වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය -110

සමාවෙන්න

තිරගත වූ දිනය – 1981 දෙසැම්බර් 11

නිෂ්පාදනය - නසීර් හුසේන්

අධ්‍යක්ෂණය – මිල්ටන් ජයවර්ධන

කතාව, දෙබස්, තිර නාටකය - කේ. ඩී. නිකලස්

සහාය අධ්‍යක්ෂණය – බන්දුල පද්මකුමාර

කැමරා අධ්‍යක්ෂණය – මර්සලින් එස්. පෙරේරා

සංස්කරණය – කාලිංග ද සිල්වා

අංග රචනය - නිමල් රාජපක්ෂ

කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

රසායානාගාර පාලක – එස්. තිරනාවුකරසු

සැකසුම - සරසවි චිත්‍රාගාරය / විජය චිත්‍රාගාරය

නාමාවලිය – ජයසිරි සේමගේ

නිෂ්පාදන අධිකාරි – ගුණදාස හපුතැන්න

නිශ්චල ඡායාරූප – ජයන්ත සුමනදාස

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස් / අජන්තා රණසිංහ

ගීත -පාළු ප්‍රේම විජිතයේ - විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව

පෙම් කල්පනාවෝ - ටී. එම්. ජයරත්න / ලතා වල්පොල

ආත්ම ගණනක් ජීවිතයේ - මිල්ටන් මල්ලවආරච්චි

නළු නිළියන් – වසන්ති චතුරානි (නිමල්කා), ආනන්ද වික්‍රමගේ( කල්ප), ටෝනි රණසිංහ (රාජා) රීටා රත්නායක ( නිමල්කාගේ මව), ෆීලික්ස් ප්‍රේමවර්ධන (නිමල්කාගේ පියා), ශිරාණි නුගේරා (සුමී), සෝමසිරි දෙහිපිටිය, එඩී ජූනියර්, රූබි ද මෙල්, අනුර මැදගොඩ

ආරම්භක සිනමා ශාලා - එල්ෆින්ස්ටන් – මරදාන, ඉම්පලා - රාජගිරිය, ට්‍රියෝ - දෙහිවල, නැෂනල් - මහරගම, ගැමුණු - වත්තල, ටවර් - මොරටුව, නිව් මිනර්වා - කළුතර, වේල්ස් - මහනුවර, බ්‍රෝඩ්වේ – මාතර, සරසවි – ගාල්ල, සිත්තම්පලම් – අනුරාධපුරය, ජෝති – රත්නපුරය, මොඩර්න් – කුරුණෑගල, සාගර – හලාවත

සාරංගා

තිරගත වූ දිනය – 1981 දෙසැම්බර් 18

ඉදිරිපත් කිරීම – ක්‍රිස්ටෝපර් චිත්‍රපට

නිෂ්පාදනය - මෙල්වින් ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු, රමණී ක්‍රිස්ටා ප්‍රනාන්දු

අධ්‍යක්ෂණය – ගාමිණී හේවාවිතාරණ

කතාව, දෙබස් - සුගත් වටගෙදර

සහාය අධ්‍යක්ෂණය – අනුර ගම්ලත් / වසන්ත කුමාර කුලතුංග

කැමරාකරණය - නෝබට් රත්නසිරි

සංස්කරණය - එල්මෝ හැලිඩේ

අංග රචනය - හේමචන්ද්‍ර පෙරේරා සහාය කීර්ති පෙරේරා

කොණ්ඩා සැකසුම - සෑම් පෙරේරා

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න

ශබ්ද සහාය – ඩී. එච්. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, පාලිත වානගුරු

