වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




රටවල් තුනක නාද රටා2 7 , 2 8 ගාලුමුවදොර පිටියේ

රටවල් තුනක නාද රටා2 27 , 28 ගාලුමුවදොර පිටියේ

සංගීත ලෝලී සැමට ආරාධනා-

මියුසික් ෆෙස්ටිවල් එහෙමත් නැත්නම් සංගීත ප්‍රසංග ලෝකයෙ සුලභව හමුවන දසුනක්.නමුත් මේ ප්‍රසංග සිරිය ලංකාවට ආගන්තුකවූවක්. මැත කාලයේ කලම්බො මියුසික් ෆෙස්ටිවල් ජැෆ්නා මියුසික් ෆෙස්ටිවල් හමුවන්නේ මේ සැණකෙළි සිරිය අපට ලංකරලමින්.

ඒ වටා රොක්වූ ජනතාව මේ සංගීත පිපාසාව පිළිබද කදිම නිදසුනක්. ලෝක සංගීතය මෙන්ම දේශීය සංගීතය අපට ගෙනෙන තවත් බහු සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත සංගීත ප්‍රසංගයක් මේ මස 27සහ28 ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.

ගැලිඕන් ජාත්‍යන්තර සංගීත ප්‍රසංගය- ලෝක සවාරිය 2013 ලෙස නම් කළ මෙම උළෙල පිළිබද ගැලිඕන් පෞද්ගලික ආයතනයේ උප සභාපති ගිහාන් කණිෂ්ක පෙරේරා මහතා සමග කළ සංවාදයකි මේ.

මුලින්ම මේ කටයුත්ත ගැන කතාකරමු.

නොමිලයේ නැරඹිය හැකි ප්‍රාසංගික සංගීත ප්‍රසංගය මේමස 27,28 දෙදින ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙනවා.

මේ ප්‍රාසංගික සංකල්පය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලාංකික සංගීත ලෝලී ජනතාවට සහ විදේශීකයන් සදහායි. මේ සදහා ශ්‍රී ලංකාවෙ,ඉතාලියෙ,ඉන්දියාවෙ සංගීත කණ්ඩායම් සහ සංස්කෘතික අංගයන් විදහාපාන නර්තන කණ්ඩායම් ද සහභාගි වෙනවා.

යුරෝපයේ සහ ශ්‍රී ලංකා වෙ වෙබ් අඩවි ඹස්සේ සජීවීව විකාශය කිරීමට අවශ්‍ය කටයුතු සලසා තිබෙන අතර ගාලුමුවදොර පිටියේ යෝධ තිර සවිකර නැරඹීමේ පහසුවද සලස්වා තිබෙණවා.මේ සදහා ආරක්ෂාව,සෞඛ්‍ය පහසුකම් සලසා තිබෙණවා.එන්න ඇවිත් රස විදින්න සංගීත ලෝලී සැමට ආරාධනා කරනවා.

සංගීත රාත්‍රිය වර්ණවත් කිරීම සදහා සහභාගි වන කණ්ඩායම් මොනවද?

චන්න උපුලි නර්තන කණ්ඩායම භාතිය සන්තුෂ් ඇතුළු කණ්ඩායම,සරිගම සංගීත කණ්ඩායම , බයිල කණ්ඩායම දෙරණ ඩ්‍රීම්ස්ටාර්ස් උදේශ් සහ උපේක්ඛා ශ්‍රී ලංකාවෙන් සහභාගි වෙනවා.අවිජිත් සමග බොලිවුඩ් නර්තන ශිල්පීන්,ද ඩුවෝ සංගීත කණ්ඩායම සහ කලාකරුවන් රැසක් ඉන්දියාවෙන් සහභාගි වෙනවා .

නියුමක්,ඩුවල් ඩ්‍රම්මර්ස්,රිප්සෙල්,රයිඩ්ඔන් සංගීත කණ්ඩායම් ඉතාලියෙන් සහභාගි වෙනවා.ශාස්ත්‍රීය,පොප්, හිපොප් ,මෙටල් ෆන්රොක්,හාඩ්රොක්,පෘකෂ්න් ස්ටයිල්,සොෆ්රොක්,ජෑස් ,ක්ලැසික් වැනි සංගීත ශෛලීන් එකම වේදිකාවකදී රසවිදිමට හැකිවීමේ දුර්ලභ අවස්ථාවක් අපේ සංගීත ලෝලිනට ලැබෙනවා.

ගැලිඕන් සමාගමෙන් මෙවැන්නක් ලංකාවෙ පැවැත්වීමේ අරමුණ කුමක්ද?

ප්‍රධානතම අරමුණ වෙන්නෙ හැමෝටම සතුටු වියහැකි ඉතාමත්ම හොද සංගීත රසාස්වාදයක් ලබාදීමයි.ඉතාලියෙ ව්‍යාපාරික ආයතන කිහිපයක් මේ සදහා අනුග්‍රහය දක්වනවා.මෙයින් ලැබෙන ලාභයෙන් සියයට 10ක් ඉතාලියේ පිහිටි පෝල් නියුමන් අලගයියා පදනමට පවරා දෙනවා.

මේ අයගෙ අරමුණ ලෝකයෙ පිළිකා රෝහල්වල සංවර්ධනය හා අනෙකුත් කටයුතු සදහා උදව් කිරීම.තුන්වෙනුව ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු අතර සම්බන්ධතා ගොඩනැගීම සහ විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන ඒම.

හතර වෙනුව ආධුනික කලාකරුවන්ට,වාදන,ගායනා,නර්තන ශිල්පීන්ට ඒ අයගේ දක්ෂතා ලෝකයට විදහා දැක්වීමට අවස්තාව සලසා දීම අප ආයතනයේ අරමුණු වේ.

ඉතාලියනු සමාගමකට අයත් ගැලිඕන් සමාගම ලංකාවේ පිහිටු වීමේ අරමුණ පැහැදිලි කළොත්?

ශ්‍රී ලාංකාවේ හා ඉතාලියේ පිහිටුවා ඇති ගැලිඕන් ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයේ සභාපති ධුරය දරණ්නේ ශ්‍රී ලාංකිකයකු වන ජෝජ් නියුමන් අලගයියා මහතායි.අපේ ආයතනයෙන් කෙරෙන්නේ සංගීත ප්‍රසංග සංවිධානය කිරීම.ලංකාවෙ රෝහලකට පිළිකා වාට්ටුවක් ඉදිකරදීම,අපේ රටට ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධිකරණය සදහා මැදිහත් කරුවකු ලෙස කටයුතු කිරීම අපේ අරමුණයී.