වර්ෂ 2018 ක්වූ  ජනවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




 වැඩිම චිත්‍රපට තිරගත වූ වසරක්

 වැඩිම චිත්‍රපට තිරගත වූ වසරක්

17 මොකද වුණේ?

අලුත් සිනමාකරුවන් දස දෙනෙක්

අතීතය හාරා බලමු

ජනවාරි

රෝහණ විජේවීර චරිතය ඇසුරෙන් සීතලෙන් උපන් ගින්දර නමින් සිනමාපටයක් ආරම්භ වීම.

පැරැණිතම සිනමා ශාලාවක් වන රොක්සි - වැල්ලවත්ත ත්‍රිමාණ තාක්ෂණයෙන් යුතුව යළි විවෘත වීම - ජනවාරි 20

දිගු කලකට පසු සෝමවීර සේනානායකයන් එක ගෙයි මිනිස්සු නාට්‍ය සමඟින් නැවතත් රූපවාහිනි රචනයට පිවිසීම.

වසර 37 කට පසු නීතිඥ ජෝන් ද සිල්වා සූරීන්ගේ රාමායණය නූර්තිය නව නිෂ්පාදනයක් ලෙසින් මරදාන ටවර් රංග ශාලාවේදි වේදිකා ගත වීම - ජනවාරි 24.

ප්‍රියන්ත කළුආරච්චිගේ රතු සමනල හීිනයක් සිනමාපටය පහළොස් වැනි ඩකා අන්තර් ජාතික සිනමා උලෙළේ අධ්‍යාත්මික සිනමා අංශයට ඉදිරිපත් විය.

සම්මානනීය සිනමා අධ්‍යක්ෂ බෙනට් රත්නායකට පූනා අන්තර් ජාතික සිනමා උලෙළේ ජූරියට සහභාගි වීම.

අග්‍රගණ්‍ය සිනමා නිළි ස්වර්ණා මල්ලවාරච්චිගේ නිර්මාණ දිවියට වසර පනහක් පිරීම හේතුවෙන් සිනමාවේ ගැහැනිය යනුවෙන් උපහාර උලෙළක් පැවැත්වීම - ජනවාරි 26.

ලොව ඉහළම තාක්ෂණයෙන් යුතු ඇරි ඇලෙක්සා කැමරාව ටෙලිවිව් ආයතනය මඟින් මෙරට සිනමාවට හඳුන්වාදීම.

කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාව නව්‍යකරණය වී විවෘත කිරීම - ජනවාරි 31

සිංහල සිනමාවට තවත් ඉන්දීය නළු නිළි යුවළක් හඳුන්වා දෙමින් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ යශෝධරා චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ විය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරින්ගේ රේඛාව සිනමාපටයේ හැටවැනි සංවත්සරය සමරමින් කොළඹ රීගල් සිනමා ශාලාවේ විශේෂ උත්සවයක් පැවැත්වීම - ජනවාරි 29.

පෙබරවාරි

ප්‍රංශයේ විසුල් අන්තර්ජාතික සිනමා උලෙළේදී විශිෂ්ට සිංහල සිනමාපට ඇතුළත් ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් පැවැත්වීම - පෙබරවාරි 07

ප්‍රථම ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙළ පැවැත්වීම - පෙබරවාරි 13.

ස්වර්ණා මල්ලවාරච්චි, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර ප්‍රංශයේ විසුල් අන්තර් ජාතික සිනමා උලෙළේ ජූරි සාමාජිකයන් ලෙස සහභාගි වීම. ස්වර්ණා මල්ලවාරච්චි විසුල් උළෙලේදී යාවජීව සම්මානය ලැබීම.

රංජනී රත්න විභූෂණ ඉන්දියාවේ බැන්ග්ලූර් අන්තර් ජාතික සිනමා උලෙළේ ජූරියට සහභාගිවීම.

සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි (පෙබරවාරි 15) සහ ආචාර්ය වික්ටර් රත්නායකයන් (පෙබරවාරි 18) තම 75 වැනි ජන්ම දිනය සැමරීම.

