වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




‘ආගෝ’ සම්මානය ඉරානය රිදවීමටද?

‘ආගෝ’ සම්මානය ඉරානය රිදවීමටද?

පසුගියදා හොලිවුඩ්හි උත්සවාකාරයෙන් පැවැත්වුණු 85 වන ඇකඩමි සම්මාන උළෙලේදී වසරේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ‘ආගෝ’ චිත්‍රපටයයි. ප්‍රථම ස්ථානය සඳහා තරග වැදුන චිත්‍රපට අතර ලේ මිසරාබ්ලේ, ජැන්ගො අන්චේන්ජ්ඩ්, සිල්වලයිනින් නෝට් බුක් සහ ලින්කන් වැනි චිත්‍රපට ද ඉදිරියෙන්ම තිබිණ.

2007 වසරේදී සී. අයි. ඒ. ක්‍රියාකාරීන් වන ටෝනි මෙන්ඩස් සහ ජොෂුවා බර්මන් විසින් රචනා කරන ලද ‘ද මාස්ටර් ඔෆ් ඩිස්ගයිස්’ නම් කෘතිය ඇසුරින් සැකැසුන තිර නාටකයක් අනුව ජනප්‍රිය හොලිවුඩ් නළු බෙන් ඇෆ්ලෙක් විසින් ආගෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත.

1979 ඉරානයේ ටෙහෙරාන් හි සිිර වී සිටි ඇමෙරිකානු තානාපති කාර්යාලායේ ප්‍රාණ ඇපකරුවන් පිරිසක් ගලවා ගැනීමේ අසීරු මෙහෙයුම අලළා නිපැයුණු මෙම චිත්‍රපටයට පදනම් වන්නේ සත්‍ය කතා පුවතකි. 1981 දී ‘එස්කේප් ෆෙ‍්‍රාම් ඉරාන් - ද කැනේඩියන් කේපර්’ නමින් රූපවාහිනී චිත්‍රපටයක් ද ලැමන්ට් ජොන්සන් විසින් මෙම කතා පුවත පාදක කර ගනිමින් නිෂ්පාදනය කරන ලදී.

1979 නොවැම්බර් 4 දා තෙහෙරානයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට කඩා වැදුණු ඉරාන යුදකාමීන්ගේ ග්‍රහණයට මැදි වූ ප්‍රාණ ඇපකරුවන් අතුරින් ගැලවෙන නිලධාරීන් 6 දෙනෙක් කැනේඩියානු තානාපති කෙන් ටේලර් ගේ අරක්ෂාව යටතේ ඔහුගේ වාසස්ථානයේ සැඟ වී සිටියි. සිද්ධියෙන් අසීරුතාවට පත්වන ඇමෙරිකානු රාජ්‍ය අංශ ඔවුන් රහසිගතව ගලවා ගන්නා ක්‍රමවේදයන් ගැන අධ්‍යයනයක් සඳහා යොද වන්නේ ටෝනි මෙන්ඩස් නමැති සී. අයි. ඒ. ඔත්තුකරුවායි. ඉදිරිපත් වූ විවිධ යෝජනා සැලසුම් ප්‍රතික්ෂේප වෙද්දී අවසානයේ ඔහු තීරණය කරන්නේ කැනේඩියානු චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායමක් සේ වෙස් වලාගෙන ප්‍රාණ ඇපකරුවන් පිරිස බේරා ගෙන ආපසු අමෙරිකාවට පලා යාමටයි. දැඩි නීති රීති සහ ආරක්ෂක මුර කපොලුවලින් රිංගා උපක්‍රමශීලීව පලා යෑමේ අසීරු ව්‍යායාමයේ යෙදෙන මෙන්ඩස් ඇතුළු පිරිස මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම සිනමාත්මකව ප්‍රති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ‘ආගෝ’ චිත්‍රපටය තුළින් මනාව විදහා දැක්වෙයි.

