වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




කෙටි පණිවුඩ

කෙටි පණිවුඩ අයුරින් ප්‍රතිචාර එවන ඔබට නැවත මතක් කිරීමකි මේ.

0752805047 යන අංකයට අසීමිතව දිනපතා අපට ප්‍රතිචාර ලැබෙයි. ඒවාහි බොහොමයක නම සඳහන් කිරීමට බොහෝ දෙනා අතපසු කරයි. එලෙස නොවූ ඔබ එවන කෙටි පණිවුඩයන්හි අග ඔබේ නම සහ ප්‍රදේශය අනිවාර්යයෙන්ම සටහන් කරන්නට යැයි ඉල්ලීමක් කරමු. ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට ඔබේ සටහන් හෝ තැපැල්පත් එවිය හැකිය.

සිහිපත් කිරීමකි

තේජාන්විත යටි රැවුල සහ ක්‍රීඩකයකුට උචිත කඩවසම් සිරුරක් තිබූ රන්මුතු දූව, සූර චෞරයා, දාමරිකයෝ යන චිත්‍රපටවල සදා නොමැකෙන නමක් තිබූ ජීවිත සටනෙන් නළුවකු වී ජීවිත සටනින් අකල් වියෝවකට ලක් වූ ශේන් ගුණරත්නව සිහිපත් කිරීමකි මේ.
 

සරත් රණසිංහ

කපුගොඩ, මාළිද

හැඩකාරයි

නොලැබෙන ආදරයක් පසුපස හඹා යන දඟකාර කටකාර පෙම්වතිය, මල් දෙවැටේ චාපා ලෙස මේනකා පීරිස් කරන රංගනය හරිම හැඩකාරයි.
 

කේෂානි ධර්මරත්න

මහවැව

අමරණීයයි

එක්දාස් නවසිය දහය වසරේ ඉන්දියාවේ බැංග්ලෝරයේ මෙලොව එළිය දුටු මොහොමඩ් ගවුස් මාස්ටර් 1930 වසරේදී සිරිලක් දෙරණට සපැමිණ ටීටර් නාට්‍ය කලාවට මෙන්ම ග්‍රැමෆෝන් ගීත නිර්මාණකරණයට සංගීතයෙන් සිය දායකත්වය ලබා දුන් එතුමා කොළොම්බියා, එච්. එම්. වී ගීත තැටි කලාව නගා සිටුවීමට පුරෝගාමී මෙහෙයක් සිදු කරමින් ඒ හරහා අමරදේව, බෙග්, ලතා යන ප්‍රවීණයින් තිදෙනාව ගායන ක්ෂේත්‍රයට හඳුන්වා දීමේ පූර්ණ ගෞරවය ද හිමි විය යුතු විශිෂ්ටතම සංගීත නිර්මාණකරුවකි. 1947 වසරේ ප්‍රථම වරට අශෝකමාලා චිත්‍රපටයටත් අනතුරුව සැඟවුණ පිළිතුර සහ එදා රෑ චිත්‍රපටයටත් සංගීතය නිර්මාණය කළ ගවුස් මාස්ටර් අතින් නිම වූ බෙග්, සුසිල් ප්‍රේමරත්න, රුක්මණී දේවි, සූරිය රාණි ගැයූ ප්‍රීති ප්‍රීති, කරුණා මුහුදේ නාමු, සනසනු මා මනහර ගීත ගයාලා ඇතුළු ගීත අපගෙ මතකයේ සදා රැඳී පවතියි. කිසිදු කෙනෙකුගේ කතාබහට ලක් නොවූ 43 වසරේ සංගීත දිවියේ සැරිසරා සමුගෙන ගිය මෙම සොඳුරුතම මිනිසා ගැන ආවර්ජනය මෙසේ නිම වුණත් ඔහු කළ මෙහෙය සදා අමරණීය වේ.
 

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

දූනගහ
බටහිර අධිකාරිමුල්ල

දස්කම්

ඉසිරභවය ටෙලි නාට්‍යයෙහි එන පැරැණි වලව්වක පරම්පරා ගණනාවක් තිස්සේ නිවැසියන්ට බැල මෙහෙවරකම් කරන මැහැළියකගේ චරිතය තුළින් සුසිලා කොට්ටගේ හොඳ ප්‍රතිභාවක් ගෙන හැරපායි. කදිම රංග රචනය ද ඊට නොදෙවනි වූ ගමන් විලාශය ද නිසා ඇයගේ දස්කම් මොනවට පැහැදිලි වෙයි. අනාගතයේදී ඔබ සම්මානනීය වන බව නම් රහසක් නැත.
 

