වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




මට අවශ්‍යයි සිනමාව ගැන අලුතින් හිතන පිරිසක් හදන්න

මට අවශ්‍යයි සිනමාව ගැන අලුතින් හිතන පිරිසක් හදන්න

ප්‍රවීන් ජයරත්න

ඩිල් ෆිල්ම්ස් අලුත් සිනමාවක් වෙනුවෙන් අලුත් වැඩකට අත ගසයි

ඇත්තෙන්ම මම මේක ඇතළේ විෂය කරුණු උගන්වන්න කැමැත්තක් නැහැ. නමුත් මම විශේෂ කාර්තව්‍යයක් මටම පවරාගෙන තිබෙනවා. ඒ තමයි සිනමාකරණය ගැන අපි ළඟට එන තරුණයන්ව අභිප්‍රේරණය කරන එක. ඔවුන්ට අනාගතවාදී වෙන්න පොලඹවන එක. ඒ දේ මට හොඳටම කරන්න පුළුවන්. මට පුළුවන් වේවි තිර රචනය කරන්න.

ලංකාවේ චිත්‍රපට රසායනාගාරයක් පවත්වාගෙන ගිය ආයතනයන් අයවලුන් විශාල සංඛ්‍යාවක් නැත. කුඩා කර්මාන්තයක් ඇති රටක එවැනි රසායනාගාර සේවාවක් අඛණ්ඩව පවත්වා ගැනීම අතිශය අසීරුය. අදටත් පසු නිෂ්පාදන කටයුතු බහුලව ඉන්දියාවට රැගෙන යන තැනක එම සේවාවන් ඉදිරියට පවත්වාගෙන යාම අපහසු බව සිතීමට එතරම් පරිශ්‍රමයක් අවශ්‍ය නොවේ. 70 දශකයෙන් පසු මෙරටට වර්ණ චිත්‍රපට බහුලව අවශ්‍ය වූ යුගයක ඒ කර්තව්‍ය අතට ගත්තේ ඩිල්මන් ජයරත්නයන්ය. එවකට චිත්‍රපටවල වර්ණ රසායන කටයුතු හොංකොං හා සම්බන්ධ වෙමින් ඉටු කර දුන් ඩිල්මන් ජයරත්න පසු කලකදී ඒවා බත්තරමුල්ලේ ඩිල් ෆිල්ම්ස් හරහා ඉටු කරදීමට කාරණා සැකසීය. චිත්‍රපට රසායනාගාර සේවා සැපයීම ව්‍යාපාරයක් වුව ද එය කිසිසේත් තොග කඩ ව්‍යාපාරයක් නොවේ. එය අතිශයින්ම සුවිශේෂී එකකි. පියාගෙන් පුත්‍රයාට උරුම වෙනවා ලෙස මෙම ව්‍යාපාරයන් ප්‍රවීන්ට උරුම වුව ද පියාගේ සුවිශේෂීත්වය ඔහුට නොමැති නම් ව්‍යාපාරය වැසී යනවා නොඅනුමානය. ප්‍රවීන් පියාගේ ඩිල් ෆිල්ම්ස් යාවත්කාලීන කළේය. තාක්ෂණය ගෙනාවේය. සේවාවන් පුළුල් කළේය. හොඳම සම්පත් රැස් කළේය. කොටින්ම කියනවා නම් ඔහු ඩිල්මන් ජයරත්නගේ කාර්යයට අගය එකතු කළේය. චිත්‍රපට පෙර නිෂ්පාදන, නිෂ්පාදන, පසු නිෂ්පාදන අංශයන්ගේ ලෝකයේ හොඳම තාක්ෂණය ප්‍රවීන් ඩිල් ෆිල්ම්ස් වෙත වැද්දා ගත්තේය. ඒ ඔහුත් නිර්මාණකරුවකු වන නිසාය. ඒ අනුව ප්‍රවීන් අලුත් වැඩකට අත ගැසීමට සූදානම්ය. ඒ සිනමා අධ්‍යාපනය විධිමත් ආකාරයෙන් ලබාදිමටයි. ඔහු සතු පහසුකම්, සබඳතා හා තාක්ෂණය ඔහුගේ මේ නව අධ්‍යාපන ක්‍රියාවලිය වෙනුවෙන් යෙදවීමට සැදී පැහැදී සිටී. එමෙන්ම අදටත් ලංකාවේ සිනමාව සහ අවශේෂ සේවා සියල්ල එක වහලක් යටින් එක විට සපයන්නේ නම් ඒ ප්‍රවීන් ජයරත්න අතිනි. ඒ අනුව ඔහු අලුත් පරම්පරාවක් වෙනුවෙන් ආයතනය සතු අත්දැකීම් භාවිත කරන්නට සුදානම්ය. ඒ සූදානම ගැන කියන්නට අප සම්මුඛ වූයේ මේ ආකාරයෙනි.

