වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -103

සිංහල සිනමා විස්තරය -103

බැද්දේගම

තිරගත වූ දිය – 1981 පෙබරවාරි 20

සම නිෂ්පාදනය – පී. විල්ප්‍රඩ් පෙරේරා, සුමිත්‍රා පීරිස්

අධ්‍යක්ෂණය – ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

කතාව - ලෙනාඩ් වුල්ෆ්ගේ The Village in the Jungle නවකතාව ඇසුරිනි

තිර රචනය – ආචාර්ය ඒ. ජේ. ගුණවර්ධන

සහාය අධ්‍යක්ෂණය – වී. උපාලි පෙරේරා

කැමරා අධ්‍යක්ෂණය – විලී බ්ලේක්

සංස්කරණය - ග්ලැඩ්වින් ප්‍රනාන්දු - සහාය – චන්ද්‍රසිරි ගුණරත්න

අංග රචනය – ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය - ධර්මසේන හේමපාල - සහාය - ලයනල් ලියනගේ

දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න

ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි, මයිකල් සත්‍යනාදන්

රසායානාගාර කටයුතු - මූවී රසායනාගාරය / හොංකොං කලර් මූවී ලැබ්

කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා

නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

නිෂ්පාදක විධායක – රාජ් පෙරේරා

නිෂ්පාදන කෘත්‍යාධිකාරි - රෙක්ස් පෙරේරා

නිශ්චල ඡායාරූප - බෝධි විජේසිංහ

සංගීත අධ්‍යක්ෂණය - නිමල් මෙන්ඩිස්

සංගීත සංයෝජනය - සරත් ප්‍රනාන්දු

සංගීතය පටිගත කිරීම - සෙන්ට් ජෝන්

ගීත - මෙහි ගීත ඇතුළත් වූයේ නැත

නළු නිළියන් - ජෝ අබේවික්‍රම (සිනිඳු), විජය කුමාරණතුංග (බබුන්), හෙන්රි ජයසේන (ගම්මුලාදෑනියා), මාලිනී ෆොන්සේකා (පුංචි මැණිකා), ටෝනි රණසිංහ (ප්‍රනාන්දු), ආතර් සී. ක්ලාක් (දිසාපති), ඩී. ආර්. නානායක්කාර (වෙදරාල), ට්‍රිලීෂියා ගුණවර්ධන (කර්ලිනා), නදීකා ගුණසේකර (හින්නිහාමි), ඉන්දිරා අබේධීර, ඩේවිඩ් ධර්මකීර්ති, වින්සන්ට් වාස්, නවනන්දන විජේසිංහ, කේ. ඩී. විජේසේකර, සංජීව පීරිස්, අශෝක පීරිස්, ගීතා පෙරේරා, ස්ටැන්ලි ද සිල්වා, බන්දු සිල්වා, කේ. ඒ. ධර්මසේන, පී. ජී. පියදාස, දයානන්ද පොන්නම්පෙරුම, සන්ධ්‍යා සමරවීර

ප්‍රදර්ශනය – පස්වන මණ්ඩලය – ආරම්භක සිනමා ශාලා 12

මංගල දර්ශනය - මැජෙස්ටික් සිනමා ශලාවේදී රාජ්‍ය ඇමැති ආනන්ද තිස්ස ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙනි

සත්වෙනි දවස

තිරගත වූ දිනය –  1981 පෙබරවාරි 20

ඉදිරිපත් කිරීම – ජීවන්ති චිත්‍රපට

නිෂ්පාදනය – චන්ද්‍රා මුතුතන්ත්‍රී

අධ්‍යක්ෂණය, සංස්කරණය - හේමසිරි සෙල්ලප්පෙරුම

කතාව, දෙබස්, තිර රචනය - සෝමවීර සේනානායක (මෙය චිත්‍ර කතාවක් ලෙස ද සිළුමිණ පුවත්පතේ පළ විය)

සහාය අධ්‍යක්ෂණය – ආරියදාස විතාන, උපාලි පියරත්න

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගපූර්

කැමරා සහාය – ජී. නන්දසේන, ඇස්. ඇන්. අස්මින්, ආරියදාස විතාන

අංග රචනය – ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා සහාය -ප්‍රේමදාස හීනටිගල

