වර්ෂ 2018 ක්වූ  ජූලි 11 වැනිදා බ්‍රහස්පතින්දා




ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ

ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ

චින්තක වාස් කියන නළුවාව දන්නවා ඇතිනෙ. ඔහු තමයි නැසීගිය ජ්‍යෙෂ්ඨ රංගනවේදී වින්සන්ට් වාස්ගේ පුතා. ඔහු රඟපානවා ඝරසරප චිත්‍රපටයේ. චිත්‍රපටය රූගත කරන්නට පෙර දවසක චින්තකට ජයන්ත චන්ද්‍රසිරිව හමු වෙලා.

මගේ ඊළග චිත්‍රපටයේ වැඩ කරමු. හැබැයි චරිතයක් නැහැ.

ජයන්තගේ වදනට චින්තක ටිකක් හොල්මන් වුණාලු. සාමාන්‍යයෙන් ජයන්ත වගේ අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයකට දායකවීම ඒක්තරා අතකින් වාසනාවක් වුණත් ඔහු පැවසූ දෙය මොකක්ද කියලා හිතාගන්න බැරුව චින්තක කල් ගෙව්වලු. අයේ දවසකත් ජයන්ත ඔය වදන ඒ විදිහටම චින්තකට කියලා.

අනේ මන්දා ජයන්ත අයියා මොනවා කියනවද කියලා. චිත්‍රපටයේ වැඩ කරන්න එන්නලු, ඒත් චරිතයක් නැහැලු. මොකක්ද අප්පා ඒ.

චින්තකට හිතාගන්න බැරිලු. ඝරසරප දර්ශන තලයට ගියාමලු චින්තකට වැඩේ තේරිලා තියෙන්නේ. මේකෙ ප්‍රධාන චරිත කිහිපයයි තියෙන්නේ. චින්තකට එහෙම නොවන චරිතයකට තමයි ජයන්ත මේ කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ නමක් ඇති චරිතයක් නැහැලු.නමුත් සැලකිය යුතු චරිතයක් චින්තකට ලැබුණලු.