ප්‍රවීන් ඔබ සිනමා අධ්‍යාපනය ඩිල් ෆිල්ම්ස් වෙතින් දෙන්නේ කිනම් අංශවලටද?

තාක්ෂණය සෘජුවම සම්බන්ධ සිනමාවේ පැති දෙකක් තමයි සංස්කරණය සහ කැමරාකරණය හා ආලෝකරණය. මේ අංශවලට අමතරව මම සුදානම් තිර රචනය හා සිනමාකරණය කියන පුළුල් විෂය පැත්තෙනුත් පාඨමාලා මෙහෙයවන්න. මේ පාඨමාලා 4 ම සකසලා තිබෙන්නේ මාස 6 ක පාඨමාලා හැටියට. සති අන්ත දවස් තමයි මේ සඳහා යොදා ගන්නේ. මේකට සමාරම්භයක් හැටියට ලබන ජූලි 30 වනදා හඳුන්වාදීමේ වැඩසටහනක් අපි පවත්වනවා. එතකොට කෙනෙක්ට පුළුවන් එදාට ඇවිත් පාඨමාලා ගැන පූර්ව අවබෝධයක් අරගෙන තමන් කැමැති පාඨමාලාවක් එක්ක සම්බන්ධ වෙන්න.

ඒ අනුව ඔබ Dil Films Cine Academy ඔබේ ආයතනය අනුබද්ධව ආරම්භ කරනවා තවත් ව්‍යාපෘතියක් හැටියට?

ඇත්තෙන්ම මේ අධ්‍යාපනය දීමේ කාර්යය ව්‍යාපාරයක් හැටියට සලකන්න අමාරුයි. අපි වගේ ආයතනයකට ව්‍යාපාරයක් කරනවා නම් ඒක ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. අධ්‍යාපනයක් දෙනවා වගේ අපහසු කාර්යයක් කරන්න අවශ්‍ය නැහැ. අපේ පහසුකම් ශ්‍රමය වැය කරගෙන අපි පාඨමාලාවට ගාස්තුවක් අය කරනවා තමයි. නමුත් ඒක ලාභයක් අරමුණු කරගෙන කරන එකක් නෙවෙයි.

එහෙනම් සිනමා අධ්‍යාපන වැඩසටහනක් පුළුල්ව දීමේ අරමුණ මොකක්ද?

අරමුණ වෙන්නේ මේකයි. ලෝකයේ සිනමා තාක්ෂණය ඉදිරියට ගියා. දියුණු වුණා. ඒ තාක්ෂණයත් කිසිම අඩුවක් නැතුව ලංකාවටත් ආවා. දැනට බැලුවොත් කැමරා ආම්පන්න සංස්කරණ ආම්පන්න ඉඳලා ලෝකේම දියුණුම තාක්ෂණය මගේ ආයතනයේ තිබෙනවා. වෙනත් තැන්වලත් තිබෙනවා. කිසිම කෙනෙක්ට කියන්න බැහැ ලංකාව ඇතුළේ පහසුකම් නැහැ. ඒ නිසා වැඩ කරන්න බැහැ කියලා. විශාල ගැටලුව තියන්නේ ඒ වගේ තාක්ෂණයකින් වැඩ ගන්න තරම් පිරිසක් ලංකාවේ ඉන්නවද කියන එක. ආර්ට් සහ ක්‍රාෆ්ට් කියන්නේ 2 ක්. එකකට එකක් අත්‍යවශ්‍යයි. නමුත් ක්‍රාෆ්ට් ගැන දන්නේ නැතුව ආර්ට් කරන එක වැඩක් නැහැ.