චීන සිනමා උලෙළක් පැවැත්වීම - පෙබරවාරි 16.

මාර්තු

ජ්‍යෙෂ්ඨ සිනමාවේදී තිස්ස ලියනසූරියගේ ජීවිත කතාව ඇතුළත් දිලීප පෙරේරා විසින් රචිත සොඳුරු සිනමා අදියුරු ග්‍රන්ථය ජනගත කිරීම - මාර්තු 09.

කොළඹ ප්‍රංශ සිනමා උලෙළක් පැවැත්වීම - මාර්තු 16.

අඛණ්ඩව එකොළොස් වතාවක් ජනප්‍රියම නළුවා ලෙස රන්ජන් රාමනායක සම්මාන දිනා ගැනීම.

අට වසරකට පසු ජනාධිපති සම්මාන උලෙළ පැවැත්වීම - මාර්තු 31

අප්‍රේල්

වැලිකතර සිනමාපටය ඩිජිටල්කරණය වී ජාතික චිත්‍රපට සංස්ථාවේදී ප්‍රදර්ශනය වීම - අප්‍රේල් 04.

අනුර මාධව ජයසේකර විසින් රචනා කළ රූපවාහිනියට 35 යි ගුවන් විදුලියට 91 යි රුපියල් සත කලාවයි ග්‍රන්ථය ජනගත වීම - අප්‍රේල් 05.

විශිෂ්ට සිනමාවේදී ප්‍රසන්න විතානගේට ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේදී භූපන් හසරිකා සම්මානයෙන් පිදුම් ලැබීම.

මැයි

තිරගත වෙමින් තිබූ බාහුබලී සිනමාපටයේ දෙවැනි කොටස මරදාන සිනෙසිටි චිත්‍රපට ශාලාව ඇතුළු 18 ක ප්‍රදර්ශනය අත්හිටුවීම.

ජගත් කීර්තිධර අනෝජා වීරසිංහයන්ගේ අභින රංගන පාසලේ නව රංග ශාලාවක් ආරම්භ කිරීම - මැයි 21

ජූනි

විශිෂ්ට සිනමා අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ නිර්මාණ දිවියට වසර පණහක් සපිරීම නිමිත්තෙන් පතීට පණහයි උපහාර උලෙළ පැවැත්වීම - ජූනි 26.

සිනමා නිෂ්පාදක බුද්ධි කීර්තිසේන බම්බලපිටියේ මථුරා අවන්හල යාබද සිනමා සමාජ සඳහා සිනමා ශාලාවක් වෙන් කිරීම. ජූනි 12.

ඩිජිටල්කරණයට ලක් වූ වැලිකතර සිනමාපටය ප්‍රදර්ශනය ආරම්භ වීම - ජූනි 30

ජූලි

ජාතික චිත්‍රපට සංස්ථාවේ අභිනව සභාපති ලෙස සිතේන්ද්‍ර සේනාරත්න පත් වීම. ප්‍රවීණ රූපවාහිනී නිර්මාණකරුවකු වන ශාන්ත බණ්ඩාර ජයවර්ධන සැලසිනේ සභාපති ලෙස පත් වීම.

අගෝස්තු

මුල්වරට ලංකේය සිනමා ශාලාවක් ලොව ඉහළම ශබ්ද තාක්ෂණයක් වන ඩොල්බි ඇටිමොස් තාක්ෂණයෙන් යුතුව නව්‍යකරණය වී එලෙස එම තාක්ෂණයට නතු වූයේ මරදාන සිනෙසිටි සිනමා සංකීර්ණයයි.

ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ අප්‍රකට නාට්‍ය දිවිය අළලා රචනා වූ සිංහල නාට්‍යයේ ආකෘතිය, අන්තර්ගතය අතර අරගලය සහ කොරා හා අන්ධයා යන ග්‍රන්ථ ත්‍රිත්වය එළිදැක්වීම - අගෝස්තු 31

ලයනල් වෙන්ඩ්ට්ගේ ජීවිත කතාව ඇසුරෙන් සම්පත් බණ්ඩාර ලියු ලයනල් වෙන්ඩ්ට් කලාව සහ ජීවිතය ග්‍රන්ථය එළිදැක්වීම.

සැප්තැම්බර්

යාපනය අන්තර් ජාතික සිනමා උලෙළ ආරම්භ වීම - සැප්තැම්බර් 15

ඈෂ්ලි රත්න විභූෂණ ආසියා පැසිපික් ජූරියට තේරී පත්වීම.

ගායක ගායිකාවන්ට විශ්‍රාම වැටුප් ලබාදීම ආරම්භ වීම.

ඔක්තෝබර්

යුරෝපා සිනමා උලෙළ ජාතික චිත්‍රපට සංස්ථාවේදී - ඔක්තෝබර් 12.

නන්දා මාලිනී ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබීම.

නොවැම්බර්

එංගලන්තයේ විකාශය වන මාලා නාටකයක් වන ගුඩ් කර්ම හොස්පිටල් රූගත කිරීම ආරම්භ වීම.

හඬ කැවූ විදෙස් ටෙලි නාට්‍ය සඳහා බදු මුදල රජය විසින් ඉහළ දමීම.

සාර්ක් චිත්‍රපට උලෙළ ආරම්භ වීම - නොවැම්බර් 21.

සුදත් රෝහණයන්ගේ තිස් වසරක කලා ජීවිතය ඇගයීම - නොවැම්බර් 26.

ප්‍රථම මොබයිල් ටෙලි සිතුවම සන්නාසි ප්‍රේමය නිර්මාණය ආරම්භ වීම.

දෙසැම්බර්

ප්‍රථම වතාවට සිනෙස්ටාර් පදනම මඟින් ජ්‍යෙෂ්ඨ සිනමා මාධ්‍යවේදීන් පස් දෙනකුට අගයනු ලැබීම. ඒ අනුව ආතර් යූ. අමරසේන, අර්නස්ට් වඩුගේ, සිරි කහවල, ඒ. ඩී. රන්ජිත් කුමාර සහ බන්දුල පද්මකුමාර උපහාර සම්මානයෙන් පිදුම් ලැබීය.

ප්‍රථම වරට අයි. පී. ටී. වී. තාක්ෂණය ඔස්සේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සහ සුමිත්‍රා පීරිස්ගේ සිනමා උලෙළක් පැවැත්වීම.


2017 අප සිනමාවට ලැබුණ සම්මාන

හොඳම සිනමාපටය සඳහා වූ ප්‍රධාන ජූරි සම්මානය- දැවෙන විහඟුන් - සංජිව පුෂ්පකුමාර- 15 වෙනි මානව හිමිකම් අන්තර්ජාතික සිනමා උළෙල - ජිනීවා- ස්විට්සර්ලන්තය- මාර්තු

[ Grand Prize- Burning Birds by Sanjeewa Pushpakumara- 15th International Film Festival on Human Rights - Geneva- Switzerland - March]

2. යොවුන් ජූරි සම්මානය- දැවෙන විහඟුන් - සංජිව පුෂ්පකුමාර- 15 වෙනි මානව හිමිකම් අන්තර්ජාතික සිනමා උළෙල - ජිනීවා- ස්විට්සර්ලන්තය- මාර්තු

[ Youth Jury Prize- Burning Birds by Sanjeewa Pushpakumara- 15th International Film Festival on Human Rights - Geneva- Switzerland - March]

3. විදෙස් භාෂිත සිනමාපට අංශයේ හොඳම සිනමා කැමරාකරණය සඳහා වූ සම්මානය - විශ්වජිත් කරුණාරත්න- රතු සමනළ හීනයක්- ප්‍රියන්ත කළුආරච්චි- 05 වෙනි නීස් අන්තර්ජාතික සිනමා උළෙල- නීස්- ප්‍රංශය- මැයි

