දැක්මක

මායා රජ දැක්මක

සරසවිය සම්මාන උලෙළට සමගාමීව පවත්වන චිත්‍රපට දැක්මේ දෙවන දින වූ ජූලි 25 වන දින තිරගත වූයේ 'මායා' සිනමාපටයයි. එදින ප්‍රධාන ආරාධිත අමුත්තිය වූයේ ප්‍රවීණ රංගන ශිල්පිනී දමයන්ති ෆොන්සේකායි. ප්‍රධාන ආරාධිතයන් පිළිගැනීමට එක්වූයේ නවපරපුරේ රංගන ශිල්පිනි චුලක්ෂි රණතුංගයි. එම චිත්‍රපටය සදේෂ් කුමාර්ගේ නිෂ්පාදනයට අධ්‍යක්ෂණය කළේ ඩොනල්ඩ් ජයන්තයි. මායා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ සුපිරි නළු රන්ජන් රාමනායක ඇතුළු චිත්‍රපටයේ පිරිස එම දර්ශනයට සහභාගි වූහ. එදින මායා නරඹන්නට පැමිණි ප්‍රේක්ෂකයන් සරසවිය කැමරා කාචයට හසු කරගත් අයුරුයි.