එහෙම පිරිසක් ඇත්තටම නැත්ද ලංකාවේ?

මෙහෙමයි, තවමත් සිනමාව ඇතුළේ කවුරුවත් දියුණු විදිහට වැඩක් කරන්න පුළුවන් කට්ටියක් එළියට ආවේ නැහැ. මියුසික් වීඩියෝ කර්මාන්තය ඇතුළේ කිහිප දෙනෙක් ඒ වගේ සාධනීය වැඩ කිහිපයක් කරලා පෙන්නුවා. නමුත් කිසිම කෙනෙක් සිනමාවට නම් සම්බන්ධ වුණේ නැහැ.

එතකොට ඒ සම්බන්ධයෙන් ඔබේ වැඩපිළිවෙළ මොකක්ද?

මට මූලික වශයෙන්ම අවශ්‍ය හොඳ නිර්මාණකරුවන් ටිකක් බිහි කර ගන්න එක. අපට තාක්ෂණය තිබෙනවා. පහසුකම් තිබෙනවා. ඒක හරි. නමුත් නිර්මාණශීලී ඔළු ටිකක් අපට නැහැ. තවමත් ජනප්‍රිය තලයේ නිර්මාණාත්මක වැඩ කරන්නේ උදයකාන්ත වර්ණසූරිය වගේ ප්‍රවිණයන්. එතකොට කෝ තරුණ නිර්මාණකරුවෝ. මේ පාඨමාලාවේ අරමුණ වෙන්නෙම නිර්මාණශීලී තරුණයෝ බිහි කර ගන්න එක.

නිර්මාණශීලී තරුණයෝ හදන්න ඔබේ පාඨමාලාව ඉවහල් වෙන්නේ කොහොමද?

මුලිනුත් කිව්වා වගේ අපිට තාක්ෂණය තිබෙනවා. ඒ වගේම එක දිගට වැඩ කරලා දශක 3 ක විතර කර්මාන්තයේ අත්දැකීම් තිබෙනවා. අනික මේ පාඨමාලා 100% ක්ම ප්‍රායෝගික විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. අපි ඔවුනට නිතරම කියා දෙනවා අලුත් වෙන්නේ කොහොමද කියලා. අපේ ආම්පන්න, මැදිරි නිතර වැඩවලින් පිරිලා. ඒ නිසා ඒ ප්‍රයෝගිකත්වය අපි ඔවුන්ට පෙන්වනවා. පෙන්වලා අපි ඔවුන්ට කියලා දෙනවා අලුත් සිනමාවක් වෙනුවෙන් හිතන්නේ කොහොමද කියලා.

ඉගැන්වීම් සැකැස්ම ඔබ කොහොමද සකස් කරලා තිබෙන්නේ?

අපිට ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණම අයවලුන් මේ කාර්යයත් එක්ක අපිට කතා කළා. සුබ පැතුවා. ඔවුන්ගේ දායකත්වය අපිට දෙනවා කිව්වා. එක් එක් විෂයන්ට උප විෂයන්ට අපි වෙන වෙනම ආරාධිත දේශකවරු ගෙන්වනවා. ඒ වගේම අපි සූදානම් සිද්ධාන්ත වගේම ප්‍රායෝගික අංශයන් හොඳ සමතුලිනයකට ගේන්න.