කොණ්ඩා සැරසිලි - ලලිත් ධර්මවර්ධන

ඇඳුම් සැකසුම – ටී. දයාරත්න ප්‍රනාන්දු

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, ලයනල් ගුණරත්න

රසායනාගාර කටයුතු - ෆා ඊස්ට්

රසායනාගාරය – ජපානය

චිත්‍රාගාර පහසුකම් – විජය – ලංකා - සරසවි චිත්‍රාගාර

නිෂ්පාදන කළමනාකරණය - ජෝර්ජ් වීරසිංහ

නිෂ්පාදන කෘත්‍යාධිකාරී – ඩී. ලෙස්ලි ඊ. පීරිස්

නිෂ්පාදක විධායක – බී. හැරිසන් ඊ. පීරිස්

නිශ්චල ඡායාරූප – මාටින් පෙරේරා

නිෂ්පාදන කටයුතු සහාය - හේවගේ සහ පුත්‍රයෝ, රාජගිරිය

ශබ්ද සහාය – ඒ. සී. එම්. රියාස්, එච්. ඒ. ඒබ්‍රහම්, ඩබ්. පියසේන

විදුලි ආලෝකය – කරුණාදාස පතිරණ

විදුලි කාර්මික – ජී. සමරසිංහ

උපකරණ හා කාර්මික සේවා - සමරසිංහ චිත්‍රපට

පිටපත් මුද්‍රණය - හොංකොං කලර් මූවී ලැබ්

ධාවන කාලය – පැය 1 විනාඩි 26 දිග අඩි 10500

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, කුලරත්න ආරියවංශ, ප්‍රේමකීර්ති ද අල්විස්, ජී. එච්. කේ. රත්නසිරි

ගීත හා ගායන ශිල්පීන් - ඕං මහත්තැන් බලා සිටින්නා - එච්. ආර්. ජෝතිපාල මාමා බෝතුරු බෝදංගා - එච්. ආර්. ජෝතිපාල, ධනපාල උඩවත්ත කුමාරයෙක් ආවා - ටී. එම්. ජයරත්න, දමයන්ති ජයසූරිය ඉර හඳ සෙවණේ උරුම කියන්නට – ටී. එම්. ජයරත්න දුක් ගිනි දවටා - ටී. එම්. ජයරත්න මන්දාරම් වැහි සිතේ – ලතා වල්පොල පය පෑගෙනවා - ලතා වල්පොල චෝර චෝරනා බංගරුවා - ලතා වල්පොල

නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙණිය (ආරච්චිල මුත්තුසාමි), මාලිනී ෆොන්සේකා (අගටන්නා), සනත් ගුණතිලක (අල්පොන්සෝ), සෝනියා දිසානායක (වන්රක්කා), පියසේන අහංගම (ආනවත්තු), විමල් කුමාර් ද කොස්තා (බංඩාර), ටෙඩී විද්‍යාලංකාර (හනුමන්තා), රුවන් දනන්සූරිය (එරන්නා), කිංස්ලි දිසානායක, නිහාල් සිල්වා, ලැටීෂියා පීරිස්, සරත් විජේසිංහ, විල්සන් කරුණරත්න, ගුණරත්න හපුආරච්චි, ආරියදාස සෝමතිලක, ඩබ්. ඒ. නන්දපාල, මෝනිස් හේවාපුර

ආරම්භක ප්‍රදර්ශන ශාලා: ගාමිණී, ප්ලාසා, සමුද්‍ර – වත්තල ඇතුළු දෙවන මණ්ඩලයේ ශාලා 15

