වර්ෂ 2018 ක්වූ  ජනවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




මෙහෙව් ලෝකේ

මෙහෙව් ලෝකේ

සිරි කහවල තවමත් සිටින්නේ තම නිවසට වෙලා විවේකී සුවයෙන්. ඉකුත් දිනයකදී සිදු වුණ අනතුරක් හේතුවෙනුයි ඔහුට මේ අන්දමින් එක්තැන් වෙලා ඉන්න සිදු වුණේ. තවමත් වැඩි දෙනෙක් සිරීව බලන්නවත් ඇවිල්ලා නැහැ. අඩුම තරමේ කෝල් එකක්වත් දීපු නැති අයත් ඉන්නවා. වසරකට කොපමණ දෙනෙකුට සිරි කහවල උපන් දිනයට සුභ පතනවද. මේ ගැන හිතලා හිත රිදවා ගන්නේ නැතිව සුභවාදී අන්දමින් ගෙදරට වෙලා ඉන්න කොට එක්තරා අමුත්තෙක් මීගමුවේ ඉඳන් සිරීව බලන්න ඇවිත්. මෙයාගේ නම ජීනදාස පෙරේරා. ඔහු පැරැණි චිත්‍රපට නළුවෙක්. අවුරුදු අසූ හතරයි. මීටත් වඩා විශේෂත්වය වන්නේ ජිනදාස කකුලක ආබාධයකින් පෙළෙන්නෙකු වීමයි. තමන්ට සෑම උපන් දිනයකදීම කතා කරන සිරීව බලන්නට බැරි බැරි ගාතේ ආව ජිනදාස ආපහු යන්න හදද්දී අතමිට මොලවලා සිරීට මුදල් දෙන්නත් හැදුවලු ප්‍රතිකාරවලට. මේකට සිරීගේ ඇස්වලට කඳුළු ආවලු. ඒ මුදල් කාරුණිකව ප්‍රතික්ෂේප කළ සිරීට හිතුණේ මේ වගේ අයත් ඉන්නවා නේද කියලා.