වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර ක්ෂණිකව 0752805047 යන අංකයට එවිය හැකිය. ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය ඔබේ තැපැල් හෝ සටහන්පත් වෙනුවෙනි. ඉහත දුරකථන අංකය ප්‍රතිචාර කෙටි පණිවුඩ සඳහා පමණක් බැවින් ඉන් වෙනත් ඉල්ලීම් නොකරන මෙන් ඉල්ලා සිටිමු.
 

පතිරාජගේ පැමිණීම සතුටක්

ධර්මසේන පතිරාජයන් යළිත් සිනමාවට ප්‍රවිෂ්ට වූ වග ඇසීමත් සිත සතුටු කරවන කරුණක්. ඔහු වැනි සිනමාවට අත්‍යවශ්‍යම අධ්‍යක්ෂවරයකු ඉන් තරමක හෝ බැහැර වී සිටීම ඇත්තටම සිනමාව ආපස්සට තල්ලුවීමකි. පතිරාජයන්ගේ අධ්‍යක්ෂණයෙන් අපේ සිනමාවට දායාද කළ අහස් ගව්ව, බඹරු ඇවිත්, පාර දිගේ වැනි කලාත්මක සිතුවම් පට හෙළ සිනමාවේ සන්ධිස්ථානයක්ම විය. වානිජ සිනමාවේ අමරණීය සිහින කුමරු වන විජය කුමාරණතුංගයන්ගේ දක්ෂතාවලින් අග්‍ර ඵල නෙලා ගත්තේ ඔහුයි. වෙළෙඳ සිනමාවක් දෙසට වේගයෙන් ගමන් කරමින් සිටින අපේ සිනමාවට ඔබවන් කලාත්මක චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අත්‍යවශ්‍ය යුගයක යළිදු සිනමාවට ආ ඔබගේ දෙවැනි සිනමා ගමන සාර්ථකම වේවා.
 

කරු මන්දාවල

නාත්තණ්ඩිය

රිදී තිරයේ ‘ආදරය’ යන වචනයෙන් තැනූ චිත්‍රපට කිහිපයකි මේ. මෙය අප වෙත ලියා එවන ලද්දේ නිකවැරටිය හර්ෂනාථ බණ්ඩාර විසිනි.

ආදර කතාව
ආදර රත්නේ
අාදරණීය වස්සානය
ආදරේ හිතෙනවා දැක්කම
ආවා සොයා ආදරේ
ආදර ගීතය
ආදරවන්තයෝ
ඇගේ ආදර කතාව
ආදරෙයි මං ආදරෙයි
සුන්දරයි ආදරේ
ආදර හසුන
ආදරයයි කරුණාවයි
ආදරයක මහිම
සිනාසුනා ආදරයෙන්
ඔබටයි ප්‍රියේ ආදරේ
ආදර වීණා
තාත්ති මං ආදරෙයි
ආදරේ නාමයෙන්
අමරණීය ආදරේ
 

රන්ජන්ගේ රංගනය හොඳයි

සරල විනෝදාත්මක චරිතවලට පමණක් සීමා නොවී තම නිසඟ හැකියාව සුද්ධෝදන රජු ලෙස ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ නිරූපණය කිරීම රන්ජන් රාමනායක ලද භාග්‍යයකි.

චන්දන වන්නිආරච්චි

කී සිනමා - කොටුව

හොඳ නාට්‍ය පෙන්වන්න

රූපවාහිනී චැනල්වලින් පෙන්වන ටෙලි නාට්‍ය මුලින් හොඳට විකාශය වනවා. මැදවන කොට බාල වෙනවා. අවසානයේදී කිසිම තේරුමක් නැතිව අවසන් වනවා. ඇයි ඒ? පෙන්වනවා නම් හොඳට නාට්‍ය පෙන්වන්න. නැතිනම් ආවාට ගියාට පෙන්වන්න එපා.
 

සරත් සේනාධීර

ජාඇල
කළඑලිය

සෝමතිලක ජයමහගේ ගීත අර්ථාන්විතයි

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට, සුනිල් නුවන් යුග ආදී ගී ගැයූ සෝමතිලක ජයමහගේ ගීත ඉතාම මිහිරියි. ඒ බොහෝ ගීතවල පද රචනය සහ සංගීතය ද ඔබගේමයි. ඔබ දක්ෂ සංගීතඥයෙක්. මේ සම්මානනීය ආචාරය ඔබටයි.
 

සුමනා ධර්මවර්ධන

කටුවලමුල්ල

චන්දනගේ ප්‍රේම ගීත ඕනෑ

චන්දන ලියනඅරච්චි යුග දිවියට ඇතුළු වූ බැව් දැනගන්නට ලැබුණා. එනමුදු ඔහුගෙන් පෙර සේම ප්‍රේම ගීත අපි බලාපොරොත්තු වෙමු. ඔහු තරම් ප්‍රේම ගීත ගැයූ ගායකයකු මෑත කාලයේ මා දුටුවේ නැත.
 

හර්ෂණ දයාරත්න

කෙහෙල්ගමුව

මේ SMS ප්‍රතිචාර තීරයයි

පුබුදු ගමගේට,

අහිංසක සිනහවක් තිබෙන පුබුදු ගමගේ ඇත්තටම හොඳ රංගන ශිල්පියෙකි. දෙරණ සිටි ඔෆ් ඩාන්ස්් හි ඔහුගේ නර්ථන අංග හරිම ක්‍රියේටිව්.

අශෝක, වත්සලා, චන්දන
අම්බලන්තොට

මහේෂි මධුසංඛගේ රංගනය ඇතුළත් ඡායා ටෙලි සිතුවම අප නරඹන්නේ ඉතාම ආසාවෙනි.

