වර්ෂ 2018 ක්වූ  ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




Prestige Road to  1964 -2018

දහ අට වැනි සරසවිය සම්මාන උලෙළ

දිනය - 1989 අගෝස්තු 25

ස්ථානය - කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

ප්‍රධාන අරාධිතයා - ජනාධිපති රණසිංහ ප්‍රේමදාස

ප්‍රධාන කර්තෘ - ඒ.ඩී.රන්ජිත් කුමාර

හොඳම චිත්‍රපටය - සිරිමැදුර - බන්දුල ගුණවර්ධන

හොඳම අධ්‍යක්ෂණය - පරාක්‍රම නිරිඇල්ල - සිරිමැදුර

හොඳම තිර රචනය - වසන්ත ඔබේසේකර - කැඩපතක ඡායා

හොඳම නළුළුා - රවීන්ද්‍ර රන්දෙණිය - සිරි මැදුර

හොඳම නිළිය - අනෝජා වීරසිංහ

හොඳම සහාය නළුවා - සනත් ගුණතිලක - කැඩපතක ඡායා

හොඳම සහාය නිළිය - සුනේත්‍රා සච්චන්ද්‍ර - කැඩපතක ඡායා

හොඳම කැමරා අධ්‍යක්ෂණය - කළුසුදු - පිරිනැමුණේ නැත

වර්ණ - ඇන්ඩෲ ජයමාන්න - සිරිමැදුර

හොඳම සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් - කැඩපතක ඡායා

හොඳම සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස - සිරිමැදුර

හොඳම කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා - රන්දෙණිගල සිංහයා

හොඳම ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග - කැඩපතක ඡායා

හොඳම වේශ නිරූපණය - රන්ජිත් මතඟවීර - කැඩපතක ඡායා

හොඳම ගීත රචනය - ලූෂන් බුලත්සිංහංල - සිරිමැදුර චිත්‍රපටයේ මිනිසා ගීතය

හොඳම ගායකයා - අමරසිරි පීරිස් - සිරිමැදුර චිත්‍රපටයේ මිනිසා ගීතය

හොඳම ගායිකාව - චන්ද්‍රිකා සිරිවර්ධන - සිනාසෙන්න රත්තරන් චිත්‍රපටය් දිව්‍ය නේත්‍රා ගීතය

විශේෂ කුසලතා සම්මාන

අරුණ ශාන්ති - සිනාසෙන්න රත්තරන්

ලයනල් දැරණියගල - රන්දෙණිගල සිංහයා

මර්වින් බෙන්ස් - චිත්‍රපට ගීත පටිගත කිරීම සඳහා

පාඨක ඡන්දයෙන් ජනප්‍රිය සම්මාන

ජනප්‍රිය නළුවා - ජීවන් කුමාරතුංග

ජනප්‍රිය නිළිය - සබීතා පෙරේරා

ජනප්‍රිය නවක නළුවා - ලකී ඩයස්

ජනප්‍රිය නවක නිළිය - සනෝජා බිබිලේ

ජනප්‍රිය චිත්‍රපටය - නොම්මර 17 - ප්‍රීතිරාජ් වීරරත්න

රණතිසර සම්මානය

ඩී. බී. නිහාල්සිංහ

ස්වර්ණා මල්ලවාරච්චි

පාඨක ඡන්දයෙන් තේරුණු චිත්‍රපට

නොම්මර 17

මමයි රජා

කැඩපතක ඡායා

සිනාසෙන්න රත්තරන්

සිරි මැදුර

ඔක්කොම රජවරු

රන්දෙණිගල සිංහයා

විනිශ්චය මණ්ඩලය

මහචාර්ය ජී. එල්. පීරිස්, කෝසල විජේතිලක, ඩී. ජී. ආරියදාස,අර්වින් වීරක්කොඩි, ලාල් ඇන්තනිස්, දමයන්ත ද අල්විස්, සුරංගනි අබේරත්න

