වර්ෂ 2018 ක්වූ  ජනවාරි 04 වැනිදා බ්‍රහස්පතින්දා




2018-8 A/L සඳහා සැරසෙමු

2018-8 A/L සඳහා සැරසෙමු

ප්‍රවීණ ආචාර්ය, සම්මානනීය නාට්‍යවේදී චාමික හත්ලහවත්ත ගෙන එන උසස් පෙළ නාට්‍ය හා රංග කලාව

සරසවිය අද සිට 2018 අගෝස්තු උසස් පෙළ නාට්‍ය හා රංග කලාව පාදක කර ගනිමින් ගෙන එන විෂය නිර්දේශ ලිපි මාලාවකි

2018 වර්ෂයේ අගෝස්තු මාසයේ පැවැත්වෙන උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් සමස්ත විෂය නිර්දේශය ආවරණය වන ලෙස සුවිශේෂි ලිපි පෙළක් අද සිට සතිපතා සරසවිය පුවත්පත මඟින් ගෙන එනු ඇත.

මෙම ලිපි පෙළ මූලික වශයෙන් සකස් වී ඇත්තේ 2018 වර්ෂයේ විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙනි. 2019 වර්ෂයේ සිට නව විෂය නිර්දේශයන් හඳුන්වා දී ඇත. එම නව විෂය නිර්දේශයේදී 2018 පැරණි විෂය නිර්දේශයේ තිබූ ඇතැම් විෂය කරුණු සහ නිර්දිෂ්ට ග්‍රන්ථ වෙනස් වී ඇත. එහෙයින් 2019 වර්ෂයේ විභාගයට පෙනී සිටින දරුවන්ට ද මෙම ලිපි පෙළ කියවීම සහ අධ්‍යයනය ප්‍රයෝජනවත් වනු ඇත.

අ. පො. ස. (උසස් පෙළ) නාට්‍ය හා රංග කලාව විෂය සඳහා පෙනී සිටින දරුවන් බොහෝ දෙනෙකුට ප්‍රශ්න පත්‍ර ව්‍යුහය හෝ ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගතය පිළිබඳ මූලික අවබෝධයක් නොමැත. මෙම පළමු ලිපියේ අරමුණ එම අවබෝධය ඔබ වෙත ලබාදීමයි.

නාට්‍ය හා රංග කලාව (සිංහල)

I පත්‍රය - නාට්‍ය හා රංග කලාවේ සෛද්ධාන්තික පදනම

කාලය: පැය 03 යි. මෙම ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් සමන්විතය.

I කොටස - වරණ 5 බැඟින් වූ බහුවරණ ප්‍රශ්න 40 කි. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතුය.

එක් ප්‍රශ්නයකට ලකුණු 1 බැඟින් මුළු ලකුණු 40 කි.

II කොටස - මෙම කොටස අනු කොටස් දෙකකින් සමන්විතය.

A - කොටස - ව්‍යුහගත රචනා වර්ගයේ ප්‍රශ්න 3 කි.

B - කොටස - ව්‍යුහගත රචනා වර්ගයේ ප්‍රශ්න 3 කි.

එක් කොටසකින් ප්‍රශ්න 2 බැඟින් තෝරාගෙන ප්‍රශ්න 4 කට පිළිතුරු සැපයිය යුතුය.

එක් ප්‍රශ්නයකට ලකුනු 15 බැඟින් මුළු ලකුණු 60 කි.

I පත්‍රය සඳහා මුළු ලකුණු - 100

II පත්‍රය - නාට්‍ය හා රංග කලාවේ ඓතිහාසික පසුබිම

කාලය : පැය 03 යි. මෙම ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් සමන්විතය.

I කොටස - වරණ 5 බැඟින් වූ බහුවරණ ප්‍රශ්න 40 කි. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතුය.

එක් ප්‍රශ්නයකට ලකුණු 01 බැඟින් මුළු ලකුණු 40 කි.

