වර්ෂ 2018 ක්වූ  ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




දෙරණ ස්ටාර් සිටි 20 - 20 ජය අක්කානගෝට

දෙරණ ස්ටාර් සිටි 20 - 20 ජය අක්කානගෝට

ගැයුම් වැයුම් රැඟුම් මැද දෙරණ 20 - 20 රියලිටි ප්‍රසංගය පසුගිය දින අති උත්කර්ෂවත් අන්දමින් ජාතික තරුණසේවා සභාවේදී පැවැත්විණි. එය පළමුවරට පවත්වනු ලැබූ දෙරණ ස්ටාර්සිටි 20 - 20 තරගයයි. කලාකරුවන් හා විශේෂ ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් විචිත්‍රවත් වේදිකාවක් තුළ විවිධ නර්තන හා ප්‍රසාංගික අත්දැකීම් මැද පැවැත්විය. අවසන් වටය සඳහා තරගකරුවන් යුගල තුනක් ඉදිරිපත් විය. එහිදී පළමු තැන හිමිකරගනු ලැබුවේ ඩිනක්ෂි හා ෂනුද්‍රි ප්‍රියසාද්ය. දෙවන ස්ථානය හිමිකරගත්තේ රන්දිර් හා අශාන්තියි. කාගෙත් නෙතට කඳුළක් එකතු කර තුන්වන ස්ථානයට හිමිකම් කිව්වේ රොමේෂ් සුගතපාල හා තීන්ෂණ අනුරාධයි.

සියලු තරගකරුවන් වෙනුවෙන් මුදල් ත්‍යාග හා සැනසිලි තෑගි පිරිනැමීමද සිදුකෙරිනි. මේ එහි විශේෂ අවස්ථා කිහිපයකි.