කැමරා සහාය- රෝහිත බටුගොඩ, එච්. ඇරපන්, පද්මසිරි පීරිස්, එන්. ඩී. නිමල්සිරි

රසායනාගාර පාලක – වී. සිවදාසන්

සැකසුම – විජය චිත්‍රාගාරය / සරසවි චිත්‍රාගාරය

නාමාවලිය - හේමචන්ද්‍ර පෙරේරා

නිෂ්පාදන කළමනාකරු - විමල් පෙරේරා

නිශ්චල ඡයාරූප - රෝහිත බටුගොඩ

ධාවන කාලය – පැය 2 දිග අඩි 11000

සංගීත අධ්‍යක්ෂණය - ස්ටැන්ලි පීරිස්

ගීීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ

ගීත - දෑසින් නාඬා ලොවට වසන් වී – ටී. එම්. ජයරත්න

ළිහිණින් පියඹා ආකාසේ - වික්ටර් රත්නායක, මායා දමයන්ති

(මෙම ගීතය චිත්‍රපටයට ඇතුළත්ව තිබුණේ නැත)

රඟපෑම් – ඩග්ලස් රණසිංහ, ශිරාණි නුගේරා, දයා අල්විස්, ජීවන් කුමාරතුංග, ග්‍රැන්විල් රුද්‍රිගු, අමෝජා වීරසිංහ, විමල් කුමාර් ද කොස්තා, ජයලත් මනෝරත්න, විශාඛා සිරිවර්ධන, සනත් ගුණතිලක, ලීනා ද සිල්වා, අනුෂී විජේගුණවර්ධන, හේමක ප්‍රදීප් ඩයස්, නිහාල් සිල්වා, මිහිර සිල්වා, නිව්ටන් දලුගොඩ, නිමල් රාජපක්ෂ, නිමල් කෝදාගොඩ, එල්සි රුද්‍රිගූ, ශ්‍යාමලී රේණුකා

සිනමා ශාලා - ක්‍රවුන් - මරදාන, මානෙල් - දෙමටගොඩ, නිව් මෙට්රෝ - නුගේගොඩ, ඕඩියන් – ගල්කිස්ස, හිමාලි - කිරිබත්ගොඩ, කිංග්ස් - මීගමුව, එමෙස් - මොරටුව, ජයමිණි – පානදුර, වෙම්බලි - මහනුවර, නිව් ඉම්පීරියල් – කුරුණෑගල, නිව් සිනමා - මාතර, චන්ද්‍රා - අවිස්සාවේල්ල, රීගල් - අම්බලන්ගොඩ, ඡායා - කෑගල්ල

චංචල රේඛා

තිරගත වූ දිනය – 1981 දෙසැම්බර් 18

ඉදිරිපත් කිරීම - සමරසිංහ චිත්‍රපට

නිෂ්පාදනය – පියසේන ද සිල්වා, සේන සමරසිංහ

අධ්‍යක්ෂණය - සේන සමරසිංහ

කතාව, දෙබස්, තිර රචනය - සෝමපාල ලීලානන්ද

සහාය අධ්‍යක්ෂණය – එච්. එම්. පී. ප්‍රනාන්දු, කුමාරදාස වාගිස්ට, රොඩ්නි විදානපතිරණ

කැමරාකරණය – ඩැනී ඩබ්ලිව්. පතිරණ

සංස්කරණය – ලාල් දිසානායක

අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජා

පසුතල සකස් කිරීම - එච්. කේ. අප්පුහාමි

සහාය සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්

සහාය කැමරා - එස්. එන්. ආස්මින්,

ජී. නන්දසේන, ආරියදාස විතානගේ

නිෂ්පාදන සංවිධායක - සරත් එම්. රණවක

ඇඳුම් නිර්මාණය - ලීලා සමරසිංහ

කාර්මික උපකරණ - සමරසිංහ චිත්‍රපට, සුමිත්ත එන්ටර්ප්‍රයිසස්, දිසානායක චිත්‍රපට

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, ඩොනල් අයිවන්, එල්රෝයි අල්මේදා

රසායනාගාර පාලක සහ පිටපත් මුද්‍රණය - ජෙරල්ඩ් ජයවර්ධන

සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

නාමාවලිය – හීනටිගල ප්‍රේමදාස

නිෂ්පාදන කළමනාකරු - සිරිල් අමරසිංහ

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත - ඉරේ එළිය නැත උණුසුම – මිල්ටන් මල්ලවආරච්චි – ගී පද - සෝමපාල ලීලානන්ද

