වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -112

සිංහල සිනමා විස්තරය -112

තනි තරුව

තිරගත වූ දිනය – 1982 මාර්තු 26
ඉදිරිපත් කිරීම – දීප්ති සිනෙරු
නිෂ්පාදනය - දීපාල් ප්‍රනාන්දු
අධ්‍යක්ෂණය – රත්නවීර ද සිල්වා
සම නිෂ්පාදනය – කුමාරසිරි වීරක්කොඩි
කතාව, දෙබස්, තිර නාටකය - සෝමවීර සේනානායක (සතුට පුවත්පතේ පළ වූ චිත්‍ර කතාව ඇසුරිනි)
සහාය අධ්‍යක්ෂණය – තිලක් ලක්ෂ්මන් සෙනෙවිරත්න
නිෂ්පාදන සහාය - ස්ටීවන් පතිරගේ, සුනිල් පෙරමුණගම, ආනන්ද කුලසිරි, නෙරංජලා රත්නායක, කේ. ඒ. කුලසිරි, නිමලසේන වීරක්කොඩි, ඒ. වී. තිස්ස කුමාර
කැමරා අධ්‍යක්ෂණය - නිමල් පෙරේරා
සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි
අංග රචනය – නිමල් රාජපක්ෂ
කලා අධ්‍යක්ෂණය – බන්දුල හරිස්චන්ද්‍ර
කලා සහාය – උපාලි ඩයස්, හීනටිගල ප්‍රේමදාස
සටන් අධ්‍යක්ෂණය – දයානන්ද රුද්‍රිගෝ
රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු
රසායනාගාර සහාය – ජී. මුත්තුසාමි පිල්ලෙයි, එම්. රාමචන්ද්‍රන්, එම්. එම්. ප්‍රේමදාස, එස්. රාජා, පීටර් රේමන්ඩ්
ශබ්ද පරිපාලනය - සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ප්‍රචාරක කළමනාකරු - කැල්වින් කුමාරසිංහ
නිෂ්පාදන අධිකාරි - කුමාරසිරි වීරක්කොඩි
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය – කුලරත්න ආරියවංශ, උපාලි ධනවලවිතාන, කේ. ඩී. කේ. ධර්මවර්ධන, චන්ද්‍රරත්න මාපිටිගම

ගීත - පෙම් පැතුම් ප්‍රසාදේ - නැලවෙන සිතුවිලි - මිල්ටන් මල්ලවආරච්චි, නීලා වික්‍රමසිංහ
කෙසේ බිඳී ගියාදෝ – එච්. ආර්. ජෝතිපාල
සමන් පිච්ච වැල් මල් ලියකම් – ටී. එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ
මී බිඳු ගලා ගලා තිබුණා - මර්වින් පෙරේරා, ග්‍රේෂන් ආනන්ද, ප්‍රියා සූරියසේන

නළු නිළියන් - සනත් ගුණතිලක (තරංග), ගෝතමී පතිරාජ (කල්පනා), මැණික් කුරුකුලසූරිය (සුමුදු), ජීවන් කුමාරතුංග (රනිල්), නදීකා ගුණසේකර (තනුජා), කමනී අමරසිංහ, මර්වින් ජයතුංග, තලතා ගුණසේකර, චිත්‍රා වාකිස්ඨ, ජයසේකර අපොන්සු, ලොයිඩ් වාකිස්ඨ, යූ. ආරියවිමල්, එස්. ඒ. ජේමිස්, දයා රාජපක්ෂ, කුමාරසිරි වීරක්කොඩි, දේවේන්ද්‍ර මාකස්, ලින්ටන් සේමගේ, හීනටිගල ප්‍රේමදාස, සුනිල් රවීන්ද්‍ර සිල්වා, ගංගා කුමාරි අතුරුගිරිය, අරවින්ද ගමගේ, කුමාරි තලහිටිගම, කුසුම් කොන්දෙගම, ගාමිණී චන්ද්‍රලාල්, මාලා පෙරේරා

