වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ලහිරුගේ උපන් දිනයදා

ලහිරුගේ උපන් දිනයදා

රම්බරි සමඟින් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ පෙරළියක් කළ, ළබැඳීයේ සමඟින් සංගීත ලෝලී තරුණ, බාල , මහලු හදවත් ආදරණීයව වැලඳගත් නව පරපුරේ ගායක හා සංගීත රචක ළහිරු පෙරේරා පසුගිය අප්‍රේල් 18 වෙනිදා සිය උපන්දිනය සැමරුවා.

එහෙත් ඒ දිනයේදී ඔහු ලංකාවේ රැදී නොසිටීම හේතුවෙන් Starfriends විසින් මෙම ආදරණීය තරුව වෙනුවෙන් පසුගිය 06 වෙනිදා විශේෂ උපන් දින උත්සවයක් සංවිධානය කළා.

මෙම සුවිශේෂී උපන්දිනය පැවැත්වුනේ නාරාහේන්පිට පිහිටි ඔහුගේ සංගීත පටිගත කිරීමේ මැදිරිය තුලයි.

නුවර එළිය හා අලව්ව වැනි ඉතා දුර බැහැර ප්‍රදේශවලින් පවා පැමිණි තමන්ගේ Starfriend රසික රසිකාවියන් පිරිසකුත් එක් වූ මෙම උපන්දින උත්සවය ළහිරු පෙරේරාටත් අපූරු අත්දැකීමක් වුණා.

"Sing with Lahiru" යන තේමාවෙන් යුතුව පැවති ළහිරුගේ උපන්දින උත්සවෙදී ඔහුගේ සියලුම ගීත ඔහු මෙම අවස්ථාවට එක්ව සිටි රසික කැලත් සමඟ ගායනා කරමින්, විනෝදයෙන් පිරි වරුවක් ඔවුන්ගේ ජීවිතවලට නොමැකෙන මතකයක් සේ එක් කළා .

ළහිරු පෙරේරා වෙනුවෙන්ම නිර්මාණය කල උපන්දින කේක් එක රසවිඳීමෙන් අනතුරුව , පැමිණ සිටි රසික පිරිසට සුළු සංග්‍රහයක්ද Starfriend විසින් සුදානම් කර තිබුනා.

අනතුරුව තම රසික පිරිස සමඟින් වෙන් වෙන්ව ගත් ඡායාරූප, සමරු අත්සනක්ද සහිතව ඔවුන්ට පිරිනමන්නත් ළහිරු අමතක කලේ නෑ.