[Best Cinematography In Foreign Language Film- Vishwajith Karunarathna for Red Butterfly Dream by Priyantha Kaluarachchi - 5th Nice International Film Festival- Nice- France- May]

4. හොඳම නිළිය - අනෝමා ජනාදරී- දැවෙන විහඟුන් - සංජිව පුෂ්පකුමාර- 03 වෙනි ආසියානු ජගත් සිනමා උළෙල- ලොස් ඇන්ජලීස්- ඇ. එක්සත් ජනපදය- නොවැම්බර්

Best Lead Actress- Anoma Janadari for Burning Birds by Sanjeewa Pushpakumara- 3rd Asian World Film Festival - Los Angeles- USA- November]

5. හොඳම වෘත්තාන්ත සිනමාපටය- ඇගේ ඇස අග- අශෝක හඳගම- 07 වෙනි සාර්ක් සිනමා උළෙල- කොළඹ- ශ්‍රී ලංකාව- නොවැම්බර්

Best Feature Film- Let Her Cry by Ashoka Handagama - 7th SAARC Film Festival- Colombo - Sri Lanka- November

6. හොඳම අධ්‍යක්ෂක- අශෝක හඳගම- ඇගේ ඇස අග- 07 වෙනි සාර්ක් සිනමා උළෙල- කොළඹ- ශ්‍රී ලංකාව- නොවැම්බර්

[ Best Director - Ashoka Handagama for Let Her Cry- 7th SAARC Film Festival- Colombo - Sri Lanka- November

7.හොඳම නළුවා සම්මානය- දසුන් පතිරණ, ජෙහාන් අප්පුහාමි සහ භූමි හරේන්ද්‍රගේ සාමුහික රංගනය වෙනුවෙන්- සයපෙති කුසුම- විසාකේස චන්ද්‍රසේකරම්- 07 වෙනි සාර්ක් සිනමා උළෙල- කොළඹ- ශ්‍රී ලංකාව- නොවැම්බර්

[Best Actor Award for Ensemble performance by Dasuna Pathialana, Jehan Appuhami & Bhoomi Harendran - Frangipani by Visakesa Chandrasekaram- 7th SAARC Film Festival- Colombo - Sri Lanka- November

8.විශේෂ ජූරි සඳහන- සයපෙති කුසුම- විසාකේස චන්ද්‍රසේකරම්- 07 වෙනි සාර්ක් සිනමා උළෙල- කොළඹ- ශ්‍රී ලංකාව- නොවැම්බර්

[Special Jury Mention- Frangipani by Visakesa Chandrasekaram- 7th SAARC Film Festival- Colombo - Sri Lanka- November

9. හොඳම සිනමාපටය - ජංගි හොරා- සෝමරත්න දිසානායක - 06 වෙනි දිල්ලි අන්තර්ජාතික සිනමා උළෙල- නව දිල්ලිය- ඉන්දියාව- දෙසැම්බර්

[Best Film - Underpants Thief by Somarathna Disanayaka- 6th Delhi International Film Festival- New Delhi- India- December


ඔවුහු අපෙන් වෙන්ව ගියහ

2017. 01 - 14 - දීපාල් සිල්වා (ගායක)

01 - 14 - එම්. වී. බාලන් (අධ්‍යක්ෂ, රංගන ශිල්පී)

01 - 15 - එච්. එස්. පෙරේරා (නිෂ්පාදක, රංගන ශිල්පී)

01 - 21 - රෝයි පීරිස් (ගායක)

02 - 01 - බැප්ටිස්ට් ප්‍රනාන්දු (රංගන ශිල්පී, නිෂ්පාදක)

10 - ආරියදාස පීරිස් (නිවේදක, අධ්‍යක්ෂ)

13 - එස්. ඒ. ෆ්‍රැන්සිස් (තිර කථා රචක)

14 - බොනිෆස් ප්‍රනාන්දු (රංගන ශිල්පී)

