වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ලෙබනනයේ රටවිරුවෝ

ලෙබනනයේ රටවිරුවෝ

අනුරාධා පි‍්‍රයදර්ශනී

නිරෝෂා දිල්රුක්ෂි

තම මව්බිමෙන්, ඥාති හිතමිත්‍රාදීන්ගෙන් දුරස්ව දුරු රටක වෙහෙසෙන සොයුරු සොයුරියන්ගේ කලා හැකියාවන් එළි දැක්වීමට ඉදි වූ රටවිරුවෝ වේදිකාව දැන් විවෘත වෙන්නේ ලෙබනනයේදීයි.

එම වේදිකාවට ගොඩවන්න වාසනාවන්ත වූ රටවිරුවන් අතුරින් පළමු අදියර යටතේ සිය දස්කම් දක්වන පිරිස හඳුන්වා දෙන්නයි මේ පිටුව වෙන් වෙන්නේ. ඔවුන්ගේ කලා හැකියාවන් ලබන ඉරිදා රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාළිකාව ඔස්සේ ඔබට දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

ලෙබනනයේ රටවිරුවෝ වේදිකාවට එක්වන ප්‍රථම ගායන තාරකාව වන්නේ හේමමාලි රත්නායකයි. කුඩා කාලයේ සිටම ගායනයට දැක් වූ ලැදියාව නිසා සංගීතයට යොමු වූ ඇය පාසලේදී උසස් පෙළ දක්වාම සංගීතය විෂයයක් ලෙස ද හදාරා ඇත.

කුරුණෑගල පදිංචි හේමමාලි ගෘහ සේවිකාවක ලෙස ලෙබනනයේ සේවයට එක් වී ඇත්තේ 2008 වසරේ සිටය.

මීළඟට රටවිරුවෝ වේදිකාව නර්තනයෙන් විචිත්‍රවත් කරන්න එක්වෙන්නේ ගම්පහ පදිංචි සුලානි අනුපමා. පාසල් කාලයේ සිට නර්තනයට යොමු වූ ඇය උඩරට නර්තන අංශයෙන් ගාන්ධර්ව අවසාන විභාගය ද සමත් වී ඇත. සුලානි ගෘහ සේවිකාවක ලෙස විදෙස් සේවයට එක් වී ඇත්තේ 2008 වසරේදීය.

කොන්සි

හේමමාලි රත්නායක

අනුරාධපුර පදිංචි රේණුකා මල්කාන්ති හෙට්ටිආරච්චි ලෙබනනයේ ප්‍රථම අදියරේ රටවිරුවෝ වේදිකාව ගීතවත් කිරීමට එක්වන මීළඟ ගායන තරුවයි. කුඩා කාලයේ සිටම සංගීතයට දැක් වූ ලැදියාව නිසා පාසල් කාලයේදී ලද විවිධ අවවස්ථාවලදී ඇය සිය ගායන හැකියාවන් දක්වා තිබේ.

බාල සහෝදරියන් දෙදෙනකු සහ සහෝදරයන් තිදෙනකුගේ පවුලේ වගකීම සියතට ගත් රේණුකා විදෙස් සේවයට එක්වී ඇත්තේ 2004 වසරේදීය.

අනුරාධා ප්‍රියදර්ශනී රටවිරුවෝ වේදිකාව නර්තනයෙන් විචිත්‍රවත් කිරීමට එක්වන මීළඟ තාරකාවයි. කුඩා කාලයේ පටන්ම නර්තනයට දස්කම් දැක් වූ ඇය ලොවටම ඒ හැකියාවන් දක්වන්නට සූදානම් වන්නේ රටවිරුවෝ වේදිකාවෙනි. අනුරාධා ලෙබනනයේ සේවයට එක් වී ඇත්තේ පසුගිය වසරේදීය.

සුලානි අනුපමා

රේණුකා මල්කාන්ති

තිස්සමහාරාමයේ නිරෝෂා දිල්රුක්ෂි රටවිරුවෝ වේදිකාවට එක් වෙන්නේ සිය නර්තන හැකියාවන් දැක්වීමටයි.

නර්තනයට දැක් වූ ලැදියාව නිසාම පාසලේදීත් විෂයයක් ලෙස නර්තනය හැදෑරූ ඇය ඉන් පසුව කලායතනකට ද සම්බන්ධව තම දක්ෂතා ඔප් නංවා ගෙන ඇත. නිරෝෂා ලෙබනනයේ සේවයට එක් වී ඇත්තේ 2006 වසරේ සිටයි.

සිය පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් විදෙස් සේවයට එක් වූ හෙට්ටිදුරලාගේ කොන්සි මෙවර රටවිරුවෝ වේදිකාවට එක්වෙන්නේ සිය ගායන හැකියාවන් දැක්වීමටයි. කුඩා කාලයේ පටන්ම සහජයෙන් ලද ගායන හැකියාව වැඩි දියුණු කරගත් ඇය මෙවර රටවිරුවෝ වේදිකාවේ ඒ හැකියාවන් දක්වන්නීය. අලව්වේ පදිංචි කොන්සි ලෙබනනයේ විදෙස් සේවයට එක් වෙන්නේ 2011 වසරේ සිටයි.