වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




පූනම් උපන් ඇඳුමින්

පූනම් උපන් ඇඳුමින්

ලෝක කුසලානය ඉන්දියාව දිනා ගත්තොත් උපන් ඇඳුමින්ම දිව යන බව පැවසූ පූනම් පාණ්ඩේ වෙබ් අඩෙවිවලට එවන් ඡායාරූප යවා භාරත දේශය පුරා මහා කුණාටුවක් ඇති කළේය.

දැන් ඇය සූදානම් වන්නේ තිරයේ පෙරැළියක් කරන්නයි. ඇය සිය මංගල බොලිවුඩ් රංගනයට සූදානම්ය. ‘වැඩිහිටියන්ට පමණයි’ යන ලේබලය ඇලැවුණු මේ සිනමාපටයේ ද ලෝක කුසලාන ඔට්ටුවට ගැළැපෙන විදියට රඟපෑ හැකි ජවනිකා ඇති බව කියැවෙයි.

පූනම් බොලිවුඩ් රංගනයට පිවීසිම ගැන ඇයගේ පවුලේ සාමාජිකයන් සිටින්නේ සතුටිනි.

අයිශ් යළි එයි

නවක තරු දිනෙන් දින පායන ගුවන් ගැබක මවු පදවිය නිසා ඈත් වූ තරු ඈතට පාවී යාම සොබා දහමේ නීතියයි. එහෙත් දැන් නම් සිදු වී ඇත්තේ නවක තරු ‘යළි පායන තරු’ නිසා උපන් තැනම මිය යාමටද?

මේ මවු පදවිය ලැබූ නිසා සිනමාවෙන් ඈත් වූ තරු යළි සපැමිණෙන යුගයකි. ඒ තරු අතරින් මෑතකදීම ඈත් වූ තරුවක් වන්නේ බච්චන් ලේලි, අයිශ්වර්යා රායි ය. ඇය අවසන් වරට රඟපෑවේ 2010 දී සංජේ ලීලා බන්සාලිගේ ’ගුසාරිෂ්’ සිනමාපටයේය.

දැන් ආරධ්‍යා දියණිය තරමක් උස් මහත් නිසා අයිශ්වර්යා යළි රංගනයට පිවිසීමට කැමැත්තෙන් සිටින බව කිහිප වරක්ම මාධ්‍යයට පවසා තිබේ. අලුත්ම ආරංචිවලට අනුව අයිශ්වර්යාට ළඟදීම කොයි කාගේත් හිත ගිය සිනමාපටයක රඟන්නට ලැබෙන පාටය.

කරන් ජොහාර් අසූවේ දශකයේ ජනප්‍රියම සිනමාපටයක් වූ ‘බෙමිසල්’ යළි නිර්මාණය කිරීමට සූදානමින් සිටින බවට රාවයක් ඇත. ‘බෙමිසල්’ හී රැඟූ තරු වූයේ විනෝද් මේරා, රාඛී සහ අමිතාබ් බච්චන්ය. ‘ඈෂ්’ රාඛී රැගූ චරිතයට තෝරා ගෙන තිබේ.

ඓශ්වර්යා මීට පෙර කරන් ජොහාර්ගේ සිනමාපටයක රඟපා නැත. ඇය ‘බෙමිසල්’ හී ප්‍රධාන තාරකාව වුවහොත් කරන්ගේ සිනමාපටයක ඈෂ් රඟන පළමු අවස්ථාව ද එය වනු ඇත.

ජෝන් ඒබ්‍රහම් යාපනයට

ඉන්දියාව අපේ අසල්වැසි දේශයයි. මේ නිසාම එරට කලාකරුවන්ගේ දෑස් රූගත කිරීම්වලට වාගේම, අපේ රටේ ගැටලු පිළිබඳව ද අවධානය යොමුවීම වළක්වන්න නොහැකිය.

නිෂ්පාදකයකු වී සිටින නළු, ජෝන් ඒබ්‍රහම් මලයාලම් සුපිරි තරුව මෝහන්ලාල් යොදාගෙන ‘ජැෆ්නා’ නමින් මලයාලම් සිනමාපටයක් නිපදවීමට බලාපොරොත්තු වේ.

‘විකී ඩෝනර්’ සිනමාපටයෙන් සිනමා නිෂ්පාදනයට පිවිසි ජෝන්ට දැන් නළුකමටත් වඩා නිෂ්පාදනය රස වැටී වාගේය.

අනාගතයේදී අධ්‍යක්ෂණයට පිවිසීමට ද ජෝන් බලාපොරොත්තුවෙන් සිටියි.