වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




රූකා - ලේඛාට සිනුවර සම්මානය රූ සඳ රෑ සිඩ්නි යයි

රූකා - ලේඛාට සිනුවර සම්මානය රූ සඳ රෑ සිඩ්නි යයි

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බ්ලැක්ටවුන් බෝමන් ශාලාවට ශ්‍රී ලාංකේය ගී දැහැනක වාර්තාවක් තබමින් පසුගිය මාර්තු 17 වැනිදා ‘රූ සඳ රෑ’ ප්‍රසංගය පැවැත්විණි.

80 දශකයේ තාරුණ්‍යයේ ගී නියමුවා රූකාන්ත ගුණතිලක සමඟ චන්ද්‍රලේඛා පෙරේරාගේ හඩින් ගීතවත් වූ මෙම ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම සුරේෂ් මාලියැද්ද විසින් සිදු කෙරිණි.

ආනන්ද ජයරත්නගේ සංකල්පයක් මත සංවිධානය කෙරුණු මෙම අවස්ථාව සඳහා ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකා මහ කොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ සහ ක්වින්ස්ලන්ත කොන්සල් ජනරාල් බන්දුල ජයසේකර ඇතුළු පිරිසක් සහභාගි වූහ. මෙහිදී රූකාන්ත – චන්ද්‍රලේඛා යුවළට මෙහිදී ‘සිනුවර’ සම්මානය පිරිනැමීම ද සිදු කෙරිණි.

මෙහි සංවිධායක ආනන්ද ජයරත්න ලාංකේයත්වයට මුල්තැන දෙමින් වසර ගණනාවක සිට ඔස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික ප්‍රජාවේ ක්‍රමවත් සංවිධානාත්මක කටයුතු නිර්මාණශීලී ලෙස ඉටු කළ අයෙකි.

පසුගිය වසර කිහිපය තුළ ඔහු විසින් එරට පදිංචි ශ්‍රී ලාංකිකයන්ට පිළිගැන් වූ දේ බොහෝය.

ආනන්දගේ සිනුවර ඉදිරිපත් කිරීම් අතර 1996 නීලා වික්‍රමසිංහගේ ‘රන් ටිකිරි සිනා’, 2004 – 2005 කාසල්හිල් හිල්ස් සෙන්ටර් හි ප්‍රථම ‘බක් මහ රංගන’, 2007 ‘මාමයි බෑනයි’, 2008 වාර්තා තැබූ නීලා වික්‍රමසිංහයන්ගේ ‘මාස්ටර් සර්’, 2009 ‘රෝමය ගිනි ගනී’ හා 2010 ‘රත්තරන් සහ එලොව ගිහින් මෙලොව ආවා’ වැනි ගී ප්‍රසංග, වේදිකා නාට්‍ය ඇතුළු විවිධ අවස්ථා රැසක් වේ.