සයුරු තෙර

තිරගත වූ දිනය – 1981 මාර්තු 06

ඉදිරිපත් කිරීම – ගාමිණී චිත්‍රපට

නිෂ්පාදනය - සරස්වතී කේ. නායිදු

අධ්‍යක්ෂණය – නිමල් සිල්වා

කතාව - එස්. ඒ. කේ. නායිදු

දෙබස් - සී. ටී. පෙරේරා

තිර රචනය – ඇන්ටන් අල්විස්

සහාය අධ්‍යක්ෂණය - සී. ටී. පෙරේරා, එස්. ඒ. කේ. නායිදු

කැමරා අධ්‍යක්ෂණය – ප්‍රේමසිරි හෙට්ටිආරච්චි

කැමරා සහාය - කේ. ඒ. ධර්මසේන, ජී. ඒ. ජී. පෙරේරා, ඇන්ටනි සිල්වා

සංස්කරණය - සෙක්ස්ටස් අපොන්සු සහාය නිව්ටන් වීරසිංහ, උපාලි අමරතුංග

අංග රචනය – ඩබ්ලිව්. සෙල්වරාජ් සහාය ලාල් ඉස්මයිල්

කලා අධ්‍යක්ෂණය – ඇන්ටන් ගුරුසාමි

සටන් අධ්‍යක්ෂණය - ජෙරාඩ් ප්‍රනාන්දු

ශබ්ද පරිපාලනය – කේ. පී. කේ. බාලසිංහම්

සංගීතය පටිගත කිරීම - කේ. බාලසුබ්‍රමනියම්

සංගීතය පටිගත කිරීම සහාය - ශ්‍රී ලාල් වීරසිංහ, ආනන්ද අමරසිංහ, ඇලෝසියස් රුද්‍රිගු

රසායනාගාර කටයුතු – එස්. තිරුනාවුකරසු

රසායනාගාර සහාය – වී. සිවදාසන්, පී. මුත්තුසාමි, එච්. ඒ. ප්‍රේමදාස, එම්. රාමචන්ද්‍රන්, එන්. යෝගරාජා, රන්දෙනි ජයවර්ධන, ආර්. ජෝන්

නාමාවලිය - ඩෙනිස්ටන් පෙරේරා

නිෂ්පාදන කළමනාකරණය - නන්දසිරි ගල්කන්ද

කාර්මික සහාය - ජේ. එච්. ඒ. ප්‍රැන්සිස්, ඔස්ටින් මොරායස්, ඩබ්ලිව්. ඇල්බට්

නිෂ්පාදන සහාය – ගාමිණී විජේසිංහ, නෙවිල් පීරිස්, ප්‍රජාපාල ගුණවර්ධන, නලින් සිරිවර්ධන

ප්‍රධාන විදුලි කාර්මිත – බී. සෝමදාස පෙරේරා

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - එස්. පී. එම්. – කඳාන

සංගීත අධ්‍යක්ෂණය – වික්ටර් රත්නායක

ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්

ගීත හා ගායන ශිල්පීන් - මගේ ලේ බිඳ මා තුරුලේ - වික්ටර් රත්නායක

රුවල ඉරිතැලී ගියාදෝ - මිල්ටන් මල්ලවආරච්චි, ඉන්ද්‍රාණි පෙරේරා

කවි ගායනා - සුජාතා අත්තනායක

ඉර හඳෙහි හැප්පී – මර්වින් පෙරේරා, අබේවර්ධන බාලසූරිය

ප්‍රාර්ථනා හද ප්‍රාර්ථනා - වික්ටර් රත්නායක

ගීත තැටි - ජෙම්ටෝන්

ප්‍රදර්ශනය – ලිඩෝ, සෙයින්ස්තාන් ඇතුළු සිනමාහල්වල

නළු නිළියන් - ජෝ අබේවිත්‍රම (මාළු මුදලාලි), මාලිනී ෆොන්සේකා (ජොසලින්), ටෝනි රණසිංහ (ජෝශප්), විමල් කුමාර් ද කොස්තා (මයිකල්), ශාන්ති ලේඛා (කතිරිනා), ජයසේකර අපොන්සු (බෙන්ජා), පිටිපන සිල්වා (සකයා) සිසිර කුමාරතුංග (සිරිල්), නිර්මලා සේනානායක, ඒ. පී. කුලරත්න, අතුලසෝම ආටිගල, ගුණදාස දොලවත්ත, ප්‍රනීත් පීරිස්, ප්‍රගීත් පීරිස්, සුමුදු රණසිංහ, ඒ. ජයරත්න, වසන්ත විජේසිංහ, නෙලී ප්‍රනාන්දු, හේමා අයිරාංගනී, එච්. එච්. සලමන්, පද්මසිරි කුමාරසිංහ, නිමල්සිරි, රොජර් ප්‍රනාන්දු, කේ. ඒ. ධර්මසේන, ගාමිණී සරච්චන්ද්‍ර, බලදේව රාජපක්ෂ, ඩබ්ලිව්. ඇල්බට්, මයිකල් සේනාධීර, ජී. ඒ. රණතුංග