03 - 10 - ගාමිණී එස්. ප්‍රනාන්දු (ගීත රචක)

03 - 16 - පුෂ්පා ජෙනට් (රංගන ශිල්පිනී)

26 - ඇන්ටන් අල්විස් (මාධ්‍යවේදී, ලේඛක)

7 - ශාන්ත කදිරගොන්න (රංගන ශිල්පී)

29 - පූජ්‍ය කටුවන පියනන්ද හිමි (චිත්‍ර ශිල්පි)

04 - 02 - විවියන් ද සිල්වා බොරලැස්ස (ගායිකා)

05 - ඇස්. පියසේන (මාධ්‍යවේදී, ලේඛක)

08 - වසන්ත ඔබේසේකර (අධ්‍යක්ෂ)

14 - ආචාර්ය ජගත් විජේනායක (අධ්‍යක්ෂ)

15 - ටී. අර්ජුන (අධ්‍යක්ෂ)

05 - 04 - ප්‍රභා රණතුංග (නිවේදිකා)

11 - ප්‍රේම රංජිත් තිලකරත්න (අධ්‍යක්ෂ, ලේඛක)

16 - පූජ්‍ය රත්නපුරේ ශිවංකර හිමි (මාධ්‍යවේදී, ලේඛක) (ඩී. කිරගල ආරච්චි)

23 - ඩැනියෙල් මුතුමාල (රංගන ශිල්පී)

25 - මහාචාර්ය සිරි ගුණසිංහ (ලේඛක)

29 - අමිල හේමාල් - (වැඩ සටහන් නිෂ්පාදක)

30 - සුනිල් මිහිඳුකුල (මාධ්‍යවේදී, ලේඛක)

06 - 07 - ගාල්ලේ බර්ලින් (කිවිඳු)

08 - ප්‍රින්ස් උදය ප්‍රියන්ත ( ගායක)

11 - අනිල් මිහිරිපැන්න (සංගීතඥ)

23 - ඩී. බී. කුරුප්පු (ලේඛක, විචාරක)

2017. 07. 07 - රංජිත් නිව්ටන් ප්‍රනාන්දු (සංස්කාරක)

11 - විමල් රණවක (සරසවි චිත්‍රාගාර පාලක)

11 - නිහාල් සමරසිංහ (සෑම් ද මැන් ගායක)

14 - ආචාර්ය ත්‍රිලෝක සුන්දරී කාරියවසම් (ලේඛිකා)

17 - සෝමපාල රත්නායක (සංගීතඥ)

20 - තිලක් අතපත්තු (නිෂ්පාදක)

26 - දයා කහවල (ලේඛිකා)

2017. 08. 01 - දයාවංශ කරුණාමුනි (ලේඛක)

20 - බිනෝයි සුරේන්ද්‍ර (මාධ්‍යවේදී, ලේඛක)

24 - නාරාවිල පැට්‍රික් (ගත්කරු - ලේඛක)

2017. 09. 04 - සුමිත් බිබිලේ (රංගන ශිල්පී)

09 - 16 - බර්ටි ගලහිටියාව -මාධ්‍යවේදී, නිවේදක)

09. 25 - දසුන් නිශාන්ත (රංගන ශිල්පි)

2017. 10. 03 - ඩී. ඒ. බාලසූරිය (රංගන ශිල්පී, කිවිඳු)

10 - 26 - නන්දසිරි ද අල්විස් (මාධ්‍යවේදී, ලේඛක)

10 - 26 - සේනක ටයිටස් (රංගන ශිල්පී)

2017. 11. 01 - සුවිනීතා ප්‍රනාන්දු (රංගන ශිල්පිනී)

21 - ධම්මික පී. රත්නායක (නිවේදක)

28 - රුවන් වීරසේකර (වාදන ශිල්පී)

30 - නිව්ටන් ගුණසේකර (මාධ්‍යවේදී, ලේඛක)

2017. 12. 13 - ඉන්දික ගුණවර්ධන (කිවිඳු)