ප්‍රදර්ශනය - දෙවන ප්‍රදර්ශන මණ්ඩලයේ ආරම්භක සිනමා ශාලා.
ගාමිණී, ප්ලාසා, අනූෂා - මහරගම, විජයන්ති – කඩුවෙල, රාජ් - මීගමුව, විජය – අම්පාර, සමුද්‍ර – වත්තල, ඕඩියන් – මහනුවර, ටජ්මහල් - මාතලේ, චිත්‍රා - කළුතර, එස්. කේ. සිනමා - මාතර, ටාසන්- කෑගල්ල, නිව් විජේන්ද්‍ර – අනුරාධපුරය, මහලේකම් – කුලියාපිටිය

ආයාචනා

තිරගත වූ දිනය – 1982 අප්‍රේල් 10
ඉදිරිපත් කිරීම - සාකේන් චිත්‍රපට
නිෂ්පාදනය - කෙනත් ඥානම්
අධ්‍යක්ෂණය – මිල්ටන් ජයවර්ධන
කතාව, දෙබස් සහ තිර නාටකය - කේ. ඩී. නික්ලස්
සහාය අධ්‍යක්ෂණය – ජයන්ත සුමනදාස
කැමරාකරණය – මර්සලින් එස්. පෙරේරා - සහාය – රංජිත් පෙරේරා
අංග රචනය – නිමල් රාජපක්ෂ
කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය – ජයසිරි සේමගේ
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායනාගාර කටයුතු – නිමල් වීරක්කොඩි
සැකසුම – ලංකා චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - ජයසිරි සේමගේ
නිෂ්පාදන කෘත්‍යාධිකාරී – බ්‍රියටිස් ක්‍රිස්ටියන් ජයවර්ධන
නිෂ්චල ඡායාරූප – ජයන්ත සුමනදාස
කාර්මික උපකරණ සැපයීම – ඩී. එන්. එෆ්. සී. ආයතනය
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත හා ගායන ශිල්පීන් -දෙව් විමානෙට – නිරංජලා සරෝජිනී සහ පිරිස - පද – උපාලි ධනවලවිතාන
මා වැනි බිළින්දා – ටී. එම්. ජයරත්න - පද - ප්‍රේමකීර්ති ද අල්විස්
නළු නිළියන් – උපාලි අත්තනායක (දිසාපති මඩුගල්ල), වසන්ති චතුරාණි (සරෝජිනී), ආනන්ද වික්‍රමගේ( තිස්ස වීරසිංහ), රූබී ද මෙල් (සරෝජිනීගේ මව), ශ්‍රියා කළුබෝවිල (මිතුරිය), මංජුලා විතානගේ, කිත්සිරි පෙරේරා, ශ්‍රියාණි රාජපක්ෂ (ළමා), මිල්ටන් ජයවර්ධන

ආරම්භක සිනමා ශාලා - අශෝකා, ප්ලාසා, නිව් මිනර්වා -කළුතර, එමෙස් - මොරටුව, ලැවීනියා - නුගේගොඩ, රත්නාවලී, ජාඇල, අනුර – අම්බලන්ගොඩ, මිලානෝ - කෑගල්ල, සෙන්ට්‍රල් - මාතලේ, සමුපකාර – හිගුරක්ගොඩ, නිව් සිනමා - මාතර, නිව් විජේන්ද්‍ර - අනුරාධපුරය, නිව් සිනමා - කුරුණෑගල, මහ ලේකම් – කුලියාපිටිය

