වර්ෂ 2018 ක්වූ  ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




ඔහොම තමයි

ඔහොම තමයි

‘රන්යායේ රිදී නිම්නේ ඇගේ රුව පාවෙන්නේ’ ගීතයෙන් රටක් හඳුනාගත් ජාලිය රණතුංග ප්‍රසංග වේදිකාවේ කාර්යබහුල ගායකයෙක්. සංගීත දිවියට දශක තුනකටත් වඩා වැඩි වුණත් ගැයූ ගීත සංඛ්‍යාව බොහොමයක් වුණත් ජාලියගේ අනන්‍යතාව තමයි රන් යායේ ගීතය. ඒක ගයලත් අවුරුදු තිහක්. අදටත් ප්‍රසංග වේදිකාවේ ජාලියගෙන් ඉල්ලන්නේ ඒ ගීතයම තමයි. ඔය අතරේ මිත්‍රයෙක් ජාලියගෙන් ඇහුවලු මෙහෙම.

ජාලිය අයියා අලුත් ගීතයක් කළේ නැද්ද?

කළා, කළා. අලුත් සින්දුවක් ගැයුවා අවුරුදු හතරකට විතර කලින්.

ජාලිය එහෙම කියපුවාම මිත්‍රයා උඩ බිම බැලුවලු

ආ . . . අවුරුදු හතරකට කලින් කළා නම් කොහොමද ඒක අලුත් සිංදුවක් වෙන්නේ?

මේකනෙ මල්ලි, අවුරුදු හතරකට කලින් රෙකෝඩ් කළාට ඒක දැන් තමයි මණ්ඩලයෙන් පාස් වෙලා ප්‍රචාරය වෙන්න පටන් ගත්තේ. අනේ මන්දා අවුරදු හතරක් තිස්සේ මොනවා වුණාද කියලා මමවත් දන්නෙ නැහැ.