13 - සුදත් බාලසූරිය (නිෂ්: කළමනාකරු)

21 - ටිෂාන් පෙරේරා (කැමරා ශිල්පී)

27 - ජෝෂෆ් වනිගරත්න (නිෂ්පාදක)


තිරයට ආ චිත්‍රපට

ආලෝකෝ උදපාදි - චත්‍ර වීරමන් - ජනවාරි 20

රන්සයුර - සුදේශ් වසන්ත පීරිස් - පෙබරවාරි 10

ප්‍රේමය නම් - කල්පන සහ වින්දන ආරියවංශ - පෙබරවාරි 17

සුලඟ ගිනි අරන් - විමුක්ති ජයසුන්දර - මාර්තු 17

කොට උඩ එක්ස්ප්‍රස් - ඒ. ඒ. ජුනයිඩීන් - මාර්තු 31

බන්ධනය - උදයකාන්ත වර්ණසූරිය - අප්‍රේල් 07

නිලන්ජනා - නාලක විතානගේ - අප්‍රේල් 21

පැණි මකුළුවෝ - ඉසුරු වීරසිංහ - මැයි 04

අලි කතාව - මහාචාර්ය සුනිල් ආරියරත්න - මැයි 18

නිම්නයක හුදකලාව - විශ්වනාත් බුද්ධික කීර්තිසේන - මැයි 19

නිනෝ ලයිව් - තිසර ඉඹුලාන - මැයි 26

28 - ප්‍රසන්න ජයකොඩි - ජූනි 02

හිම තාරකා - රොඩ්නි විදානපතිරණ - ජූනි 16

දෙවැනි වරම - ජී. නන්දසේන - ජූනි 22

ධර්ම යුද්ධය - චෙයියාර් රවී - ජූලි 14

පුංචි අපිත් බය නෑ දැන් - ප්‍රියන්ත පතිරගේ - ජූලි 21

හීන හොයන සමනල්ලු - රොහාන් පෙරේරා - අගොස්තු 11

සෙල්ලම් නැත්නම් ලෙල්ලම් - තිස්ස ඩයස් - සැප්තැම්බර් 06

අප්පට සිරි - ලාල් ප්‍රියදේව - සැප්තැම්බර් 22

ස්වරූප - ආචාර්ය ධර්මසේන පතිරාජ - සැප්තැම්බර් 29

දේදුනු ආකාසේ - ප්‍රියන්ත කොළඹගේ - ඔක්තෝබර් 12

කාල - සුජීව ගුණරත්න - ඔක්තෝබර් 27

සීමා නෑ ආකාසේ - නිහාල් බණ්ඩාර - නොවැම්බර් 10

පහ සමත් - ජයප්‍රකාශ් සිවගුරුනාදන් - දෙසැම්බර් 01

ඩොක්ටර් නවරියන් - රන්ජන් රාමනායක - දෙසැම්බර් 08

2017 වසරේ සිනමාවට ආ අධ්‍යක්ෂවරුන්:

ආලෝකෝ උදපාදි- චත්‍ර වීරමන්

ප්‍රේමය නම් අධ්‍යක්ෂණය කළ වින්දන සහ කල්පන

ආරියවංශ දෙසොහොයුරන්

නිනෝ ලයිව් අධ්‍යක්ෂණය කළ තිසර ඉඹුලාන

පුංචි අපිත් බය නෑ අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත පතිරගේ

දෙවැනි වරම අධ්‍යක්ෂණය කළ ජී. නන්දසේන

සෙල්ලම් නැත්නම් ලෙල්ලම් අධ්‍යක්ෂණය කළ

තිස්ස ඩයස්

හීන හොයන සමනල්ලු - රොහාන් පෙරේරා

කාල අධ්‍යක්ෂණය කළ සුජීව ගුණරත්න

සීමා නෑ ආකාසේ අධ්‍යක්ෂණය කළ නිහාල් බණ්ඩාර