වර්ෂ 2018 ක්වූ  ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් වැඩක

අලුත් වැඩක

අතුල රන්සිරිලාල් කියන්නේ හඬකැවීම් ක්ෂේත්‍රය බැබළ වූ පතාක යෝධයෙක්. ඔහු විශිෂ්ට අධ්‍යක්ෂ ටයිටස් තොටවත්ත මහත්තයාගේ ගෝලයෙක්. ටයි මහත්තයා කළ කී දෑ ඉදිරියට ගෙන යන මේ අතුල ජාතික නාළිකාවේ දිගු කලකින් සේවය කිරීමෙන් අනතුරුව ඉකුත් දා විශ්‍රාම ගියා. කෙටි කලක් එහෙම හිටපු අතුල තව නොබෝ දිනකින් අලුත් වැඩකට අත තියන්න සූදානම්. බොහෝ දෙනෙකුගේ ඉල්ලීමකට ඉඩ දෙමිනුයි අතුල මේ කාර්යය ආරම්භ කිරිමට හිතලා තියෙන්නේ.

ඔහු මුලිකත්වය ගෙන පාඨමාලාවක් ආරම්භ කරනවා. ඒ සඳහා හඬ කැවීම, හඬ කැවීම් අධ්‍යක්ෂණය, ගුවන් විදුලි සහ රූපවාහිනි නිවේදනය යන විෂයන් ඇතුළත්. අතුල මේ සඳහා ප්‍රවීණතම ඇදුරු මඬුල්ලක් දෙසුම් සඳහා සහභාගීකර ගැනීමටද නියමිතයි. මේ සඳහා එකතු වන්නට මෙම විෂයන් සඳහා ළැදි ආධුනිකයින්ට අතුල ආරාධනා කරනවා. නො 69, හත්බෝධිය පාර, කළුබෝවිල, දෙහිවල යන ලිපිනයට මුද්දර ඇළවූ ලියුම් කවරයක් එවා මේ පිළිබඳ වැඩි විස්තර දැනගන්නට පුළුවන්.