ඩඩ්ලි ගෝමස්

මොරටුව

රන්ජන් රාමනායකට,

සිංහල සිනමාව රැක ගැනීමේ පරම පවිත්‍ර වූ චේතනාවෙන් ඔබ විසින් නිපද වූ චිත්‍රපට සියල්ලම එකසේ ජනපිය වූ බව කිව යුතුමයි. ඒ ඒ යුගයට ගැලපෙන සේ නිපද වූ චිත්‍රපට ගැන ද සැලකිල්ලක් දක්වමින් හොඳ කතා තේමාවකින් යුතු සටන් ගැයුම් වැයුම් සමඟින් නවක ශිල්පිනියන් ද සම්බන්ධ කරගෙන යළි ජනප්‍රිය යුගයේ චිත්‍රපටයක් නිපදවීමට පියවර ගන්න.
 

මිල්ටන් ප්‍රනාන්දු

මිනෙරෝ

උතුරු මූදුකටුව

දස වසරකි

උස් පහත් බේදයකින් තෙරව කාගෙත් හිත දිනා ගත් අපගේ අසහාය ගායක ගුණදාස කපුගේ ගායකයාණන් අපෙන් සමුගෙන මෙම වසරට දස වසරකි. ‘කම්පන’ ප්‍රසංගය ඔස්සේ සමාජයට විශාල මෙහෙවරක් කළ හෙතෙම නැති අඩුපාඩුව කියා නිම කළ නොහැක.
 

සරත් සේනාධීර

ජාඇල

හැසිරීම

රිදී තිරයෙත්, පුංචි තිරයෙත්, වේදිකාවේත් දක්ෂයෝ, සැබෑ ජීවිතයේදී හැසිරෙන්නේ පහත් අන්දමිනි. මෙය ඇත්තටම නොමනා ක්‍රියාවකි.
 

දීපිකා

කුරුණෑගල

සරසවියෙන් බලාපොරොත්තු වේ

ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ එක් එක් කාලයන් හි ජනප්‍රිය වූ චරිත කිහිපයක් ඔබ මතකයට යොමු කරමි. පළමුව හඳුන්වා දෙන්නේ නළුවෙකි. කඩුල්ල ටෙලි නාට්‍ය තුළින් මම ඔහු මුලින්ම දුටුවෙමි. පසුව ප්‍රසන්න විතානගේ මහතාගේ ඉර මැදියමෙහි ඔහු කැපී පෙනෙන චරිතයක් කළේය. ඔහු පීටර් අල්මේදාය. දෙවනුව මා පවසන්නේ තමාරා දිල්රුක්ෂි ගැනය. තෙවනුව සංදීපා සෙව්මිණිය. ඊළඟට රාජිත රොද්‍රිගෝය. මොවුන්ගේ රංගනයන් අඩංගු නිර්මාණයන් යළිත් දැක බලා ගැනීමට මම ඉතාම ආසාවෙන් පසු වෙමු. ඉදිරියේදී ඔවුන් ගැන ලිපි පෙළක් පළ කරන්න යැයි ‘සරසවිය’ තුළින් මා බලාපොරොත්තු වෙමි.
 

අජිත් ලක්මාල්

මීගමුව

ඉක්මන් සුවය

සුමින්ද සිරිසේන කලාකරුවා සුව වී නිවසට පැමිණ විවේකීව මේ දිනවල කාලය ගත කරයි. සම්පූර්ණ සුවයට පත්ව ඉක්මනින් නැවතත් කලා කටයුතුවලට යොමු වේවා යැයි මම පතමි.
 

නිමල් කුලසේකර

අඟුලාන

හිතන්න

එකම ක්ෂේත්‍රයේ අයව නඩු මගට බැසීමට තරම් ප්‍රශ්න දුරදිග නොයවා සාමකාමීව විසඳ ගන්නවා නම් කොතරම් හොඳද.
 

සුජාතා ගුණවර්ධන

කඩවත


මේ SMS ප්‍රතිචාර තීරයයි

සුරේන්ද්‍ර පෙරේරාගේ ‘තාමත් මුණ ගැහුණෙ නැති’ ගීතය ගොඩක් ජනප්‍රිය ඒක ඔහු හැගුම්බරව කියන නිසයි.
 