**************************************************

දහ නව වැනි සරසවිය සම්මාන උළෙල

දිනය - 1991 අගෝස්තු 16

ස්ථානය - කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

ප්‍රධාන අරාධිතයා - ජනාධිපති රණසිංහ ප්‍රේමදාස

ප්‍රධාන කර්තෘ - ඒ.ඩී.රන්ජිත් කුමාර

හොඳම චිත්‍රපටය - පාලම යට - ගීතා කුමාරසිංහ

හොඳම අධ්‍යක්ෂණය - එච්. ඩී. ප්‍රේමරත්න - පාලම යට

හොඳම තිර රචනය - එච්. ඩී. ප්‍රේමරත්න සහ කුලසේන ෆොන්සේකා

හොඳම සංස්කරණය - එල්මෝ හැලිඩේ - පාලම යට

හොඳම කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා සහ ඩැනිස්ටර් පෙරේරා - ක්‍රිස්තු චරිතය

හොඳම වේශ නිරූපණය - ශේෂා පළිහක්කාර - ක්‍රිස්තු චරිතය

හොඳම කැමරා අධ්‍යක්ෂණය - කලු සුදු - කේ. ඩී. දයානන්ද - හිමගිර

වර්ණ - ඩොනල්ඩ් කරුණාරත්න - ක්‍රිස්තු චරිතය

හොඳම නළුවා - සනත් ගුණතිලක - පාලම යට

හොඳම නිළිය - ගීතා කුමාරසිංහ - පාලම යට

හොඳම සහාය නළුවා - ජෝ අබේවික්‍රම - පාලම යට

හෙඳම සහාය නිළිය - සුනේත්‍රා සරච්චන්ද්‍ර - පාලම යට

හොඳම සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ - සහරාවේ සිහිනය

හොඳම ගීත රචක - මහචාර්ය සුනිල් ආරියරත්න - පෙම්රජ දහන චිත්‍රපටයේ අහසින් බසින් ගීතය

හොඳම ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග - ක්‍රිස්තු චරිතය

හොඳම ගායකයා - විජය කුමාරතුංග - සහරාවේ සිහිනය චිත්‍රපටයේ වලාකුළක් ගෙන ගීතය

හොඳම ගායිකාව - විශාරද නන්දා මාලිනී අහසින් බසින ගීතය

හොඳම නවක නළුවා - රන්ජන් රාමනායක - හිමගිර

හොඳම නවක නිළිය - දිල්හානි ඒකනායක - දේදුන්නෙන් සමනළියක්

විශේෂ කුසලතා සම්මාන

රෝයි ද සිල්වා - මධුසිහින

අජිත් ජිනදාස - දේදුන්නෙන් සමනලියක්

නිහාල් සිල්වා - හොඳින් නැත්නම් නරකින්

හර්ෂණි දිසානායක - චණ්ඩි රජා

පාඨක ඡන්දයෙන් ජනප්‍රිය සම්මාන

ජනප්‍රිය නළුවා - ෆ්‍රෙඩී සිල්වා

ජනප්‍රිය නිළිය - ගීතා කුමාරසිංහ

ජනප්‍රිය නවක නළුවා - රන්ජන් රාමනායක

ජනප්‍රිය නවක නිළිය - මානෙල් චන්ද්‍රලතා

ජනප්‍රිය චිත්‍රපටය - හොඳින් නැතිනම් නරකින් - තිලක් ඈපාආරච්චි

රණතිසර සම්මාන

රවීන්ද්‍ර රන්දෙණිය සහ දෙනවක හාමිනේ

පාඨක ඡන්දයෙන් තේරුණ ජනප්‍රියම චිත්‍රපට

හොඳින් නැත්නම් නරකින්

පාලම යට

ක්‍රිස්තු චරිතය

මධු සිහින

චණ්ඩි රජා

හොඳ හොඳ සෙල්ලම්

දෑසේ මල් පිපිලා

විනිශ්චය මණ්ඩලය

තිලක් මාරපන, රන්ජන් අබේසිංහ, ඊ. එම්. ජී. එදිරිසිංහ, නාලිනි ද ලැනරෝල්, ආනන්ද විමලසේන, ශිරන්ති ගුණවර්ධන, එම්. එම්. ආර්.තිසේරා