සුදු අයියා

තිරගත වූ දිනය – 1982 අප්‍රියෙල් 10
ඉදිරිපත් කිරීම - සෙවන් ආට්ස්
නිෂ්පාදනය – බැප්ටිස්ට් ප්‍රනාන්දු
තිර නාටකය සහ අධ්‍යක්ෂණය, සංස්කරණය – එස්. වී. චන්ද්‍රන්
කතාව සහ දෙබස් - අරුණ ශාන්ති
සහාය අධ්‍යක්ෂණය - ෂර්ලි පී. විජේරත්න, ගාමිණී නවරත්න
කැමරා අධ්‍යක්ෂණය – ඇන්. සෙල්වදොරේ
අංග රචනය - කේ. සුබ්බයියා
කලා අධ්‍යක්ෂණය – ඇන්ටන් ගුරුසාමි
කලා සහාය – පී. ඩී. මයිකල්, ඇම්. ඒ. පියදාස, යූ. මයිකල්
සංස්කරණ සහාය – නිව්ටන් වීරසිංහ, ඇන්ටන් කිංස්ලි, උපාලි අමරතුංග
ක්‍රියාකාරී කැමරා - ජී. ඒ. ජී. පෙරේරා, ඇන්ටනි සිල්වා, එච්. ඒ. ඇල්බට්
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
ශබ්ද සහාය - ශ්‍රීලාල් වීරසිංහ, ආනන්ද අමරසිංහ, වී. කරුණාරත්න, වී. සුන්දරාජා
රසායානාගාර පාලක – ඇස්. තිරනාවුකරසු (බී. ඇස්. සී)
රසායනාගාර සහාය – ඇම්. ජී. මුත්තුසාමි, ඇම්. රාමචන්ද්‍රන්, එච්. එම්. ප්‍රේමදාස, වී. සිවදාසන්
සැකසුම – විජය චිත්‍රාගාරය, හැඳල
නාමාවලිය – ඇන්ටන් ගුරුසාමි
නිෂ්පාදන කළමනාකරු - හැමිල්ටන් අක්මීමන
නිශ්චල ඡායාරූප - මොහොමඩ් අලි
කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා
සංගීතය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය- කරුණණාරත්න අබේසේකර, නිහාල් ඒ. ජයසිංහ, උපාලි ධනවලවිතාන

ගීත - රංචු රංචු මල් පිපිලා - ඇන්ජලින් ගුණතිලක
චාමර ගීතේ ඇසේ - ඉන්ද්‍රාණි පෙරේරා
රාමයි සීතයි මාගේ- එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
පාවේ තරු මුතු මාලේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
දෑසේ මැවුනා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
ආදර විමනේ මා රූ රැජිනි – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

ධාවන කාලය – පැය 2 විනාඩි 25
දිග අඩි - 14000

නළු නිළියන් – බැප්ටිස්ට් ප්‍රනාන්දු, ජෙනිටා සමරවීර, රෙක්ස් කොඩිප්පිලි, එඩී ජූනියර්, බී. ඇස්. පෙරේරා, දොන් සිරිසේන, රුක්මණී දේවි, ශාන්ති ලේඛා, මානෙල් වානගුරු, අරුණ ශාන්ති, පියදාස ගුණසේකර, පියදාස විජේකෝන්, ඩීන් කුමාර්, බන්දු මුණසිංහ, පූජිත මෙන්ඩිස්, ජස්ටින් ෆොන්සේකා, සුනිල්

ආරම්භක සිනමා ශාලා - රිට්ස්, කැෆිටල්, අනූෂා - මහරගම, ජයන්තා - ගම්පහ, හිමාලි - කිරිබත්ගොඩ, ටජ්මහල් - මාතලේ, සීතා - බලන්ගොඩ, සිනෙක්ස්පෝ - කුරුණෑගල, ජෝති – රත්නපුරය, ජයන්ති – පොළොන්නරුව, සාගර – හලාවත, ෂැම්රොක් - වෙන්නප්පුව, බ්‍රෝඩ්වේ – මාතර, ටාසන් - කෑගල්ල, විජේන්ද්‍ර – අනුරාධපුරය

