වර්ෂ 2018 ක්වූ  ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




තානාපතිලාගේ ගෙදර

විදේශයක සිට මෙරටට පැමිණෙන තරුණයෙකු සහ තරුණියකි. ඔවුන් හුදෙක්ම මිතුරන් පමණි. බැලූ බැල්මට මේ යුවළ පෙම්වතුන් සේ පෙනුණ ද ඔවුනගේ සිත් තුළ නම් එබඳු දෙයක් නැත්තේය. මේ දෙදෙනා ලංකාවට එන්නේ ස්වකීය පර්යේෂණ නිබන්ධනයක් සඳහා අවැසි තොරතුරු ලබා ගැනීමේ අටියෙනි. කන්ද උඩරට රාජ සමයේදී රාජකාරි ක්‍රමය මත පදනම්ව දෙවන රාජසිංහ රජු විසින් මුස්ලිම් පරපුරක් වෙත නම්බු නාමයක් ලබා දී තිබේ. එය තානාපතිලාගේ ගෙදර නම් විය.

විදෙස් තරුණයා සහ තරුණියගේ අභිලාෂය එහි අක්මුල් සොයා යෑමය.ඒ අභිලාෂයෙන් මේ දෙදෙනා ගුවන් තොටුපළෙන් එළියට පැමිණෙයි. නෙත් අයා අවට පිරික්සයි. දෙදෙනාගේම මුහුණෙහි සිනහවක් නැංවෙයි. ඒ ඔවුන් බලාපොරොත්තු වූ අයවලුන් එතැන සිටින නිසාය. ඉන් එක් අයකු දමිළ ගැහැනු ළමයෙකි. ඇය උමාය. අනෙක් කෙනා මුස්ලිම් තරුණයකු වූ රිෂ්මිය. මොවුන් හතර දෙනා කුලුපඟ වී ගුවන් තොටුපළෙන් නික්ම යන්නට පටන් ගනියි. එහෙත් ඔවුනට නොදැනෙන්න තවත් කණ්ඩායමක් ඔවුන්ව ලුහුබඳිමින් සිටියි. කතාව ඇරැඹෙන්නේ එතැනිනි.

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසට නමක් දිනා සිටි නලීන් මාපිටිය සිනමාපටයක් අධ්‍යක්ෂණය කළේය. එය නම් කොට ඇත්තේ ‘තානාපතිලාගේ ගෙදර’ යනුවෙනි. ඉහත සඳහන් කළ කතා පුවත අන්තර්ගත වන්නේ එම සිනමාපටයේය. වර්තමාන කතාවත් සමඟ අතීතය ද ප්‍රතිනිර්මාණය කරමින් තානාපතිලාගේ ගෙදර සිනමාපටය ඉදිරියට ගලා යයි.

තානාපතිලාගේ ගෙදර රංගනයෙන් හැඩ කරන්නෝ:

බුද්ධදාස විතානාරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ක්ලීටස් මෙන්ඩිස්, පාලිත සිල්වා, ජනක් ප්‍රේමලාල්්, ජනක කුඹුකගේ, රොෂාන් රවීන්ද්‍ර, රොෂාන් පිලපිටිය, දිල්හානි ඒකනායක, හිමාලි සිරිවර්ධන, සචිනි අයේන්ද්‍රා, සාරංග දිසාසේකර, උමාලි තිලකරත්න, සූරියා දයාරුවන්, ගංගු රොෂානා, මනෝහාරි වික්‍රමතුංග, රත්නා ලාලනී, බිමල් ජයකොඩි, ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රසන්නජිත් අබේසූරිය, චින්තක කුලතුංග, රිචඩ් මානමුදලි, රුවන් වික්‍රමසිංහ, දිමුතු චින්තක, කමල් දේශප්‍රිය, වසන්ත විට්ටච්චි, සම්පත් තෙන්නකෝන්, කුමුදු නිශාන්ත, විල්මන් සිරිමාන්න, අචල වල්පොළ

 

 

***************************

නිෂ්පාදන සැලසුම්කරණය, තිර රචනය සහ අධ්‍යක්ෂණය - නලින් මාපිටිය

කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද අරුණලු

සහාය අධ්‍යක්ෂණය - චමින්ද උඩවෙල

නිෂ්පාදන කළමනාකරණය - ශ්‍රී ලාල් වික්‍රමගේ

රේඛීය නිෂ්පාදනය - චාමර ලක්රුවන්

කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්ත

වස්ත්‍රාභරණ නිර්මාණය - වෙනුක වික්‍රමාරච්චි

වේශ නිරූපණය - සමීරමධු කිිඳෙල්පිටිය

කේෂාලංකරණය - රුචිර දිනේෂ් කහඳ

සංගීත අධ්‍යක්ෂණය - දර්ශන රුවන්

සංස්කරණය - අජිත් රාමනායක

ත්‍රිමාණ සජීවිකරණය - රුසිරු පන්නිලගේ

ගීත රචනය - සුරම්‍යා මාපිටිය, අමිල තේනුවර සහ විශාඛා මතනන්දනී

නර්ථන වින්‍යාසය - සංඛ අබේසිංහ

සහාය නිෂ්පාදන කළමනාකරණය - ජයන්ත අබේරත්න සහ චම්පිකා කැකුලන්දර