වර්ෂ 2016 ක්වූ  ජූලි 27 වැනිදා බ්‍රහස්පතින්දා




ජන්මෙට වඩා පුරුද්ද

ජන්මෙට වඩා පුරුද්ද

ප්‍රියන්ත විජේසිංහගේ හඬ පෞරුෂය ගැන ඉතින් ආයෙ පුන පුනා කියන්න ඕන නැහැනෙ. ප්‍රසංග වේදිකාවේ නවමු වෙනසක් කළ ඔහු කැපිටල් මහරාජා ආයතනයේ ඉහළ ශ්‍රේණියේ නිලයක් ද දරනවා. ඔය අතරතුරදී එම ආයතනයේ විශේෂ කටයුතු සඳහා නිවේදනයෙන් දායකවීමට ද ඔහුට ආරාධනා ලැබෙනවා. ඉකුත් දිනයකදී ප්‍රියන්තත් එහෙම වැඩක නිවේදන කටයුතු කළා. ඒ කැපිටල් මහරාජා ආයතනය නිෂ්පාදනය කළ නවතම චිත්‍රපටය වූ ධර්ම යුද්ධය හි මංගල දර්ශනය දින. ඔන්න සුපුරුදු විදිහට ප්‍රියන්ත එදා සිය ගැඹුරු හඬ අවදි කළා. ටික වේලාවක් යද්දී ප්‍රියන්තගේ නිවේදන ශෛලය ටික ටික වෙස් වුණා. කවුරු කවුරුත් මුහුණට මුහුණ බලා ගත්තේ අන්න එතකොට. ප්‍රියන්ත එදින එතැනට පැමිණ සිටි සම්භාව්‍ය අමුත්තන්ට පොල් තෙල් පහන දැල්වීමට කතා කළේ ප්‍රසංග වේදිකාවකදී ආරාධිත ගායකයන්ව වේදිකාවට ගන්වා වගේ. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ අන්න ඒකටලු.