**************************************************

විසිවැනි සරසවිය සම්මාන උලෙළ

දිනය - 1992 අප්‍රේල් 11

ස්ථානය - කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

ප්‍රධාන අරාධිතයා - ජනාධිපති රණසිංහ ප්‍රේමදාස

ප්‍රධාන කර්තෘ - ඒ.ඩී.රන්ජිත් කුමාර

හොඳම චිත්‍රපටය - කෙළිමඬල - අනෝජා වීරසිංහ, ගාමිණී නානායක්කාර

හොඳම අධ්‍යක්ෂණය - ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ - කෙළිමඬල

හොඳම තිර රචනය - ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ - කෙළිමඬල

හොඳම නළුවා - ජෝ අබේවික්‍රම - ගොළු මුහුදේ කුණාටුව

හොඳම නිළිය - අනෝජා වීරසිංහ - කෙළිමඬල

හොඳම සහාය නළුවා - ජීවන් කුමාරතුංග - කෙළිමඬල

හොඳම සහාය නිළිය - වීණා ජයකොඩි - කෙළිමඬල

හොඳම සංස්කරණය - එම්. එස්. අලිමාන් - කෙළිමඬල

හොඳම කැමරා අධ්‍යක්ෂණය - කළු සුදු - කේ. ඒ. විජේරත්න - මධුසමය

වර්ණ - එම්. වි. හේමපාල - කෙළිමඬල

හොඳම කලා අධ්‍යක්ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා - කෙළිමඬල

හොඳම සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස - දොළොස්මහේ පහන

හොඳම ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න - කෙළිමඬල

හොඳම වේශ නිරූපණය - ඊබට් විජේසිංහ - කෙළිමඬල

හොඳම ගීත රචනය - බණ්ඩාර කේ. විජේතුංග - මධුසමය චිත්‍රපටයේ මා ද ඔබම විය ගීතය

හොඳම ගායකයා - විජය කුමාරතුංග - දොළොස් මහේ පහන චිත්‍රපටයෙන් පෙමක සුවඳ දැනිලා ගීතය

හොඳම ගායිකාව - නීලා වික්‍රමසිංහ - දොළොස් මහේ පහන චිත්‍රපටයේ පෙමක සුවඳ දැනිලා ගීතය

හොඳම නවක නළුවා - ලාල් වීරසිංහ - වැඩ බැරි නම් වැඩක් නෑ

හොඳම නවක නිළිය - නිල්මිණි තෙන්නකෝන් - කෙළිමඬල

විශේෂ කුසලතා සම්මාන

සුමිත්‍රා රාහුබද්ධ - කෙළිමඬල කතාව

රුවන් ශ්‍රීලාල් දල්පදාදු - මා ඔබේ හිතවතා

රෝයි ද සිල්වා - ඉට්ස් මැටර් ඔෆ් ටයිම් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය උදෙසා

පාඨක ඡන්දයෙන් ජනප්‍රිය සම්මාන

ජනප්‍රිය නළුවා - ශෂි විජේන්ද්‍ර

ජනප්‍රිය නිළිය - දිල්හානි ඒකනායක

ජනප්‍රිය නවක නළුවා - ලාල් වීරසිංහ

ජනප්‍රිය නවක නිළිය - ප්‍රදානය කෙරෙැණේ නැත

ජනප්‍රිය චිත්‍රපටය - වැඩ බැරි නම් වැඩක් නෑ - ක්‍රිස්ටි ප්‍රනාන්දු සහ මැතිව් ප්‍රනාන්දු

රණතිසර සම්මාන

හියුගෝ ප්‍රනාන්දු

ලතා වල්පොල

පාඨක ඡන්දයෙන් තෙරුණු චිත්‍රපට

වැඩ බැරිනම් වැඩක් නෑ

සලඹක් හඬයි

කෙළිමඬල

චෙරියෝ ඩොක්ටර්

මධුසමය

උතුර දකුණ

විනිශ්චය මණ්ඩලය

සැම් විජේසිංහ, බෙනඩික්ට් දොඩම්පේගම, ඩී. සී. එල්. අමරසිංහ, සුමනා සපරමාදු, නාලිනි ලැනරෝල්, සෙඩ්‍රික් ටී. ද සිල්වා, වොල්ටර් ලද්දුවහෙට්ටි