ක්‍රිස් ටෙරියෝ විසින් රචනා කරන ලද ඉතා ප්‍රබල තිර නාටකයක් ඇසුරින් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ සම නිෂ්පාදනය හොලිවුඩ් නළු බෙන් ඇෆ්ලෙක් ගෙනි. ග්‍රාන්ට් හෙස්්ලොව් සහ ප්‍රවීණ නළු ජෝජ් ක්ලුනි අනෙකුත් ිනිෂ්පාදකවරු වෙති. අධ්‍යක්ෂණයට අමතරව සී අයි. ඒ. නියෝජිත මෙන්ඩස්ගේ චරිතයට පණ පොවන්නේ ද ඇෆ්ලෙක් විසිනි. ‘ස්ටාර් වෝස්’ වර්ගයේ විද්‍යාත්මක චිත්‍රපටයක් නිර්මාණය කිරීමට යන කැනේඩියානු නිෂ්පාදකවරයා වන ලෙස්්ටර් සීගල් ලෙස ඇලන් ආකින් රඟපායි. කැනේඩියානු තානාපති කෙන් ටේලර් ලෙස රඟපාන්නේ වික්ටර් ගාබර්ය. අධ්‍යක්ෂක ඇෆ්ලෙක් විසින් කැතී ස්ටැෆඩ්ගේ චරිතය සඳහා කේරි බිෂේ සහ චේම්බර්ස් ලෙස රඟන ජෝන් ගුඩ්මන් තෝරා ගන්නා ලද්දේ ‘රෙඩ් ස්්ටේට්’ චිත්‍රපටයේ ඔවුන් දැක් වූ රඟපෑම් සැලකිල්ලට ගනිමිනි. 2011 අගොස්තුවේදී මූලික රූගත කිරීම් ඇරැඹුණේ ලොස් ඇන්ජලිස්හි දීයි. අතිරේක රූගත කිරීම් වර්ජිනියා හි මැක්ලීන්, වොෂින්ටන් සහ ඉස්තාන්බුල්හි සිදු කෙරිණි. සත්‍ය සිදුවීමට අදාළ බොහෝ දර්ශන ඒඕඛ් -ඛ්ඕඉ නාලිකා අනුග්‍රහයෙන් චිත්‍රපටයේ සුවිශේෂ අවස්ථාවන් සඳහා යොදා ගෙන ඇත. හැත්තෑව සහ අසූව දශකයේ අතිශය ජනප්‍රිය වූ රෝලින් ස්ටෝන්ස් ගයන ‘ලිට්ල් ටී ඇන්ඩ් ඒ’, ඩයර්ස්ටේ‍්‍රට්ගේ ‘සල්ටන්ස් ඔෆ් ස්වින්ග්’, වැන් හෙලන් ගයන ‘ඩාන්ස් ද නයිට්’ සහ ලෙඩ් සෙප්ලින්ගේ ‘මෙන් ද ලෙවී බ්‍රේක්ස්’ යන ගීත ද චිත්‍රපටයේ පසුබිම් සංගීතයට ඇතුළත්ය.

2013 පෙබරවාරි 24 දා ‘ආගෝ’ චිත්‍රපටය වසරේ හොඳම චිත්‍රපටයට හිමි ඇකඩමි සම්මානය දිනාගත් බව ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ ජනාධිපති ආර්යාව වන මිෂෙල් ඔබාමා විසිනි. චිත්‍රපටය නැරැඹූ බොහෝ විචාරකයින්ගේ මතය වූයේ 2012 වසරේ ප්‍රදර්ශනය වූ චිත්‍රපට 11 න් හොඳම චිත්‍රපටය ‘ආගෝ’ බවයි. නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ස්ටීවන් හෝල්ඩන් කියා සිටියේ ‘ආගෝ’ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය හරහා බෙන් ඇෆ්ලෙක් දැක් වූ කුසලතාවය හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂක ලැයිස්තුවේ මුදුන් හිනි පෙත්තටම ඔහු ඔසවා තැබූ බවයි.

වසරේ හොඳම චිත්‍රපටය ලෙස දිනාගත් ඇකඩමි සම්මානයට අමතරව ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයෙන් ද පිදුම් ලද්දේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙනුයි. 19 වැනි ‘ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ්’ සම්මාන උළෙලේ හොඳම සහාය නළුවා ලෙස ඇලන් ආකින් නිිර්දේශිත නාම අතරට එක් වූ අතර 66 වැනි බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම සංස්කරණය සහ අධ්‍යක්ෂණයට හිමි සම්මාන ද දිනා ගත්තේ ආගෝ චිත්‍රපටයයි.

2013 පෙබරවාරි 25 දා වන විට චිත්‍රපටය අමෙරිකාවේ සහ කැනඩාවේ ප්‍රදර්ශනයෙන් උපයා ඇති බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් 129,879,806 ක් වන අතර ලෝ පුරා ප්‍රදර්ශනයෙන් ලත් ආදායම ඩොලර් 206,979,806 කි.

අනිවාර්යයෙන්ම නැරැඹිය යුතු වර්ගයේ චිත්‍රපටයක් ලෙස අවිවාදයෙන් නිර්දේශ කළ හැකි ‘ආගෝ’ චිත්‍රපටය දැන් ච්ඍච් සහ ඕඹ්උඡ්-අඒක පිටපත් වශයෙන්ද වෙළදපොළට නිකුත් වී ඇත. එහෙත් ආගෝ චිත්‍රපටය සඳහා සම්මාන ලබා දුන්නේ අමෙරිකාව සමඟ එකටෙක කරන්නට කිසිවිටෙකත් නොපැකිළෙන ඉරානයට එමඟින් කොනිත්තන්නට යැයි ඇතැම්හු මත පළ කරති. අමෙරිකානු සිනමා ඇකඩමියේ සාමාජිකයන්ගේ ඡන්ද අමෙරිකානු පාලකයින්ගේ අදහස්වලට ගැළපෙන පරිදි සිදු වීම අසාමාන්‍ය නැත. පසුගිය වසරේ හොඳම විදේශ භාෂා චිත්‍රපටයට හිමි සම්මානය ඉරානයේ ‘අ සෙපරේෂන්’ චිත්‍රපටයට ලබා දුන්නේ එබැවින් බැව් ප්‍රසිද්ධ කරුණකි.