II කොටස - මෙම කොටස අනු කොටස් දෙකකින් සමන්විතය.

A - කොටස - ව්‍යුහගත රචනා වර්ගයේ ප්‍රශ්න 3 කි.

B - කොටස - ව්‍යුහගත රචනා වර්ගයේ ප්‍රශ්න 3 කි.

එක් කොටසකින් ප්‍රශ්න 2 බැඟින් තෝරා ගෙන ප්‍රශ්න 4 කට පිළිතුරු සැපයිය යුතුය.

එක් ප්‍රශ්නයකට ලකුණු 15 බැඟින් මුළු ලකුණු 60 කි.

II පත්‍රය සඳහා මුළු ලකුණු - 100

ප්‍රායෝගික පරීක්ෂණය

නාට්‍ය හා රංග කලාව විෂයයේ ප්‍රයෝගික ඇගයීම ඒ, ඕ, ඛ් යනුවෙන් කොටස් තුනකින් සමන්විත වේ.

A. රූපණය / රඟපෑම (ඒජබඪදඨ) ලකුණු 75 යි

B අංග රචනය (ර්චඬඥ-භන) ලකුණු 75 යි

C. වාචික පරීක්ෂණය (ර්‍ණපචත ඊඥඵබ) ලකුණු 25 යි.

අයදුම්කරුවන් ඒ හෝ ඕ යන කොටස් දෙකෙන් එකක් පමණක් තෝරා ගත යුතු වේ. ඛ් කොටස සියලුම අයදුම්කරුවන්ට අනිවාර්ය වේ. මේ අනුව කිසියම් අයදුම්කරුවකු ඒ, ඛ් හෝ ඕ, ඛ් යන කොටස් දෙකෙන් එකකට පෙනී සිටිය යුතුය.

ප්‍රායෝගික පරීක්ෂණය සඳහා මුළු ලකුණු 75 +25 - 100

අවසාන ලකුණ ගණනය කිරීම:

I පත්‍රය - 100

II පත්‍රය - 100

ප්‍රායෝගික පරීක්ෂණය - 100

අවසාන ලකුණ - 300 - 3 - 100

I පත්‍රය - නාට්‍ය හා රංග කලාවේ සෛන්ධන්තික පදනම

අන්තර්ගත විෂය සන්ධාරය

* කලාව යනු කුමක් ද?
* ප්‍රසාංගික කලාව හැඳින්වීම, ප්‍රසාංගික කලා වර්ග
* නාට්‍ය කලාවේ සුවිශේෂි ලක්ෂණ
* නාට්‍ය කලාව වෙනත් කලාවන් සමඟ සංසන්දනය කිරීම
* නෘත්ත, නෘත්‍ය, නාට්‍ය
* රංග කලාවේ මූලිකාංග
* සතර අභිනය
* රූපණය
* ප්‍රධාන රංග ශෛලින්
* ග්‍රීක නාට්‍ය කලාවේ සිද්ධාන්ත (ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයට අනුව)
* සංස්කෘත නාට්‍ය කලාවේ සිද්ධාන්ත (භරත මුනිගේ නාට්‍ය ශාස්ත්‍රයට අනුව)
* ලෝකයේ විවිධ නාට්‍ය රීති
* ක්ෂණික නිරූපණය, භූමිකා නිරූපණය
* නාට්‍ය පෙළ මූලික ලක්ෂණ
* නාට්‍ය අධ්‍යක්ෂණය
* නාට්‍ය රස විඳීම සහ විචාරය

II පත්‍රය - නාට්‍ය හා රංග කලාවේ ඓතිහාසික පසුබිම

විෂය සන්ධාරය

දේශීය නාට්‍ය කලාව

* ශාන්ති කර්ම
* බෞද්ධ පූජා කර්ම
* සොකරි
* කෝලම්
* නාඩගම්
* පාස්කු
* නූර්ති
* ටීටර්
* මිනර්වා
* ආදි විශ්ව විද්‍යාලීය නාට්‍ය