හස කැලුම් උදාවේවා - නීලා වික්‍රමසිංහ – ගී පද – කුලරත්න ආරියවංශ

කීන දම් මිටක් අරන් ආවේ – මිල්ටන් මල්ලවආරච්චි, නීලා වික්‍රමසිංහ – ගී පද රචනය – අජන්තා රණසිංහ

මී අඹ අත්තේ කොහෝ - මිල්ටන් මල්ලවආරච්චි, නීලා වික්‍රමසිංහ – ගී පද රචනය – අජන්තා රණසිංහ

නළු නිළියන් – ගාමිණී ෆොන්සේකා, නදීකා ගුණසේකර, ෆරීනා ලායි, ස්වර්ණා මල්ලවආරච්චි, තලතා ගුණසේකර, රෙක්ස් කොඩිප්පිලි, සේනක පෙරේරා, විමල් කුමාර් ද කොස්තා, බන්දු සමරසිංහ, රිචාඩ් වීරක්කොඩි, නන්දා ජයමාන්න, නිමල් සිටුගේ, සිසිර කුමාරතුංග, ජී. ගුණවර්ධන

ආරම්භක සිනමා ශාලා - ලිඩෝ - බොරැල්ල, සෙයින්ස්තාන් – ග්‍රෑන්ඩ්පාස්, විජිත – රත්මලාන, ක්වින්ලන් – නුගේගොඩ, රීගල් - මීගමුව, පබ්ලික් හෝල් - ගම්පහ, අප්සරා - හෝමාගම, රීගල් - මහනුවර, නිව් ඉම්පීරියල් - පානදුර, රීගල් - අම්පාර, පර්ල් - හලාවත, ප්‍රින්ස් - ගාල්ල, නිව් ඉම්පීරියල් - රත්නපුරය, ජුපිටර් – කුරුණෑගල

‘සඳා’

ප්‍රදර්ශනය කළ දිනය – 1982 ජනවාරි 22

ඉදිරිපත් කිරීම - සූරීන් ෆිල්ම්ස්

නිෂ්පාදනය - සුසිල තිසේරා

අධ්‍යක්ෂණය - ස්ටැන්ලි පෙරේරා

කතාව, දෙබස්, තිර රචනය – ඒ. එම්. රත්නසිරි ද සිල්වා

නිෂ්පාදන සහාය – කාමන් ප්‍රනාන්දු, ගුණපාල වීරසේකර, කේ. ජයසිංහ, ලයනල් සපරමාදු, චන්ද්‍රසේන

සහාය අධ්‍යක්ෂණය – නීල් බී. පෙෙරේරා

කැමරාකරණය - ඩොනල්ඩ් කරුණාරත්න - සහාය – ජයනාත් ගුණවර්ධන

සංස්කරණය - සෙක්ස්ටස් අපොන්සු - සහාය – ගාමිණි ජයමාන්න

අංග රචනය - ඩෙරික් ප්‍රනාන්දු

කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය – ඩැනිස්ටර් පෙරේරා

කොණ්ඩා සැකසුම - සෑම් පෙරේරා

නැටුම් අධ්‍යක්ෂණය - රෝලන්ඩ් ප්‍රනාන්දු

නිශ්චල ඡායාරූප – ඊලියන් සේනානායක,

ජයනාත් ගුණවර්ධන, බන්දුල යාපා

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්

ශබ්ද සහාය - මෙන්ඩිස් වීරසිංහ,

ඒ. අයි. අමරසිංහ, ඇලෝසියස් රුද්‍රිගු

රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු

රසායනාගාර සහාය – පී. මුත්තුසාමි පිල්ලෙයි, එම්. රාමචන්ද්‍රන්, එච්. එම්. ප්‍රේමදාස, පීටර් රේමන්ඩ්ස්