විරාජි දුෂ්මන්ත
හලාවත

රොෂාන් රණවන අපි ගොඩක් ආදරය කරන නළුවෙකි.

හෙන්රි

මාකඳුර

ගුවන් විදුලි නිවේදක ගීපද රවක විපුල් ධර්මප්‍රිය ජයසේකරට,

ඔබ නිවේදනය අතරතුර ප්‍රචාරය කරන හැම ගීතයක්ම හරිම සුන්දරයි.

ජෙසිකා

මීගමුව

ශාලිකා එදිරිසිංහට ඕනෑම චරිතයක් රඟපෑමේ හැකියාව ඇත.

සෙව්වන්දි

වලස්මුල්ල

සංජීවනී වීරසිංහ ගායනයට වගේම රංගනයටද හපනියකි.

නිමල් කුලසේකර

අඟුලාන

පුංචි තිරයේ එකම තාරකාව තිසුරි යුවනිකා පමණයි.

තනුරි

මලෑගොඩ

අබේවර්ධන බාලසූරිය අප අතරින් වියෝ වී මෙම මස 27 දිනට වසර තුනක් ගත වුව ද ඔහු සදා අමරණීය ගායකයෙකි. නැවතත් ඔහු අප අතරම ඉපදේවා.

දමයන්ති කුමාරි

හොරණ

ස්වර්ණවාහිනියෙන් විකාශය කළ ‘යෙහෙළි’ වැඩසටහන අන්තර් ජාලයට එක් කරන්න යැයි ඉල්ලමි.

කලණි කුමාරි

කඩවත

සුජාත දියණිය නැවත විකාශය වනවා නම් හරිම අගෙයි.

ටනීෂා මිෂෙල්

කඩවත

කංචන කොඩිතුවක්කුට,

ඔබ හොඳ සංවේදී හදවතක් ඇති නියම කලාකරුවෙක් යැයි දැන් මා විශ්වාස කරමි. රණවිරුවන්ට කෘත්‍රීම පාද ලබා දී උතුම් පුණ්‍ය කර්මයක් කළ ඔබ කලා ක්ෂේත්‍රයට ආඩම්බරයකි. ආදර්ශයකි. ඔබේ සත්ක්‍රියාව ගැන සරසවියේ පළ වූ ලිපිය කිය වූ මගේ දෙනෙතට කඳුළු බිඳුවක් නැංවුණා නියම කලාකරුවකුගේ සංවේදිකම ඔබෙන් දුටු නිසා.

සමන් නයනානන්ද

යාගොඩමුල්ල

සරත් දසනායක තරම් චිත්‍රපට පසුබිම් සංගීතවේදියකු බිහි වූයේ ද නැත. බිහි වන්නේ ද නැත.

සමිත ප්‍රසන්න

එපිටවල

ප්‍රගීත් පෙරේරාගේ රෙගේ ඩෙනිම සිංදුව නියම ජැමෙයිකන් තාලයට කරලා තියනවා.

හරින්ද්‍ර ද ෆොන්සේකා

මුල්ලේරියාව

හිරු තනි වෙලා ටෙලි නාට්‍යය නිදි පෙත්තක්ද? මට නම් පෙනෙන්නේ හිරු මැලවිලා වගෙයි.

කමලා මදුරප්පෙරුම

නාවල

මනෝජ් රණතුංග ප්‍රමුඛ හොරයිසන් බෑන් එකට බොහෝ දුර යාමට ලැබෙයි.

නිශාන්ත

කොළඹ 03

පරාද වුණු සුපිරි තරු ඇතැමෙක් අනුන්ගේ ගීතවලින් ආලෝකය සපයා ගන්නට උත්සාහ කරයි. එය සැබවින්ම විහිළුවකි.

කළුපහන

මාදම්පෙ

කවීතා කාලෝචිත වැඩසටහනකි.

මානෙල්

සීතාඑළිය

හැත්තෑව අසූව දශකවල සංගීත ලෝකය නවතම මගකට ගෙන ගිය ක්ලැරන්ස් විජේවර්ධනයන් නව වත්මනහි ශිල්පීන් ඇදහිය යුතුය.

සරත් මද්දුම ආරච්චි

මතුගම

කස පුපුරන හඬ, සමනල රෑන වගේ වැනි ගීත ගැයූ මයිකල් පෙරේරා අද නිහඬව සිටිනු පෙනෙයි. ඒ ගැන දුකයි.

මිහිරි

හේකිත්ත

ලන්ද දිගේ හැංගි හොරා සිට මගේ දෑස ඔබේ කියා පවසා බිංදු බිංදු මල් වැස්සේ තෙමුණු නන්දා පතිරණ ගායනවේදියනි, ඔබටයි මේ වචන ඇමුණුම.

ගයාත්‍රී

පොල්ගස්ඕවිට

නොනවත්වාම රංගනයේ යෙදෙන්න නෙහාරා අක්කේ.

රංගාලි

කොස්ඉන්න

උදේ පාන්දරම ගුවන් විදුලි නාලිකා මඟින් විරහ ගීත ප්‍රචාරය කිරීම වහාම නවත්වන්න.

පියුමිකා

රත්නපුර

මං අහන්නේ ශෙහාන්ගේ ගීත පමණයි. කවදාවත් මට ඒවා එපා වන්නේ නැහැ.

නදීශා

අවිස්සාවේල්ල

ඔහුව අපට මතක් වන්නේ වෙසක් කාලයේදී හෝ පොහොය දිනක පමණි. එසේ වීම එක්තරා අතකින් කනගාටුවකි. නමුත් මොහිදීන් බෙග් නම් ඔහු මෙරට ජාතිය පවතිනා තුරා ජීවත් වනු ඇත.

සරත් මද්දුමආරච්චි

මතුගම