වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




FeedBack

ඔබේ ප්‍රතිචාර - ප්‍රතිචාර - Feedback සරසවිය ලේක්හවුස් කොළඹ 10. SMS මඟින් 0752805047 ඔබ අසන, විඳින නිර්මාණ ගැනයි මේ.
 

ආදරය ඉතිරූ ජෝතිත් විරහ වේදනාවෙන් බැට කෑ මිල්ටනුත් සදා අනුස්මරණීයයි

හැට හැත්තෑව දශකයේ ජෝතිපාලයන් හා සමානවම ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටිය ගායකයකි ජේ. ඒ. මිල්ටන් පෙරේරා. ජෝති ආදරය උතුරා හැලෙන ගීත ගායනා කරද්දී ආදරයේ විරහ වේදනාව වෙනුවෙන් ගී ගැයුවේ මිල්ටන්ය. ඇත්තටම ඔහුට උපතින්ම උරුම වී තිබුණේ පරාජිත ආදරයට මුසු වූ කඳුළුබර කට හඬකි. එදා පරාජිත පෙම්වතුන්ගේ ආදර හසුන්වල ගැබ් වූයේ ඔහුගේ ගී පදය. ඔහු මෙන් හඬා වැළපෙන පෙම්වතුන් සනසන ගායකයකුª මතුවට බිහි වේ දෝ යැයි සැකයකි. ඔහුව අනුස්මරණය කිරීම අප කාගේත් යුතුකමකි.

කරු මන්දාවල - නාත්තන්ඩිය


ධවල භීෂණ ගෙනා ධර්මසිරි බණ්ඩාරනායකට

ධවල භීෂණ නැවතත් වේදිකාවට ගෙනා ධර්මසිරි බණ්ඩාරනායක මහතාට මාගේ ප්‍රණාමය.

දයාරත්න ගනේගොඩ

කැලණිය


මෛත්‍රීපාල නාමය අමරණීයයි

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක ගීත රචක ලලිත් එස්. මෛත්‍රීපාලගේ නාමය අමරණීයයි.

වියාණි ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

වෙන්නප්පුව

පල්ලිය පාර


 

අනෝජා වීරසිංහ රංගවේදිනියට

රංගනයෙන් ලොව ජය ගත් අනෝජා වීරසිංහ නම් ප්‍රතිභාපූර්ණ රංගනවේදිනිය අද වන විට ජීවිතය දෙස සුභවාදීව බලන්නීය. උසස් රංගන පාසලක අධ්‍යාපනය ලද ඔබ විවිධ දුෂ්කරතා මැද ඒ දැනුම තරුණ පරපුරට ලබා දෙන්නේ ඉතාමත් බැති සිතිනි. තමා සතු පෞරුෂය සමාජය තුළ නිවැරැදි ලෙස පතුරුවාලන ඔබ වැනි කලා ශිල්පිණියන් අප හට දුර්ලභය. ජීවිතය යනු බාහිර සැරසිල්ලක් නොවන බව ඔබ අපට පසක් කරන්නීය.

මංජුල පෙරේරා - බැන්කඩ පාර- පහළ කටුනේරිය


සබීතා - උපාලි ඔබ දෙපොළගේ පරිත්‍යාගය අති ශ්‍රේෂ්ඨයි

මෙවර පහේ ශිෂ්‍ය්‍යත්ව විභාගයෙන් වැඩි ලකුණු ගෙන සමත් වූ දිළිඳු සිසුවියකට අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුදල් සහ පරිඝණකයක් නිර්ලෝභීව පිරිනැමූ සබීතා පෙරේරා යුවළට රසික අපේ උත්තමාචාරය පිරිනමමු. විශාල ලෙස මුදල් උපයන මසුරු ලෙසින් මුදල් පොදි ගසමින් ජීවත් වන මසුරු මිනිසුන්ට ඔබ දෙපොළ මහත් ආදර්ශයකි.

ගාමා ගාමිණී සුබසිංහ - සකුරා හවුස්, හබරාදූව

මේ සබීතාට එවූ තවත් ප්‍රතිචාරයකි.

සිංහල සිනමාවේ දයාබර හදවතක් ඇත්තා වූ ඔබ කළ මෙහෙවරක් පසුගිය සරසවියකින් අප නෙත ගැටුණා. සබීතා - උපාලි ඔබ දෙපොළට කොහොම තුති පුදන්නද මන්දා.

සරත් සේනාධීර - ජාඇල, කලඑළිය, පාතිමා මාවත


මුතු වරුසා හි සෑම රංගනයක්ම අපූරුයි

මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ ජනප්‍රියම ටෙලි නිර්මාණය වන ‘මුතු වරුසා’ හී රඟන සියලුම ශිල්පීන් තමන්ගේ කාර්යභාරය හොඳින් ඉටු කොට ඇත.

