වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




පංච කල්‍යාණිට අකරතැබ්බයක්

පංච කල්‍යාණිට අකරතැබ්බයක්

අපට සිටින සුරූපී නිළියන් අතර පෙරමුණේ සිටින කෙනෙක් තමයි නදීශා හේමමාලි කියන්නේ. ඉඳහිට රංගනයේ යෙදුණත් ඇය කරන චරිත මතකයේ රැඳෙනවා. නදීශා සිය ජීවිතයේ ප්‍රථම වාතවට ප්‍රහසන චිත්‍රපටයක රඟපෑවා. ඒකේ නම යමරසිරි. නදීශා එහි පංච කල්‍යාණි නමැති චරිතයක් තමයි පණ පොවන්නේ. මේ චිත්‍රපටය රූපගත කිරීම් අතරතුරදී නදීශාට හරි අකරතැබ්බයක් වෙලා. මේ හේතුවෙන් ඇය හොඳටම බයත් වෙලා. නදීශා ගාව තියෙනවා කොණ්ඩෙ සකසන අයන් එකක්. ඒක වැරැදීමකින් ඇගේ කකුල මතට වැටිලා. වෙන දේ ඉතින් අහන්න දෙයක් නැහැනෙ. නදීශගේ කකුල හොඳටම පිච්චිලා. මේ හේතුවෙන් රූපගත කිරීමත් කල් දමන්න සිදු වුණාලු. චිත්‍රපටය පුරාවටම කකුල පිච්චුන එක අමතක කරන්න නදීශට බැරි වෙලා. ඒක තමයිලු යමරජසිරි රූගත කිරීමේ කාලය අතරතුරදී වෙච්ච සිදුවීම් අතරින් නදීශගේ ජීවිතයෙත් අමතක නොවනම සිදුවීම.