වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට ජනපති අතින් ලැප්ටොප් සහ ණය සහන

කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට ජනපති අතින් ලැප්ටොප් සහ ණය සහන

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කලාකරුවන් සහ ලේඛකයින් හට සහනදායි මෝටර් රථ ණය යෝජනා ක්‍රමයේ සමාරම්භය සහ ඔවුන්ට ලැප්ටොප් පරිඝනකයන් ලබාදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණ.

එම ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් රැසක් ජනාධිපතිවරයා අතින් ලැප්ටොප් පරිගණක සහ ණය සහන පහසුකම් ලබා ගත්හ.

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, නිළි රැජන මාලිනී ෆොන්සේකා, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආරියරත්න ඇතුගල යන මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.