එය නිෂ්පාදනය කළ රංගන ශිල්පී අමිල අබේසේකරව මම අගය කරමි.

සුනන්ද කුමාර-

ඇන්ටනි රංජිත්,දංකොටුව


දෙරණ ප්‍රජා සත්කාර කළා නම් . . .

දෙරණ ටී. වී. හත්වැනි සංවත්සරය වෙනුවෙන් පැය 24 ක සංගීතයක් කළාට වඩා අසරණ අයට ප්‍රජා සත්කාරයෙක් කළා නම් හොඳයි.

එම්. ඩී. විල්ප්‍රඩ්- මීගමුව


මැකෝ දිනූ හිරු එෆ්. එම්. සේවයට

දෙදහස් දොළහ අන්තර් ජාතික මැකෝ සම්මානය ලබාගෙන සියලුම ගුවන් විදුලි නාලිකා අභිබවමින් වසරේ ජනප්‍රියතම නාලිකාව බවට පත් වූ හිරු එෆ්. එම්. සේවයට සහ එහි අරවින්ද අයියා, සුදේව අයියා, බුද්ධික ප්‍රසාද්, කෙවින්, නිදර්ශි, රංග, මහේෂ් ලක්මාල්, ධනුෂ්ක, ඉරේෂා, සමීර ඇතුළු හිරු ටීම් එකේ හැමෝටම ජයෙන් ජය! තවත් දිගු ගමනක් යාමට ආසිරි පැතුම්!

ලක්මාලි - වරකාපොළ


කෙටි පණිවුඩ ප්‍රතිචාර

ටෙනිසන් කුරේගේ රංගනය අති විශිෂ්ටයි. මෑත කාලයේ ඔහු තරම් හාස්‍යයෙන් හපන්කම් පෑ නළුවකු මම දැක නැත.

චාරිකා රත්මලාන

උදයන්ති කුලතුංගට

ඔබ රඟපාන හැම චිත්‍රපටයක්ම ටෙලි නාට්‍යක්ම මම නරඹනවා. ඒවාහි ඔබ රඟපාන ශෛලීන් එකිනෙකට වෙනස්.

ජෝ ගෝමස්

නිහතමානි බවේ පරතෙර ඉක්ම වූ මධුර හඬින් රටක් වසඟ කළ ජාතික තරුණ සේවා සභාව තුළින් බිහි වී අදත් හෙළ ගී අඹර දිදුලන තරුවකි විජය බණ්ඩාර වැලිතුඩුව.

චතුරංග සම්පත්

තැන්නැන

සෙනසුරු මාරුවහි චන්න පෙරේරා සංවේදීව රඟපායි.

ඉසුරු රංගන - හැඳල

ස්වාධීන රූපවාහිනී නාලිතාවේ සෙනසුරුදාවේ විකාශය වන ඩේන්ටී රස පැන අපිව අතීතයට ගෙන යයි.

චම්පිකා - ගාල්ල

ශෙහාන් මිහිරංග නව පරපුරහි කැපී පෙනෙන චරිතයකි.

තරුෂි - බණ්ඩාරගම

විශාරද මනෝජ් පීරිස් හට ඔහු පතන විදිහේ සුදුසු සහකාරියක හමු වී ඉක්මනට විවාහ වන්න ලැබේවා.

කාන්ති - ගංගොඩවිල

ගාමිණී ෆොන්සේකා යනු සිංහල සිනමාවෙහි නළු රජෙකි.

සිරිසේන - කළුතර

චන්දන සූරියබණ්ඩාර ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති වැඩසටහන මෙහෙය වන අන්දම අනර්ඝයි.

රවී වසන්ත - මීටියාගොඩ

ඔයා නිසා හඬලා රොෂාන් ගයන අන්දම හරිම හැඟුම්බරයි.

රුක්ශාන් - කලවැල්ලව

තිසුරි යුවනිකා තමයි වර්තමානයේ මං දැකපු ලස්සනම නිළිය.

විලාශිනී- කුරුණෑගල

ගයාන් වික්‍රමතිලක දුෂ්ඨ චරිත මෙන්ම ප්‍රේමවන්ත චරිතවලට ද මනා සාධාරණයක් ඉටු කරයි.

නිර්මාණි - ආඬිඅම්බලම

මැණික් කුරුකුලසූරිය යළිත් සිනමාවට එනවා නම් හරිම අගෙයි.

හර්ෂනාථ - නිකවැරටිය

උමයංගනා වික්‍රමසිංහ හරිම අහිංසක පාටයි.

හංසි ඉමාෂා - කරස්නාගල

පර්පල් රේන්ජ් ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායමයි.

ශාලිකා - දෙහිඕවිට

මාලිනි බුලත්සිංහල අප අතරින් වියෝ වී දොළොස් වසරකි. ඇය ගැයූ ගී අප අදත් රස විඳිමු.

නාමල් - පේරාදෙණිය