වර්ෂ 2018 ක්වූ  ජනවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




ලෙස්ටර් සිනමා උළෙලේ කතාබහ

ලෙස්ටර් සිනමා උළෙලේ කතාබහ

පියෝ ටී.වි චැනලය මඟින් සංවිධානය කල “ලෙස්ටර් ඔහුය සිනමාව නම් '' සිනමා දැක්ම හා සමගාමිව පැවත් වු සම්මන්ත්‍රණය පසුගිය දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංඟනි සිනමා ශාලාවේ දි පැවත්විණි.එහි දේශකයන් ලෙස ප්‍රවිණ රංගධර රවින්ද්‍ර රන්දෙණිය,සිනමා විචාරක අජිත් ගලප්පත්ති,ප්‍රවිණ සිනමාවේ දි ආචාර්ය සෝමරත්න දිසානායක,විචාරක දිප්ති කුමාර ගුණරත්න යන දේශකයෝ දේශණ පැවත්වුහ.මේ සදහා ප්‍රවිණ රංඟන ශිල්පින්ද සහභාගි විය.මේ එහි විශේෂ අවස්ථා කිහිපයකි.

ලෙස්ටර්-සුමිත්‍රා යුවළ නූතන තාක්ෂණයෙන් සභාගැබ ඇමතූ අවස්ථාව


ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා ජ්‍යෙෂ්ඨ නිළි අයිරාංගනී සේරසිංහ මැතිනියට විශේෂ සරසවිය කලාපය පිළිගැන්වූ අයුරු


විකුම්සිරි දියණි පතිකුලයට

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ රංගන ශිල්පී විකුම්සිරි මුණසිංහගේ දියණි භාග්‍යා පසුගියදා විවාහ දිවියට ඇතුළත් වූවාය. නෙරන්ජන් මොරවක ඇගේ අත ගත් සහකරුවාය. භාග්‍යා - නෙරන්ජන්ගේ විවාහ දින අවස්ථා කිහිපයකි මේ.