සැකසුම – විජය චිත්‍රාගාරය

නිෂ්පාදන කළමනාකරු - චන්ද්‍රසේන අධිකාරි

කාර්මික උපකරණ සැපයීම – ඩී. එන්. එෆ්. සී / දිසානායක චිත්‍රපට / සුමිත්ත එන්ටර්ප්‍රයිසස්

පුපුරණ ද්‍රව්‍ය සැපයීම - ජොනි ඩී හුට්

ධාවන කාලය – පැය 2 දිග අඩි 10800

සංගීත අධ්‍යක්ෂණය – විශාරද ගුණදාස කපුගේ (ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය)

සංගීත අධ්‍යක්ෂණ සහාය – සේන වීරසේකර

ගීත ප්‍රබන්ධය – මහාචාර්ය සුනිල් ආරියරත්න, අධිනිතීඥ රංබණ්ඩා සෙනෙවිරත්න

ගීත – විලේ මුකුළු විල මතු පිට – නීලා වික්‍රමසිංහ, සුජාතා අත්තනායක, ප්‍රසාන්ති සිරිවර්ධන

එකම රටේ එක පොළොවේ – රෝහණ වීරසිංහ, ටී. ෂෙල්ටන් පෙරේරා, ලක්ෂ්මන් විජේසේකර, නිහාල් ජයවර්ධන, මර්වින් පෙරේරා

ගහෙන් ගහට ගතු කියමින් – ටී. එම්. ජයරත්න, අබේවර්ධන බාලසූරිය, කේ. ඩබ්. ලීලාරත්න, මර්වින් පෙරේරා

නළු නිළියන් – රවීන්ද්‍ර රන්දෙණිය (සෙනෙවිරත්න), සබීතා පෙරේරා (සඳා), රොබින් ප්‍රනාන්දු (සිල්වා බාස්), විමල් කුමාර් ද කොස්තා (නිමල්), සේනාධීර කුරුප්පු (අප්පුහාමි මුදලාලි), ලිලියන් එදිරිසිංහ ( සෙනෙවිරත්නගේ මව), ස්ටැන්ලි පෙරේරා (සඳාගේ පියා), ගර්ලි ගුණවර්ධන (සඳාගේ මව), පියදාස ගුණසේකර (බබාරාල), බන්දු මුණසිංහ (චිට්ටා), ලලිතා අල්මේදා (මලී), ලූෂන් ප්‍රනාන්දු (සෙනෙවිරත්නගේ පියා), ජයසේකර අපොන්සු, අනුර ප්‍රනාන්දු, වසන්ත රත්නායක, වික්ටර් කුරේරා, දොන් සිරිසේන, එම්. කේ. මල්ලිකා, ඒ. ජී. අබේපාල, මහේෂ් ජයසිංහ, නිහාල් ජයවර්ධන, ගුණපාල වීරසේකර, අශෝක සෙනෙවිරත්න, ක්ලොටිල්ඩා පතිරාජ, විනිප්‍රිඩා වර්ණකුලසූරිය, නිරෝශනි ප්‍රනාන්දු, රංජනි කොස්තා, රත්නසිරි ද සිල්වා, රණවීර බැද්දේගමගේ, ඊලියන් සේනානායක, කාමන් ප්‍රනාන්දු, ගුණපාල වීරසේකර, කේ. ජයසිංහ, හෙන්රි විජේරත්න, සෝමා මැදගොඩ, ඒ. ජී. ප්‍රේමාවතී

ප්‍රදර්ශනය – තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී

රිට්ස්, අශෝකා, රොක්සි, ලැවීනියා - නුගේගොඩ, මානෙල්– මොරටුව, රත්නාවලී – ජාඇල, ජයන්ත – ගම්පහ, නිව් ඉම්පීරියල් – අවිස්සාවේල්ල, සීගිරි – කටුගස්තොට, විජේන්ද්‍ර – අනුරාධපුරය, ක්වින්ස් - ගාල්ල, අනුර – අම්බලන්ගොඩ, නිව් සිනමා - කුරුණෑගල, ශ්‍රී ලංකා වෙන්නප්පුව, ශ්‍රීමහල් - කුලියාපිටිය