නිලුකා ප්‍රියදර්ශනී

නාත්තණ්ඩිය

ජෝති ගී ලොවට සදා ජීවමානයි.
 

අනුලාවතී

කුඩාගම

රිදී තිරයෙත් පුංචි තිරයේත් දඟකාර අහිංසක පෙම්වතා තමයි විශ්ව කොඩිකාර.

නිලුකා

කුඩාගම

චිත්‍රපට, ටෙලි නාට්‍ය කර්මාන්තය කඩාගෙන වැටිලා තියෙන්නේ එකම රාමුවකට කොටු වෙච්ච නිර්මාණ බිහිවීම නිසයි. මේ තත්ත්වයෙන් මිදෙන්න කිසිම අධ්‍යක්ෂවරයෙක් උත්සාහ නොගන්න එකයි පුදුමෙ.

හේමාල්

මාතර

තරුෂි පෙරේරා අක්කේ,

ඔබ හරිම චාම්.හරිම ලස්සනයි. රංගනය ද අනර්ඝයි.

අචිනි

හොරණ

හර්ෂණ බෙත්මගේ නව පරපුරේ ඉන්න මගේ ප්‍රියතම නළුවායි. එමෙන්ම දෙරණ රූපවාහිනියේ සිකුරාදා ‘දවල් හීන’ සංගීතමය වැඩසටහන ඔහු ඉතා අපූරුවට ඉදිරිපත් කරනවා.

සංජීවනී

මහනුවර

මා ගොඩක් ආදරය කරන නිළියයි දිල්හානි ඒකනායක. ඇයගේ ගතිගුණ, හැසිරීම, රූපය එදා වගේම අදත් එකම විදිහයි.

දිසානායක

පස්සර

චන්දික නානායක්කාර නැවතත් ජනප්‍රිය නළුවා වෙනවාමයි. ඔහුගේ රංගනය සුන්දරයි. හරිම නිහතමානී ගති ගුණ ඇති චන්දිකගේ ගමනට සුබ පතමි.

චන්දන

අම්බලන්ගොඩ

අනිත්‍යා චිත්‍රපටයේ මැණික් විජයවර්ධනගේ රංගනය සුපිරියි.

බුද්ධි

කහවත්ත

අභීත දියණි වගේ කතා තමයි අපට ඕනෑ.

තනුරි

මගලේගොඩ

යාය 4 ටෙලි සිතුවම කුතුහලය දනවන නැවුම් කතාවක්.

ඉසුරු

හැඳල

නවකයන් රැසකට කලා ලොවේ පාර පෙන් වූ තරු මංසල වැඩසටහන ආයෙත් පටන් ගන්න.

නාමල්

ගම්පහ

ගායිකා ඉන්ද්‍රාණි බෝගොඩ මහත්මියනි, ඔබ අපට තිළිණ කළ ගීත අතලොස්ස දිව්‍ය ඔසු වගේ.

වික්‍රම

මිද්දෙණිය

අටපට්ටමත් ශෝක්. ඒක ඉදිරිපත් කරන කෙනත් ශෝක්.

නදීරා චන්ද්‍රකාන්ති

ග ම්පහ.

මේ දවස්වල ඉතාම සංවේදී තේමා ගීතයක් ටෙලි නාට්‍යකින් අසන්නට ලැබුණා. ඒ මල් දෙවැට ටෙලි නාට්‍යයෙන්.

සසංක

දංකොටුව

රන්ජන් අයියේ, අනර්කලිත් එක්ක තරහ වෙන්න එපා.

ශානිකා

එඬේරමුල්ල

ඉඳුවරී ටෙලි සිතුවම හැඩකළ භාග්‍යා අක්කට,

අක්කේ ඔබ ඒ කතාවේ හරිම ලස්සනට රඟපෑවා. නැවතත් ඒ වගේ ලස්සන ටෙලි නාට්‍යයකින් අප අතරට එන්න.

මල්ශානි

නිවිතිගල

සහන් රංවල ගුරු පියාණනි,

හෙල ජන ගීය වෙනුවෙන් ඔබතුමන් කරන මෙහෙය අනුපමේයයි.

ශ්‍රීමල් රණතුංග

කෑගල්ල

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කලාකරුවා පෙර ගැයූ ගීත මීපැණි මෙන් රසවත්ය. නමුත් මෑත යුගයේ ඔහුගෙග් නව නිර්මාණ ශබ්ද රසයට පමණක් සිමාව තිබෙනු දක්නට හැකිය.

දමයන්ති කුමාරි

හොරණ