මේ පාඨමාලාව ඇතුළේ ඔබේ දායකත්වය මොන වගේද?

ඇත්තෙන්ම මම මේක ඇතළේ විෂය කරුණු උගන්වන්න කැමැත්තක් නැහැ. නමුත් මම විශේෂ කාර්තව්‍යයක් මටම පවරාගෙන තිබෙනවා. ඒ තමයි සිනමාකරණය ගැන අපි ළඟට එන තරුණයන්ව අභිප්‍රේරණය කරන එක. ඔවුන්ට අනාගතවාදී වෙන්න පොලඹවන එක. ඒ දේ මට හොඳටම කරන්න පුළුවන්. මට පුළුවන් වේවි තිර රචනය කරන්න. එක් කෙනෙක්ව හොඳ නිර්මාණශිලී කතා රචකයෙක් කරන්න උනන්දු කරන්න සිනමාකරණය හදාරණ කෙනෙක්ව හොඳ අධ්‍යක්ෂවරයෙක් කරන්න, අලුත් නිර්මාණ කරන්න උනන්දු කරන්න. මම හිතන්නේ මගේ අතින් විය යුත්තේ එයයි.

අද වෙනකෙට සිනමාව ගැන අධ්‍යාපනය දෙන්න ආයතන ගොඩක් පෙලඹිලා ඉන්නවා?

ඔව්. ඔවුන් පවා උගන්වන්න කැමරා උපකරණ හයර් කරන්නේ මගෙන්. ඔවුන්ට නැති ඒ වටාපිටාව මම ළඟ තිබෙනවා. අනික සමහර පාඨමාලා තිබෙනවා මුදල්ම පමණක් අරමුණු කරමින් එකම දේ විශාල කාලයක් උගන්වන. නමුත් ඩිල් ෆිල්ම්ස් ආයතනයේ සියල්ල විධිමත්. ඉක්මන්.

පාඨමාලා ඉදිරියේදී පුළුල් වෙන්නේ නැද්ද?

අනිවාර්යයෙන්ම අපි පුළුල් කරනවා.

මේ ජූලි 30 වනදා අපි කටයුතු සියල්ල පටන් ගන්නවා. අලුත් සිනමාවක් ගැන හිතන අය එදාට එන්න. අවශ්‍ය අධ්‍යාපනය අපි සපයනවා. Dil Films International Faccbook පිටුව හරහා අපිත් සමඟ සම්බන්ධ වෙන්න ඕනෑ කෙනෙක්ට පුළුවන්. ඒ වගේම 0773305805 / 0777353747 දුරකථන අංකවලට වගේම [email protected] කියන ඊමේල් ලිපිනයෙනුත් විමසීම් කරන්න පුළුවන්. සිනමාවේ සියළු අංශ අලළා ඉදිරි කාලයේදී අපි පූර්ණ සිනමා රසවින්දන පාඨමාලාවක් ආරම්භ කරනවා. ඒ සඳහා අපට අවශ්‍ය වෙන කුඩා සිනමා ශාලාවක් දැනටම අපි ආයතනය ඇතුළේ හදාගෙන යනවා. මේ ශාලාව අපි අනෙක් පාඨමාලාවන්ටත් යොදා ගන්නවා.

ඔබේ ඇකඩමියේ සමාරම්භය කවදාද?

මේ ජූලි 30 වනදා අපි කටයුතු සියල්ල පටන් ගන්නවා. අලුත් සිනමාවක් ගැන හිතන අය එදාට එන්න. අවශ්‍ය අධ්‍යාපනය අපි සපයනවා. Dil films International Faccbook පිටුව හරහා අපිත් සමඟ සම්බන්ධ වෙන්න ඕනෑ කෙනෙක්ට පුවළුන්. ඒ වගේම 0773305805 / 0777353747 දුරකථන අංකවලට වගේම [email protected]  කියන ඊමේල් ලිපිනයෙනුත් විමසීම් කරන්න පුළුවන්.