වාලම්පුරි

තිරගත වූ දිනය – 1981 මාර්තු 12

ඉදිරිපත් කිරීම – ප්‍රමේෂා චිත්‍රපට

නිෂ්පාදනය - සරත් ආර්. ප්‍රනාන්දු, නුවන්සිරි ද සිල්වා, සිරිසේන ප්‍රනාන්දු, එම්. ඇන්ටනි ප්‍රනාන්දු

අධ්‍යක්ෂණය – බර්මින් ලයිලි ප්‍රනාන්දු

කතාව - රොඩ්නි ජොන්ක්ලාස්ගේ නවකතාව ඇසුරිනි

තිර නාටකය සහ දිය යට රූපගත කිරීම් - රොඩ්නි ජොන්ක්ලාස්

සහාය අධ්‍යක්ෂණය – ප්‍රභාත් කුමාර

කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න

සංස්කරණය - සජිත රංගීත්

අංග රචනය - ශේෂා පලිහක්කාර

නැටුම් අධ්‍යක්ෂණය – වාසුගි සන්මුගම්පිල්ලේ

ශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යනාදන්

සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

නිෂ්පාදක විධායක - සරත් ආර්. ප්‍රනාන්දු

නිර්මාණකරණයෙහිලා සහාය – ඩබ්ලිව්. එම්. කේ. විජය බණ්ඩාර, ටිෂන් පෙරේරා, කමල් රංජිත්

ගීත පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය

සංගීත අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඩී. අමරදේව

ගීත සහ ගායන ශිල්පීන් - සුදු මුතු මාල පැලැන්දූ – විශාරද නන්දා මාලිනී, වික්ටර් රත්නායක – ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ වරෙල්ලා වරෙල්ලා - එච්. ආර්. ජෝතිපාල, අබේවර්ධන බාලසූරිය, නිහාල් නෙල්සන්, ඩබ්. ඩී. අමරදේව, ග්‍රේෂන් ආනන්ද, ලක්ෂ්මන් විජේසේකර - ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ

නළු නිළියන් – විජය කුමාරණතුංග (හීන් බංඩා), ගීතා කුමාරසිංහ (රාසම්මා), ටෝනි රණසිංහ (අරනෝලිස්), සොමී රත්නායක (ෂේවියර් මුදලාලි), වින්සන්ට් වාස් (කිමිදුම්කරු), හයසින්ත් විජේරත්න (මුතු මැණිකේ), සෝමසිරි දෙහිපිටිය, පියදාස විජේකෝන්, අනුර මැදගොඩ, සිරිල් ධර්මවර්ධන, නීල් ද මොරායස්, සරණපාල සූරිආරච්චි, විමල් හලංගොඩ, ප්‍රේමසිරි ගල්හේන, රංජිත් වීරප්පුලි, සුදත් රෝහණ, සිසිල් වර්ණපුර, රොඩ්නි ජොන්ක්ලාස්, රංජිත් රණසිංහ, දොන් ගයි, ලීනා රූපසේන, විල්සන් කරුණාරත්න, ගාමිණී බාලසූරිය, ප්‍රියලාල් මෙන්ඩිස්, එම්. වී. ඒ. පෙෙරේරා, බන්දු කස්ත්‍රිආරච්චි, මනෝජ් ප්‍රනාන්දු, නිෂාන්ත ප්‍රනාන්දු, සද්නා දිල්රුක්ෂි, ටෝනි ෂරීන්

ආරම්භක සිනමා ශාලා - ලිබර්ටි - කොල්ලුපිටිය, රිට්ස් - බොරැල්ල, අශෝකා / රොක්සි