* 1956 සිට 1999 ශ්‍රී ලංකවේ නාට්‍ය කලාවේ වැදගත් සන්ධිස්ථාන (එදිරවීර සරච්චන්ද්‍ර, ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, රංජිත් ධර්මකීර්ති, ආර්. ආර්. සමරකෝන්, කේ. බී හේරත්)

* ශ්‍රී ලංකාවේ දෙමළ නාට්‍ය කලාව
* ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි නාට්‍ය කලාව

* ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ ප්‍රගතියට ඉවහල් වූ විදේශීය නාට්‍ය (කපුවා කපෝති, මූදුපුත්තු, හුණුවටයේ කතාව)

විදේශීය නාට්‍ය කලාව

* ග්‍රීක නාට්‍ය කලාව (ප්‍රභවය සහ විකාශය, නාට්‍ය වර්ග, නාට්‍යකරුවෝ, රංග ශෛලිය, රංග භූමිය)
* සංස්කෘත නාට්‍ය කලාව (ප්‍රභවය සහ විකාශය, නාට්‍යකරුවෝ, රංග භූමිය, රංග ශෛලිය, රස සිද්ධාන්තය)
* මධ්‍යකාලීන යුගයේ යුරෝපයේ නාට්‍ය (ප්‍රභවය සහ විකාශය, නාට්‍ය වර්ග, රංග භූමි, රංග ශෛලිය)
* එංගලන්තයේ එලසබෙතීන යුගයේ නාට්‍ය (ප්‍රභවය සහ විකාශය, නාට්‍යකරුවෝ, රංග භූමිය, විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍ය කලාව)
* ජපානයේ නාට්‍ය කලාව (ප්‍රභවය සහ විකාශය, නාට්‍ය වර්ග, රංග භූමි, රංග ශෛලිය)

19 සියවසේ යුරෝපා නාට්‍යකරුවෝ (හෙන්රික් ඉබ්සන්, ඇන්ටන් චෙකෝප්, ස්ටැනිස්ලාව්ස්කි)

* 20 වන ශත වර්ෂයේ නාට්‍ය ප්‍රවණතා හා අත්හදා බැලීම් (බර්ටෝල් බ්‍රෙෂ්ට්, සැමුවෙල් බෙකට්)

නිර්දිෂ්ට ග්‍රන්ථ

1. ඇන්ටිගනී

පරිවර්තනය ) ආරියවංශ රණවීර)

(මුල් කෘතිය - Sophocle’s Antigone)
 

2. සකුන්තලා (පරිවර්තනය - පියදාස නිශ්ශංක)

මුල් කෘතිය - Kalidasa’s abhignyan shakuntalam) (පරිවර්තනය - පියදාස නිශ්ශංක සහ ඩී.ඊ.හෙට්ටිආරච්චි)

3. සුභ සහ යස (ස්වතන්ත්‍ර රචනය - සයිමන් නවගත්තේගම)

4. හස්තිකාන්ත මන්තරේ (ස්වතන්ත්‍ර රචනය - එදිරිවීර සරච්චන්ද්‍ර)

5. රූකඩ ගෙදර (පරිවර්තනය - විජිත ගුණරත්න)

(මුල් කෘතිය - Henrik Ibsen’s Doll’s House)
 

6. ජුලියස් සීසර් - William Shakespeare - julius caesar  (පරිවර්තනය - මංගලිකා ජයතුංග)

7. ඔතෙලෝ - (මුල් කෘතිය - William Shakespeare - Othello (පරිවර්තනය - කේ.ජී.කරුණාතිලක)

සැ. යු. පරිවර්ත නාට්‍ය කෘති ගැනීමේදී අදාල පරිවර්තකයාගේ කෘතියම තෝරා ගැනීමට සැලකිලිමත් වන්න.