පෙතිගෝමර

තිරගත වූ දිනය – 1982 අප්‍රියෙල් 30
ඉදිරිපත් කිරිම – හරිඳු චිත්‍රපට
නිෂ්පාදනය - සිරිල් වීරසිංහ, ඩී. ද එස්. කාහිංගල, ක්ලෙමන්ට් විජේසිංහ
අධ්‍යක්ෂණය - සිරි කුලරත්න
නිෂ්පාදනය සහාය - කේ පී. මෝහන්
කතාව හා දෙබස් - සෝමවීර සේනානායක
තිර නාටකය - සෝමවීර සේනානායක, ඒ. ඩී. රංජිත් කුමාර
සහාය අධ්‍යක්ෂණය – අශෝක නිශ්ශංක, ප්‍රේමදාස හේවාකුරුප්පු
කැමරා අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා
කැමරා සහාය – බන්දුල කුරේ
සංස්කරණය - කොලින් පෙරේරා - සහාය - ප්‍රේමදාස හේවාකුරුප්පු
අංග රචනය – එස්. පී. කොස්තා - සහාය - කේ. ඩී. සිරිපාල
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – උපාලි ආරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ලාල් පාලිත, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා
ආලෝකකරණ සහාය – රෝහිත බටගොඩ, සරත් සූරියකුමාර, එම්. ඇරෆන්, පද්මසිරි, ජගත්, ලක්ෂ්මන්
කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා
රසායනාගාර පාලක - ජෙරාල්ඩ් ජයවර්ධන සහ එස්. තිරනාවුකරසු
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නිශ්චල ඡායාරූප – ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා
නිෂ්පාදන කළමනාකරණය - ගාමිණී පතිරණගේ, එස් නානායක්කාර
සංගීත අධ්‍යක්ෂණය - සරත් බාලසූරිය
ගීත ප්‍රබන්ධය – උපාලි ධනවලවිතාන, කේ. ඩී. කේ. ධර්මවර්ධන, ප්‍රේමකීර්ති ද අල්විස්, සිරිල් ඒ. සීලවිමල

ගීත -
වලා ඉමෙන් එහා ඈත – වික්ටර් රත්නායක
මගේම පෙම් හද පතා - ඇන්ජලින් ගුණතිලක
දහඩිය වගුරලා - එච්. ආර්. ජෝතිපාල, ලක්ෂ්මන් රුද්‍රිගූ, රෝයි ද සිල්වා, ලතා වල්පොල

නළු නිළියන්- ටෝනි රණසිංහ (මිනුම් මහත්තයා), ශ්‍රියාණි අමරසේන (සුධීරා), මර්වින් ජයතුංග (වන්නකු), සුමනා අමරසිංහ (පූර්ණිමා), ශම්මි කුමාර සෙනරත් යාපා (පොඩ්ඩා), බී. ඇස්. පෙරේරා, ජයසේකර අපොන්සු, දෙනවක හාමිනේ, අශෝක හේවාවිතාරණ, වින්සන්ට් වාස්, දයානන්ද ජයවර්ධන, සීතා කුමාරි, කමල්ඩීන්, රැල්ප් විජේසේකර, නිමල් ජයවර්ධන, සුගත් සමරකෝන්, ආර්. රාජාබ්දීන්, එස්. පී. කොස්තා, ශ්‍රියා කළුබෝවිල, ආශා සේපාලිකා, චන්දන හේමන්ත ඩයස්

ආරම්භක සිනමා ශාලා - ගාමිණී – මරදාන, නිල්මිණි – වත්තල, මානෙල් - මොරටුව, කිංස් - මීගමුව, නන්දා - කොස්වත්ත, ලේඛා - හෝමාගම, රීගල් - අම්බලන්ගොඩ, ජුපිටර් – කුරුණෑගල, නිව් ඉම්පීරියල් - බලංගොඩ, සිත්තම්පලම් – අනුරාධපුරය, ශ්‍රීමහල් - කුලියාපිටිය, එස්. කේ. සිනමා - මාතර, කැසිනෝ මාතලේ, නිව් රෝහණ – තිස්සමහාරාමය, දර්ශන - කොස්වාඩිය