වර්ෂ 2018 ක්වූ  ජනවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




ගාමිණී ෆොන්සේකාගේ සිනමා ප්‍රකාශනය - 6

ගාමිණී ෆොන්සේකාගේ සිනමා ප්‍රකාශනය - 6

නොමියෙන මිනිසකුගේ වික්‍රමය

අතී සාර්ථක "කොටි වලිගයෙන්"පසු ගාමිණි ෆොන්සේකා අව්රුදු 8ක් පමණ අධ්‍යක්ෂණයෙන් බැහැරව සිටියේය. ඒ අතර කොටහේන පළාතේ ව්‍යාපාරිකයකු වූ බර්නාඩ් ගුණසේකර තවත් දැවැන්ත චිත්‍රපටයක් කිරීමට ගාමිණි ෆොන්සේකාට ආරාධනා කළේය. ඒ කැමරා අධ්‍යක්ෂක වී.වාමදේවන් හරහාය. වාමදේවන් බර්නාඩ්ගේ සමීප මිතුරෙකි. බර්නාඩ් එයට පෙර ලෙනින් මොරායස් ලවා තුන්වන ලෝකය නමින් චිත්‍රපටයක් නිපදවීමට ගොස් එය අතහැර දමා තිබිණි.

ගාමිණීට කිසිසේත්ම බර්නාඩ් මෙන්ම වාමදේවන්ගේ ඉල්ලීම අහක දැමීමට නොහැකිය.එහෙයින් ඔහු එය භාර ගති. මෙම කාලය තුලද උතුරේ යුද්ධය සිදුවෙමින් තිබුණි. ඒ වන විට යුද්ධය දරුණු අතට හැරී තිබුණි.මිනිස් ජීවිත මෙන්ම ,දේපළද විශාල වශයෙන් විනාශ වී තිබුණි. ත්‍රීවිධ හමුදා වල බොහෝ යුධ සෙබළුන් මිය යමින් තිබුණි. මිනිසුන්ගේ ජන ජීවිතයන්ද බොහෝ අඩාල වී තිබු අතර, කොයි වෙලේ, කොතැන බෝම්බ පිපිරෙමින් විශාල විනාශයන් සිදුවේවිදැයි මිනිසුන් සිටියේ මර බියෙනි. යුද්ධය හැරෙන්නට මිනිසුන්ට වෙන දෙයක් කථා කිරීමට නොතිබුණි. ඒ වන විට ගාමිණී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයාය. ඒ 1989 මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ එජාප වැඩිම මනාප ලැබූ මන්ත්‍රීවරයා හැටියට පාර්ලිමේන්තුවට තේරී පත්විණි.

ගාමිණී ෆොන්සේකා මෙම යුද්ධයේ මූල බීජ එදා සිටම දුටු කෙනෙකි. සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කල "සරුංගලය" චිත්‍රපටයේ තේමාව ගාමිණී ෆොන්සේකාගේය. සරුංගලය තුලින් ඔහු කියන්නට සැරසුනේ මෙයය. ඉදිරියේදී සිද්ධ වන දේය. ඉන් පසු ඔහු ඔහුගේ "කොටි වලිගය " ට වස්තු තේමා කර ගත්තේද මෙම යුධ පසුබිමය. එය තවත් තිව්ර කර යුගයට අවශ්‍ය නිර්මාණයක් කිරීමට ගාමිණි ෆොන්සේකා මෙම ආරාධනාව උපයෝගී කර ගති.

ගාමිණි ගේ 9 වන චිත්‍රපටය බිහිවීමට මුල පිරුණේ එලෙසය. යුද්ධය වෙනුවෙන් දිවි පුදන යුධ නිලධාරීන්,සෙබළුන් ගැන ගාමිණි ගේ සිතේ තිබුනේ දැඩි කම්පාවකි. ඔහු ඔවුන්ව හැදින් වූයේ නොමියෙන මිනිසුන් ලෙසය. එහෙයින් ඔහුගේ මෙම අලුත් චිත්‍රපටයටද ඔහු නම තිබ්බේ "නොමියන මිනිසුන්" කියාය.

කථාන්තරයකින් තොරව, යුද්ධයත්, එයින් ඇතිවන කම්පාවත් ඒ කම්පාව තුල ඇති දැඩි පීඩාකාරී බවත්, එම පීඩාකරිත්වයේ ගැඹුරත්වයත් හුවා දක්වන ලෙස මෙහි තිරනාටකය සැකසුණි. ප්‍රතාපවත් මේජර්වරයෙකු යුද්ධය තුලින්,ඔහු ජීවිතක්ෂයට පත් වුවද, එය රට වෙනුවෙන් කළ උදාරතම කැප කිරීම සේ සලකා ඒ සියල්ලම දරාගෙන මහමෙරක් මෙන් නොසැලී සිටී ඔහුගේ ආත්මීය පීඩනය ඉදිරිපත් කිරීමට ගාමිණි ෆොන්සේකා " නොමියෙන මිනිසුන්"උපයෝගී කර ගති.

යුද්ධයට සම්බන්ධ වුවන්ගේ ජීවිතයේ තිබෙන එඩිතර බව මෙන්ම තමන්ගේ ජීවිතයට වඩා අන් අයගේ ආරක්ෂාවේ වටිනාකම හදුනාගත් මිනිසුන් සමුහයක් ,යුද්ධය යනු කටුක වුවද,එය තමාගේ ජීවිතයේ කොටසක් කරගෙන, මුහුණ දෙන උදාර වූ මෙහෙයට දෙන නියම වටිනාකම "නොමියෙන මිනිසුන්ගේ" තේමාව විය. ගාමිණි මෙය නිසියාකාරව සැලසුම් කළේ මෙහි තිබෙන දැවැන්ත බව හදුනා ගෙනය.

තම පුත්‍රයා වූ දමිත් ෆොන්සේකාව ඉස්මතු කිරීමට හොදම අවස්ථාව මෙය බව ගාමිණීට වැටහෙන්නට ඇත. එදා ඔහු අධ්‍යක්ෂණය කළ "මයුරිගේ කථාව " චිත්‍රපටයේ "ඇට්ටර කොලුවාගේ" චරිතය සාර්ථකව නිරුපණය කළ දමිත් ෆොන්සේකා, දැන් භද්‍ර යෞවනයේ පසු වුවකි. මේජර් රණභාහු ලෙස ගාමිණි ෆොන්සේකා රගපාන විට ඔහුගේ පුත්‍රයා එහි තරුණ නිලධාරියකු ලෙස රඟපෑවේය. හින්දි සිනමාව තුල නම් මෙම සිදුවීම් ඉතාම සුලබ විය . රාජ් කපූර් විසින් තම පුත්‍රයා වූ රිෂි කපූර් වෙනුවෙන් "බොබී" චිත්‍රපටය අධ්‍යක්ෂණය කර, ඔහුව සුපිරි නළුවෙකු බවට පත් කෙරිය. රකේෂ් රෝෂන් විසින් තම පුත් රිතික් රෝෂන් ව "කහොනා ප්‍යාර හේ " චිත්‍රපටයෙන් සුපිරිම නළුවෙක් කළා පමණක් නොව රිතික් රෝෂන් උන්මාදයක් ඇතිකළේය. රාජේන්ද්‍ර කුමාර් ද තම පුතු